ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදි තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි. මෙවර කාන්තා දිනයේ තේමාව වන්නේ “ඇයට ශක්තිය - දැයට ප්‍රගතිය” යන්නයි. ජාත්‍යන්තර කාන්තා දිනයේදී, අප අවධානය යොමු කරන්නේ කාන්තාවන්ට අසමාන ලෙස බලපාන අන්තර්ජාලය හරහා සිදුකෙරෙන අසත්‍ය තොරතුරු සහ දුස් තොරතුරු පිළිබඳ ගැටලුව සම්බන්ධයෙනි. 

ස්ත්‍රී පුරුෂභාවය මත සිදු කෙරෙන අසත්‍ය තොරතුරු යනු කුමක්ද?

ස්ත්‍රී පුරුෂ සමාජභාවී අසත්‍ය තොරතුරු යන්නෙන් අදහස් කරන්නේ ඔවුන්ගේ ලිංග අනන්‍යතාවය මත පදනම්ව පුද්ගලයන් හෝ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් අසත්‍ය හෝ නොමඟ යවන තොරතුරු පැතිරවීමයි.

මෙහිදී විශේෂයෙන්ම ඔවුන්ගේ ලිංග අනන්‍යතාවය මත දේශපාලන නායකයන්, මාධ්‍යවේදීන් සහ පොදු පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් ව්‍යාජ හෝ නොමඟ යවන තොරතුරු පැතිරීම සිදු කරයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවී සාවද්‍ය තොරතුරු සඳහා උදාහරණ ලෙස ස්ත්‍රියකගේ චරිතය පිළිබඳ ව්‍යාජ කටකතා, උපහාසයට හා හාස්‍යට ලක් කිරීම සඳහා මීම්ස් කාන්තාවන්ගේ සංස්කරණය කළ රූප හෝ වීඩියෝ මීට ඇතුළත් වේ.

https://www.youtube.com/watch?v=aVXUEXLoWtE

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මත සිදු කරන අසත්‍ය තොරතුරු වල බලපෑම

මෑත වසරවලදී, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අපයෝජනය සහ වැරදි තොරතුරු සම්බන්ධයෙන් සමාජයේ කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ වැරදි තොරතුරු ගෝලීය වශයෙන් කාන්තාවන් ඉලක්ක කෙරෙන පුළුල් ගැටලුවකි. ලිංගිකත්වය සහ ස්ත්‍රී ද්‍රෝහීත්වය සබැඳි අසත්‍යය තොරතුරු හේතුවෙන් කාන්තාවන්ගේ කීර්ති නාමයට කැළලක් පමණක් නොව ඔවුන්ගේ විශ්වාසනීයත්වය ද හෑල්ලූ කිරීම ට ලක් කෙරේ. ඔවුන්ගේ වෘත්තීය ජීවිතයට බලපෑම් මෙමගින් සිදු වන අතර දේශපාලනයේ යෙදෙන කාන්තාවන් හෝ ප්‍රමුඛ පෙළේ දේශපාලනයේ නියැලෙන කාන්තාවන් විශේෂයෙන් මෙහිදී අවදානමට ලක් වනවා. බැංකොක් පෝස්ට් ලිපියක ඉදිරිපත් කර ඇති පරිදි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ වැරදි තොරතුරු මගින් ඉලක්ක කරන ලද කාන්තා දේශපාලන චරිත පිළිබඳ උදාහරණ පහතින්:

  1. යුක්රේනයේ ජනාධිපති ආර්යාව Olena Zelenska බවට සඳහන් අසත්‍ය ඡායාරූපයක් සංසරණය වූ අතර පසු ව අනාවරණය වූයේ එම ඡායාරූපයේ සිටින්නේ රුසියානු රූපවාහිනී නිවේදිකාවක් බවයි.
  2. Michelle Obama සහ Brigitte Macron ඉලක්ක කරගත් අසත්‍ය ඔන්ලයින් පෝස්ට් ඔවුන් පිරිමින් ලෙස ඉපදී ඇති බව පවසමින් උපහාසයට ලක් කර තිබුණා.
  3. නවසීලන්තයේ Jacinda Ardern ද ඇගේ ලිංගිකත්වය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු වලට මුහුණ දුන්නාය.
  4. ජර්මනියේ විදේශ අමාත්‍යවරිය Annalena Baerbock චාන්සලර් තනතුර සඳහා ඇය ඉදිරිපත් වූ කාලය තුළ නැවත නැවතත් අසත්‍ය තොරතුරු ප්‍රචාරණ ව්‍යාපාරවලට මුහුණ දුන්නා.

මෙම සාවද්‍ය තොරතුරු මගින් කාන්තාවන් දේශපාලන වෘත්තීයට පිවිසීමට අධෛර්යමත් කරන අතර හානිකර අයුරින් යම්කිසි රාමුවකට කොටු වීමට ඉඩ සලසයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසත්‍ය තොරතුරු හඳුනාගෙන ඒවාට එරෙහිව සටන් කිරීම කාන්තා අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සහ සාධාරණ සහ දැනුවත් මහජන කතිකාව ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත් වේ.

අන්තර්ජාලය හරහා ලිංගභේදය ප්‍රධාන කොට ප්‍රචාරය වන දුස් තොරතුරු වලට එරෙහි ව කටයුතු කිරීම

යුනෙස්කෝව මෑතකදී අන්තර්ජාලය හරහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ප්‍රචාරය කෙරෙන අසත්‍ය තොරතුරු පිළිබඳ ගෝලීය සංවාදයක් පවත්වනු ලැබී ය.  එහි ඉලක්කය වූයේ කාන්තාවන් ඉලක්ක කරගත් සාවද්‍ය තොරතුරුවලට එරෙහිව ඵලදායී උපාය මාර්ග සකස් කිරීමයි.

https://www.youtube.com/watch?v=paUNLxKanr0

සාධාරණ ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීම 

අධ්‍යාපනය සහ මාධ්‍ය සාක්ෂරතාව තුළින් තොරතුරු විවේචනාත්මකව තක්සේරු කිරීමට පුද්ගලයන් බලගැන්වීම සඳහා ප්‍රධාන ව කටයුතු කරයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවී වැරදි තොරතුරුවලට එරෙහිව ඵලදායී ලෙස සටන් කිරීමට රජයන්, තාක්ෂණික සමාගම් සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු පාර්ශවකරුවන් අතර සහයෝගීතාවය ඉතා වැදගත් වේ.

Fact Crescendo අප ආයතනය හරහා ද, මාධ්‍ය සාක්ෂරතා ව්‍යාපෘතිය හරහා අසත්‍ය තොරතුරු වලට එරෙහිව සටන් කරයි. මේ ඔස්සේ අපගේ ප්‍රයත්නය වනුයේ ඩිජිටල් මාධ්‍ය අන්තර්ගතය ඵලදායී ලෙස විශ්ලේෂණය කිරීමට, විවේචනයට, ඇගයීමට සහ අවබෝධ කර ගැනීමට අවශ්‍ය කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඒ අනුව ක්‍රියාකිරීමයි.

අපගේ ව්‍යාපෘතිය ගැන වැඩි දුර තොරතුරු මෙතනින්.

මෙම ජාත්‍යන්තර කාන්තා දිනය, වැරදි තොරතුරුවලට අභියෝග කිරීමට, කාන්තා හඬ ප්‍රවර්ධනය කිරීමට සහ වඩා සාධාරණ ඩිජිටල් අවකාශයක් ඇති කිරීමට අප නිරන්තරයෙන් කැප වෙමු.

Factcrescendo Sri Lanka අප කණ්ඩායම පසුගිය 2023 වසරේ නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා කාලය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 ක්‍රියාකාරීත්වයේ ව්‍යාපාරය ට සමගාමී ව සමාජය දැනුවත් කරමින් ප්‍රචණ්ඩත්වයෙන් තොර ලොවක් තැනීමට, සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීමට සහ සෑම කාන්තාවකගේම සහ ගැහැණු ළමයෙකුගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අප විසින් ඔන්ලයින් අවකාශය තුළ  සිදු කළ දැනුවත් කිරීමේ වැඩසටහනක් පහතින්.

https://www.youtube.com/watch?v=8RSVzHODm6U

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Avatar

Title:ජාත්‍යන්තර කාන්තා දිනය: ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ දුස් තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීම

Fact Check By: Pavithra Sandamali

Result: Insight