
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප ඔස්සේ බොහෝ පිරිසක් නොමග යන අවස්ථා අපට සුලබව දැක ගන්නට ලැබනෙවා. විශේෂයෙන්ම ඡායාරුප, වීඩියෝ පිළිබඳව එතරම් විමසිලිමත් නොවන පුද්ගලයන් අතර සංස්කරණයකට භාජනය කොට නිර්මාණය කරන නිර්මණ බහුලව හුවමාරු වනවා. එලෙසින් නොමග යන සුළු ඡායාරූප පෙළක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
ශ්‍රී ලංකා භූ විද්‍යාඥයන් පිරිසක් විසින් ‘වලුකරේසෙල්ලවලවේ’ නමැති මුස්ලිම් ගම්මානයකින් සොයා ගන්නා ලද යෝධයන්ගේ යැයි සැලකෙන ඇටසැකිලි යනුවෙන් සඳහන් කරමින්, එම යෝධ ඇටසැලකිල්ලේ ඡායාරූප බවට දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූයේ මෙලෙසින්.

එමෙන්ම තවත් විශාල හිස් කබලක සේයාරුවක් සමඟ හුවමාරු වී තිබු සටහනක දක්වා තිබුණේ, බලංගොඩ, හල්දුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි ගමක සාමාන්‍ය හිස් කබලක් මෙන් 10 ගුණයකටත් වඩා විශාල ස්වරූපයක් ගන්නා හිස් කබලක් හමු වී ඇති බවත් ඉරාජ් සෝමදේව නම් මහාචාර්යවරයෙක් ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පර්යේෂණ සිදුකරමින් සිටින බවත්ය.

ඉහත ඡායාරූප වල දැක්වෙන්නේ සත්‍ය ඡායාරූපයක් ද, නැද්ද යන්න පිළිබඳ බොහෝ දෙනෙකුට පැහැදිලි අවබෝධයක් නොවුණු බව ඒ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියා.

මෙම ඡායාරූප සත්‍යයද ,යන්න බොහෝ දෙනෙකු අප WhatsApp අංකය වෙත +94771514696 පණිවිඩ යොමු කරමින් විමසා සිටි අතර මේ පිළිබඳ අප කරුණු විමර්ශනයක් කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
පළමු සටහනේ දක්වා තිබු ‘වලුකරේසෙල්ලවලවේ’ යන නාමයෙන් මුස්ලිම් ගම්මානයක් ශ්‍රී ලංකාව තුළ නොමැති අතර එය වෙනත් අරුතක් හැඟවෙන අකුරු මාරු කරමින් පළ කර ඇති හාස්‍ය උපදවීමට භාවිත කර ඇති අසැබි වචන මාලාවකි. නමුත් මෙය තේරුම් ගැනීමට සමාජ මාධ්‍ය භාවිත කරන සියලු වයස් කාණ්ඩයන් ට හා දැනුම් මට්ටම අනුව නොහැකි බැවින් මෙය සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා.
එමෙන් ම එම ඡායාරූප බොහෝ දුරට කෘතිම බුද්ධිය(AI) ඔස්සේ නිර්මාණය කර ඇති බවට දැක ගන්නට ලැබෙන බැවින් අප මෙය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් ද, යන්න නිර්ණය කිරීමට පරීක්ෂාවන් කිහිපයක් සිදු කළා. ඒ අනුව තහවුරු වූයේ ඉහත ඡායාරූප පෙළ කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති බවයි.

බදුල්ල, හල්දමුල්ල ප්‍රදේශයේ ගම්මානයක ඉඩමක කැණීම් කිරීමේදී හමුවූ බවට පෙන්වා දුන් ඉහත දෙවන ඡායාරූපය ද, අප මෙම Hive Moderation මෘදුකාංගය ඔස්සේ පරීක්ෂාවට භාජනය කළ අතර එහිදී ද, පෙන්වා දුන්නේ එම ඡායාරූපය ද, කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති බවයි.

මෙම ඡායාරූප අප කෘතිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කරන ලද ඡායාරූප පරීක්ෂා කිරීමට ඇති තව ත් යෙදුම් කිහිපයක් හරහා ද, අප මෙම පරීක්ෂාව සිදු කළ අතර එහිදී ද ලබා දුන් ප්‍රතිඵලය වූයේ මෙම ඡායාරූප සියල්ල කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති බවයි.
එමෙන්ම ඉහත ඡායාරූප කිහිපයකම මිනිස් ඇටසැකිල්ලේ එක් අතක ඇඟිලි 6ක් දැක ගන්නට ලැබේ. කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ඡායාරූප වල මෙම දුර්වලතාව බහුලව දැක ගන්නට ලැබෙන අතර ඒ ඔස්සේ ද, මෙම ඡායාරූප කෘතිම බුද්ධිය (AI) ඔස්සේ නිර්මාණය කර ඇති බවට තව දුරටත් තහවුරු වේ.


Also Read : කෘතීම බුද්ධියෙන් නිපදවන ඡායාරූප හදුනාගන්නේ කෙසේද? ලෝකයේ අවසාන යෝධයාගේ සේයාරුව ඇසුරින් පහදමු.
Also Read :Photo of Last Neanderthal Giant Taken in 1901? Find Out the Facts
මහචාර්ය රාජ් කුමාර් සෝමදේව
ඉහත හල්දුමුල්ල ප්‍රදේශයේ හමුවූ හිස්කබල සම්බන්ධයෙන් ඉරාජ් සෝමදේව නමැති පුරාවිද්‍යාඥයෙකු කටයුතු කරන බවට දක්වා තිබූ බැවින් අප ඒ පිළිබඳ පරීක්ෂණයේදී අනාවරණය වූයේ ඉරාජ් සෝමදේව නමැති පුරාවිද්‍යාඥයෙකු නොමැති මුත් කැළණිය විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ලෙස ශ්‍රී ලංකා පුරාවිද්‍යා කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන මහචාර්ය රාජ් කුමාර් සෝමදේව මහතා පර්යේෂණ සිදු කරන බවයි.
මේ හේතුව මත ඉහත සිදුවීම සම්බන්ධයෙන් මහචාර්යවරයාගෙන් අප මේ පිළිබඳව විමසා සිටි අතර ඔහු සඳහන් කළේ, එය අසත්‍ය බව ත්, ඉහත ඡායාරූප වල දැක්වෙන අයුරින් මෙතෙක් විශාල යෝධ ඇටසැකිලි හමු වී නොමැති බව ත්, එය යථා තත්ත්වයෙන් තොර බව ත්, තමන් ද, එවැනි විමර්ශනයක මේ දිනවල නියැලෙන්නේ නැති බව ත්,තහවුරු කළා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
මෙම පුවත අසත්‍ය බවත්, හල්දුමුල්ල ප්‍රදේශයේ මේ දිනවල පර්යේෂණ සිදු නොකෙරෙන බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද තහවුරු කර සිටියා.
ලොව පුරා කැණීම්වලින් හමුවූ යෝධ මිනිස් ඇටසැකිලි
ලොව පුරා යෝධ මිනිස් ඇටසැකිලි සොයා ගැනීම පිළිබඳ සංකල්පය මූලික වශයෙන් නාගරික ජනප්‍රවාද, මිථ්‍යාවන් සහ අසත්‍ය තොරතුරු වලින් යුක්තයි.
මෙතරම් විශාල මිනිස් ඇටසැකිලි පවතින බවට විද්‍යාත්මක සාක්ෂි මෙතෙක් හමු වී නොමැති අතර යෝධ ඇටසැකිලි පිළිබඳ බොහෝ ප්‍රකාශයන් පදනම් වී ඇත්තේ වැරදි අර්ථකථන, අතිශයෝක්තියක් හෝ හිතාමතා ගොතන ලද ඒවා මතයි.
ඉතිහාසය පුරාවටම, යෝධ ඇටසැකිලි සොයා ගැනීම් පිළිබඳ විවිධ වාර්තා ඇතිමුත් මෙම වාර්තා බොහොමයක් විශ්වසනීය සාක්ෂි නොමැති බවට පුරාවිද්‍යාඥයින් සහ විද්‍යාඥයින් විසින් නිෂ්ප්‍රභ කර ඇති අතර, ඔවුන් බොහෝ විට සොයා ගන්නා සාක්ෂි වල දැක්වුණේ වැරදි ලෙස අර්ථකථනය කරන ලද, ගොතන ලද හෝ ව්‍යාජ ලෙස සැකසූ ඡායාරූප මත පදනම් වී ඇති බවයි. මෙම සාක්ෂි සමහරක් ප්‍රාග් ඓතිහාසික සතුන්ගේ පොසිල අවශේෂ සොයාගැනීමෙන් හෝ සාමාන්‍ය මිනිස් ඇටසැකිලිවල ප්‍රමාණයේ අතිශයෝක්තියකින් ආරම්භ වන්නට ඇත.
අඩි 8 යි අඟල් 11 ට වැඩි උසැති රොබට් වැඩ්ලෝ වැනි සුවිශේෂී උසක් ඇති පුද්ගලයන් ඉතිහාසය තුළ සිට ඇතත්, මෙම සිද්ධීන් දුර්ලභ වේ.
එමෙන් ම National geographic වෙබ් අඩවියේ සඳහන් වන්නේ යෝධත්වය ඇති පුද්ගලයෙකුගේ පළමු සම්පූර්ණ පුරාණ ඇටසැකිල්ල රෝමය අසලින් සොයා ගෙන ඇති බව 2012 වසරේ අධ්‍යයනයක් පෙන්වා දෙන බවයි.
අඩි 6, අඟල් 8 (සෙන්ටිමීටර 202) උසින්, මිනිසා අඩි 5 හමාරක් (සෙන්ටිමීටර 167) පමණ උසින් යුත් තුන්වන සියවසේ රෝමයේ යෝධයෙකු වන්නට ඇති බව ත්, එවැනි ඇටසැකිලි සොයා ගැනීම දුර්ලභ වන අතර මන්ද යෝධවාදය අතිශයින් දුර්ලභ වන අතර අද ලොව පුරා මිලියනයකින් පුද්ගලයින් තිදෙනෙකුට පමණ ඒ තත්ත්වය බලපාන බවත්. මෙම තත්ත්වය ආරම්භ වන්නේ ළමා කාලයේ දී, පිටියුටරි ග්‍රන්ථියේ ක්‍රියා විරහිත වීම අසාමාන්‍ය වර්ධනයක් ඇති කරන විට බව ද, එහි සඳහන්. එම ලිපිය මෙතනින්. Archived Link
අවසාන වශයෙන්, ලොව පුරා කැණීම්වලින් හමුවූ යෝධ මිනිස් ඇටසැකිලි පිළිබඳ අදහස විශ්වාස කළ හැකි සාක්ෂි මගින් සහාය නොදක්වන අතර එය මිථ්‍යාවක් හෝ ප්‍රෝඩාවක් ලෙස සැලකිය හැක.
Also Read: බුලතා යෝධයාගේ ඇටසැකිල්ල මහජන ප්‍රදර්ශනයට ?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, විශාල මිනිස් ඇටසැකිල්ලක් සහ විශාල හිස් කබලක් හමුවූ බව ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වූ ඡායාරූප සත්‍ය ඡායාරූප නොව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති ඡායාරූප බවයි. ලොව පුරා කැණීම්වලින් හමුවූ යෝධ මිනිස් ඇටසැකිලි පිළිබඳ අදහස් විශ්වාස කළ හැකි සාක්ෂි මගින් සහාය නොදක්වන අතර එය මිථ්‍යාවක් හෝ ප්‍රෝඩාවක් ලෙස සැලකිය හැකි බවයි පුරාවිද්‍යාඥයින් මෙන් ම විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

Title:මෙරටින් හමුවූ බව කියවෙන යෝධ ඇටසැකිල්ලේ සහ යෝධ හිස් කබලේ ඇත්ත කතාව!
Fact Check By: Pavithra SandamaliResult: False
