දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ජාලා අතරින්, දැනටත් ලොව වැඩි දෙනෙක් භාවිත කරන සමාජ මාධ්‍ය ජාලය වන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍යයි. ෆේස්බුක් භාවිත කිරීම සඳහා එහි මව් සමාගම විසින් පනවා අ ඇති නීති රීති යනුවෙන් නොමඟ යවන සුළු සටහන් විටින් විට හුවමාරු වන අතර, ෆේස්බුක් පරිශීලකයින්ගෙන් මුදල් අය කර ගැනීමේ තීරණයක් සම්බන්ධයෙන් හුවමාරු වූ සටහන් පිලිබඳ අප සිදුකළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ෆේස්බුක් සමාජ මාධ්‍ය භාවිත කිරීම සඳහා මුදල් අය කර ගන්නා බවට එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් සඳහන් කර ඇති බව දක්වමින්, එසේ මුදල් අය වීමකින් වැළකීමට නම්, සති දෙකක් ඇතුළත ෆේස්බුක් පරිශීලකයින් 25 දෙනෙකුට පහත පණිවිඩය යවන ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

“ශෙයාර් කර කර ඉන්න වෙලාවක් නැහැ ඉක්මනට කියවන්න ... 🙄 මටත් යාළුවො ගොඩදෙනෙක් එව්ව මට ශෙයාර් කරන්න වෙලා මදි නිසා හැමෝටම පේන්න වෝල් එකේ දැම්ම ..ඉක්මනට කියවන්න ..😲

ෆේස්බුක් පරිපාලකගේ පණිවිඩය (මැක්ස් හැමිල්ටන්)

හිතවත් facebook, facebook භාවිතා කරන්නන්, එය වසා ඇතැයි සිතන්න. එය මෑතකදී ඉතා අධික ජනගහනයක් බවට පත්ව ඇත. ෆේස්බුක් ඉතා මන්දගාමී වෙමින් පවතින බවට මැසිවිලි නගන බොහෝ සහභාගිවන්නන් සිටියහ. බොහෝ ක්‍රියාකාරී facebook භාවිතා කරන්නන් සිටින බවත් අනෙක් අතට බොහෝ නව සාමාජිකයින් සිටින බවත් වාර්තා පෙන්වා දෙයි. සහභාගිවන්නන් සක්‍රියද නැද්ද යන්න සොයා බැලීමට අපි මෙම පණිවිඩය යවන්නෙමු. ඔබ සක්‍රිය නම්, ඔබ තවමත් ක්‍රියාකාරී බව පෙන්වීමට පිටපතක් භාවිතා කරමින් වෙනත් පරිශීලකයින් 25 දෙනෙකු යවන්න. * සති 2 ක් ඇතුළත මෙම පණිවිඩය නොයවන අය ඉඩ ලබා ගැනීමට පැකිලීමකින් තොරව මකා දමනු ලැබේ. මෙය ෆේස්බුක් නිර්මාතෘට අනුකූල වේ. ඔබගේ Facebook ගිණුම් තබා ගැනීමට. ඔබ FB භාවිතා කරන්නා සක්‍රිය බව තහවුරු කර ගැනීමට මෙම පණිවිඩය FB භාවිතා කරන්නන් 25 දෙනෙකුට යවන්න. ඔබට මෙය පරිශීලකයින් 25 දෙනෙකුට මාරු කළ නොහැකි නම්, ඔබේ ගිණුම් වාර්තාව පැකිලීමකින් තොරව කපා හරිනු ලැබේ, ඉරිදා 20: 12. කතාබස් කරන්න. Talk End from messenger වෙතින්:

මාර්ක් සකර්බර්ග්, ෆේස්බුක් නිර්මාතෘ.. හායි, මම මාර්ක්, ෆේස්බුක් අධ්‍යක්ෂක. හැමෝටම ආයුබෝවන්, සියලු අනතුරු ඇඟවීම් සැබෑ බව පෙනේ. ෆේස්බුක් භාවිතා කිරීම සඳහා මුදල් වැය වේ. ඔබ මෙම පේළිය ඔබේ ලැයිස්තුවට වඩා වෙනස් 18 ට යැවුවහොත්, ඔබේ ලාංඡනය නිල් වන අතර එය ඔබට නොමිලේ වනු ඇත. ඔබ මාව විශ්වාස නොකරන්නේ නම්, හෙට සවස 6 ට ෆේස්බුක් වසා දමනු ඇති අතර එය විවෘත කිරීමට ඔබට මුදල් ගෙවිය යුතුය. මේ සියල්ල නීතියට අනුව ය. අපගේ සේවාදායකයන් මෑතකදී ඉතා කාර්යබහුල වී ඇති බව මෙම පණිවිඩය අපගේ සියලුම පරිශීලකයින්ට දන්වයි. මෙම ගැටළුව විසඳීමට උදව් කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. අපගේ ක්‍රියාකාරී facebook පරිශීලකයින් තහවුරු කිරීම සඳහා ඔබගේ සම්බන්ධතා ලැයිස්තුවේ සිටින එක් එක් පුද්ගලයින් වෙත මෙම පණිවිඩය යොමු කරන ලෙස අපගේ ක්‍රියාකාරී පරිශීලකයින්ට අවශ්‍ය වේ. ඔබ මෙම පණිවිඩය facebook හි ඔබගේ සියලු සම්බන්ධතා වෙත නොයවන්නේ නම්, ඔබගේ ගිණුම අක්‍රියව පවතිනු ඇත, එබැවින් මෙම පණිවිඩය යැවීමෙන් තොරව ඔබගේ සියලු සම්බන්ධතා ඔබට අහිමි වනු ඇත. ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය අපගේ ඉදිරි දින 24 තුළ යාවත්කාලීන වනු ඇත

ඉක්මනට මේක දැන් ශෙයාර් කරන්න නැත්තම් දැන්ම එකවුන්ට් එක block වෙයි .ඉක්මන් කරන්න ඕබේ ගිණුම පරිස්සමෙන් බලාගන්න..මෙය ශෙයාර් නොකලොත් මෙතැන් සිට පැය 24 ක් ඇතුලත ඔබේ ගිණුම අක්‍රීය වනු ඇත. ලිපි හුවමාරුවේ අවසානය... මාර්ක් සකබර්ග් .. ඉංග්‍රීසි පිටපතේ පරිවර්තනය...

Facebook | Archived Link

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ මෙහි නිරවද්‍යතාවය පිළිබඳ ඇතමුන් විමසා තිබූ බවයි.

මෙම සටහන් ඉංග්‍රීසි බසින් ද බොහෝ දෙනෙකු අතර හුවමාරු වී තිබෙනු අපට නිර්ක්ෂණය වූ අතර, ඒ පිළිබඳ අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ෆේස්බුක් සමාජ ජාලය අයත් මව් සමගම වන Meta (මෙටා) ආයතනය විසින් හෝ එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින්, ෆේස්බුක් සමාජ මාධ්‍ය භාවිත කිරීම සඳහා මුදලක් අය කර ගන්නා බව හෝ අය කර ගන්නා නියමිත බවට හෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවක් පළ වී ඇත්ද යන්න පිළිබඳ අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළත්, අපට එවැනි පුවතක් දැක ගන්න ට නොලැබුණි.

ඒ අනුව ෆේස්බුක් ඔස්සේ එහි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දක්වා ඇති කොටසේ පරිශීලකයින්ගෙන් මුදල් අය කර ගන්නා බවට සඳහන් වී ඇත්දැයි යන්න පරීක්ෂා කිරීමේදී එහි ෆේස්බුක් ප්‍රතිපත්ති යටතේ සටහනක් පළ වී වී තිබුණේ මෙලෙසින්.

“Facebook භාවිතා කිරීමට මුදල් වැය වේද?” යන පැනයට සම්බන්ධයෙන් පිළිතුරු සපයා ඇත්තේ, “නැහැ, අපි ඔබෙන් Facebook භාවිතා කිරීමට මුදල් අය කරන්නේ නැහැ. ඒ වෙනුවට, අපි මෙටා සමාගම් නිෂ්පාදනවල දැන්වීම් පළ කරන්නන්ගෙන් මුදල් අය කර ගන්නා බවත්, ඒ හේතුවෙන් Facebook පරිශීලකයින් හට කිසිදු අය කිරීමකින් තොරව, නොමිලේ ෆේස්බුක් භාවිත කිරීම සඳහා වෙන්කර ඇති බවත්” එහි සඳහන් කර තිබේ.

Facebook

එමෙන් ම Facebook විසින් එහි සමාජ ජාල සේවා සඳහා පරිශීලකයින් කිසිවිටෙක අය කරන්නේද යන ගැටලුව සම්බන්ධයෙන්, එම සමාගමේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ෂෙරිල් සැන්ඩ්බර්ග් 2009 වසරේ ව්‍යාපාරික සතියේ සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර තිබුණේ, ෆේස්බුක් හි මූලික සේවාවන් කිසිදු අය කිරීමක් සිදු නොකරන බවයි. ඒ සම්බන්ධයෙන් ස්නෝප්ස් වෙබ් අඩවියේ පළ කර තිබුණේ මෙලෙසින්.

තව ද, ෆේස්බුක් වෙත ප්‍රවිශ්ඨ වීම සඳහා මුදල් අය කර ගන්නා බවට පළවන සටහන් වසර ගණනාවක් පුරා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර, 2018 වසරේ දී Facebook Security නිල පිටුව සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, මෙය අසත්‍ය තොරතුරක් බවයි. එම ෆේස්බුක් සටහන පහතින්.

Facebook | Archived Link

කෙසේ වෙතත් මෙටා ආයතනය විසින් එම ආයතනයේ සමාජ මාධ්‍ය ජාලා වන ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පරිශීලකයින්ට සත්‍යාපිත ගිණුම්(verified account), නැතහොත් Blue tick(නිල් පැහැති හරි ලකුණක් ඇති ගිණුම්) බවට පරිවර්තනය කර ගැනීම සඳහා මාසිකව මුදලක් අය කරනු ලබන බවට ඔවුන් පසුගිය වසරේ (2023) දැනුම් දෙනු ලැබුවා. පෙර සත්‍යාපනය කර ඇති ප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු ගිණුම් මෙම වෙනස් වීමෙන් බලපෑමට ලක් නොවනු ඇති අතර, Meta Verified ඔවුන්ගේ ව්‍යාපෘතිය සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන නමුත් කැපී පෙනෙන ප්‍රසිද්ධ පුද්ගලයින් නොවන, සාමාන්‍ය ෆේස්බුක් පරිශීලකයින් ඉලක්ක කරන බවත් සමාගම පවසා තිබෙනවා.

Meta Verified පිළිබඳ මෙටා සමාගමේ ලබා දී ඇති නිල තොරතුරු මෙතනින්. ඒ අනුව X සමාජ මාධ්‍ය ජාලයේ මෙන්ම දැන් මාසික ගෙවීමක් හරහා, එම පහසුකම ලබා දී ඇති රටවල සිටින ෆේස්බුක් පරිශීලකයින්ට, Meta verified ලබාගැනීමේ අවස්ථාව ලැබෙනවා. එමඟින් මෙම පහසුකම් ලබාගත හැකියි. ඒ සඳහා මූලික අවශ්‍යතා මෙතනින්. මෙටා වෙරිෆයි මාසික ගාස්තුව අඩු කිරීමට පියවර ගනිමින් සිටින බව පිළිබඳ වාර්තාවක් මෙතනින්.

එසේ ම යම්කිසි ආකාරයක වාරණයකින් වැළකීමට, 25දෙනෙකු හෝ වැඩි දෙනෙකු සමඟ ෆේස්බුක් පණිවුඩයක් බෙදා ගන්නා ලෙස හුවමාරු වන නොමඟ යවන සුළු සටහන් ද කාලයක් තිස්සේ හුවමාරු වෙනවා. එම ව්‍යාජ පණිවුඩ පිළිබඳ ෆේස්බුක් සමාගමේ දැනුම්දීමක් මෙතනින්.

ඒ අනුව පැවසිය හැක්කේ, 18 දෙනෙකු හෝ 25 දෙනෙකු අතර, ඉහත ව්‍යාජ පණිවුඩයේ දක්වා ඇති පරිදි සටහනක් හුවමාරු කර ගැනීමෙන්, ඔබගේ ෆේස්බුක් ගිණුම verified ගිණුමක් බවට පත්වන්නේ නැති බව ත්, ඉහත පණිවුඩය හුවමාරු කර නොගැනීමෙන් ඔබගේ ෆේස්බුක් ගිණුම බ්ලොක් වීමේ අවදානම් නොමැති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

ෆේස්බුක් සමාජ මාධ්‍ය භාවිත කිරීම සඳහා මුදල් අය කර ගන්නා බවට එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් සඳහන් කර ඇති බව දක්වමින් මුදල් අය කිරීමෙන් වැළකීමට සති දෙකක් ඇතුළත ෆේස්බුක් පරිශීලකයින් 25 දෙනෙකුට එක්තරා පණිවිඩයක් යවන ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ, ඉංග්‍රීසි බසින් ද බොහෝ රටවල හුවමාරු වූ ව්‍යාජ සටහනක සිංහල පරිවර්තනයකි.ෆේස්බුක් වෙත ප්‍රවිශ්ඨ වීමට හෝ එහි මූලික සේවාවන් ලබා ගැනීමට, ෆේස්බුක් පරිශීලකයින්ගෙන් කිසිදු මුදල් අය කර ගැනීමක් සිදුවන්නේ නැහැ. කෙසේවෙතත්, සත්‍යාපනය කරන ලද ගිණුම් ලබාගැනීමේ කැමැත්ත ඇති සාමාන්‍ය ජනතාවට, එම පහසුමක මාසික ගාස්තුවක් යටතේ ලබාදීමට, පසුගිය වසරේ සිට Meta සමාගම තීරණය කර තිබෙනවා.

Avatar

Title:ෆේස්බුක් සමාජ මාධ්‍ය භාවිත කිරීම සඳහා මුදල් අය කිරීමේ තීරණයක්?

Written By: Pavithra Sandamali

Result: False