දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

නොයෙකුත් සටහන් ඉක්මණින් තවත් පිරිසක් අතර හුවමාරු කරගන්නා ලෙසත්, ඒ ඔස්සේ යම්කිසි පුදුමාකාර අත්දැකීමක් විඳගැනීමට ලැබෙනු ඇතැයි යනුවෙන් දක්වමින් හුවමාරු වන සටහන් ඔබටත් කොතෙකුත් හමුව ඇති. Facebook සහ WhatsApp හරහා විශේෂයන්ම බහුලව හුවමාරු වන අතර එවැනි නොමඟ යවන සුළු සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“මේක ග්රූප් 4කට යවන්න එතකොට මෙම පින්තූරය පේනවා මේක ඇත්තක්” යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ ඡායාරූප සටහනක් පළ වී තිබුණා.

එහි දක්වා තිබූ ඡායාරූපයේ අපහැදිලි චිත්‍රයක් ලෙස දක්වමින් එම ඡායාරූපය පැහැදිලි වීමට එම ඡායාරූප සටහන සමූහ 04 ක් වෙත බෙදා හරින ලෙසයි එහි දක්වා තිබුණේ.

Facebook | Archived Link

එමෙන් ම WhatsApp ඔස්සේ ද, මෙවැනි සටහන්හි සත්‍යතාවය පිලිබඳ අපගෙන් ඇතැමුන් විමසා තිබුණා.

එමෙන් ම ඇතැම් ආයතනයන් හි සංවත්සර සඳහා ත්‍යාග ලබා ගැනීමට නම් එම පණිවිඩ විශාල පිරිසක් අතර හුවමාරු කර ගන්නා ලෙසටත්, WhatsApp මඟින් සටහන් හුවමාරු කර ගැනීම මඟින් මුදල් ලබාදෙන බවට ද පවසමින් ද වංචනික සටහන් කොතෙකුත් හුවමාරු වෙනවා.

මෙවැනි සමාජ මාධ්‍ය සටහන් වල නිරවද්‍යතාවයක් පවතිනවා ද යන්න පිළිබඳ අප සිදු කරනු ලබන කරුණු විමර්ශනයක් පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ෆේස්බුක් ඔස්සේ ඕනෑම ගිණුම් හිමියෙක්ට තමන්ගේ ෆේස්බුක් ගිණුමේ මෙන්ම, තමන්ට පළකිරීමට අවසර ලැබී තිබෙන ෆේස්බුක් පිටුවක, ෆේස්බුක් සමූහයක යනාදියේ තුළ සටහනක්, ඡායාරූපයක්, වීඩියෝවක් පළ කිරීමට අවස්ථාව සලසා දී තිබේ. ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් විසින් පැහැදිලි කර ඇති මාර්ගෝපදේශ කියවීම මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

නමුත් ඔබ විසින් ෆේස්බුක් වෙත එක් කර ඇති අපහැදිලි ඡායාරූප පැහැදිලි කර දැක්වීමට ෆේස්බුක් විසින් කිසිදු විකල්පයක් සලසා දී නොමැත. ඒ ආකාරයට පළවූ ඡායාරුප සංස්කරණය කරගැනීමට වෙනත් තෙවන පාර්ශවයක් වෙත පිවිස විවිධ මෘදුකාංග හෝ ඇප් මඟින් සිදුකරගත හැකිය.

ඊට අමතරව ඔබ විසින් ෆේස්බුක් හි පළ කරන අපහැදිලි ඡායාරූප තවත් සමූහ තුළින් පළ කිරීම තුළින් පැහැදිලි වන ලෙසට දැක්වීමට කිසිදු මෙවලමක් ෆේස්බුක් විසින් මෙතෙක් හඳුන්වා දී නොමැත.

එසේම විවිධ හේතු මත ඔබ ෆේස්බුක් වෙත උඩුගත කරන ඡායාරූප අපැහැදිලි විය හැකියි. එම හේතු අතර වැරදි file වර්ගයක් යොදාගැනීම, ෆේස්බුක් විසින් උඩුගත කිරීමේදී යොදාගන්නා scale-to-fit වැනි ක්‍රම හේතුවෙන් මෙන්ම, ඡායාරුපයක් උඩුගත කිරීමේ දී ෆේස්බුක් ඇප් එකේ Upload HD යන පහසුකම සලසා නොතිබීම වැනි කරුණු ද හේතු විය හැකිය. එම කරුණු සහ ඒවා සකසා ගැනීම පිලිබඳ වීඩියෝවක් මෙතනින්.

කෙසේවෙතත් මේ ආකාරයේ අපැහැදිලි ඡායාරූප හෝ වීඩියෝ තවත් සමූහ තුළ කොපමණ වාර ගණනකින් පළකිරීම වැනි විකල්ප ද, අදාළ ඡායාරුප පැහැදිලි කර ගැනීමේ අවස්ථාවක් නොමැති බැවින් එසේ හුවමාරු වන්නේ සම්පූර්ණ අසත්‍ය තොරතුරක් බවට ප්‍රත්‍යක්ෂ වේ.

එසේම මේ ආකාරයේ වංචනික සහ ව්‍යාජ පණිවුඩ දුටු විට එය වාර්තා කිරීමේ අවස්ථාවක් ද ෆේස්බුක් විසින් ඔබට සපයා තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු මෙතනින් සහ මෙතනින්.

Meta හි (ෆේස්බුක්හි මව් සමාගම) තෙවන පාර්ශවයන් ලෙස ක්‍රියා කරන කරුණු පරීක්ෂක කණ්ඩායම් විසින් එසේම පරිශීලකයින් විසින් සිදුකරන වාර්තා කිරීම් ද ඇතුළුව ෆේස්බුක්, Instagram ඇතුළු මාධ්‍ය තුළ පළ කෙරෙන අසත්‍ය හෝ නොමග යවන සුළු තොරතුරු වෙනත් පරිශීලකයින් වෙත ළඟා වීම වැළැක්වීමේ අරමුණින්, කරුණු පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන අතර එහිදී ඉහත කී තොරතුරු වල අසත්‍යතාවයක් පවතින බවට තහවුරු වීමෙන් පසු Meta ආයතනය විසින් එම ඡායාරූප දර්ශනය නොවන ලෙස වාරණයක් සමඟ ලේබලයක් (Shield) දමනු ලබයි. එවිට ඉහත ඡායාරූප අපහැදිලි ලෙසින් පෙනෙනු ලබයි. ඒ පිළිබඳ තොරතුරු මෙතනින්. මෙටාහි තුන්වන පාර්ශව කරුණු විමර්ශන වැඩසටහන පිලිබඳ තොරතුරු මෙතනින්.

එමනේම ඔබ විසින් පළ කරන ලද ඡායාරූප, වීඩියෝ යනාදිය මඟින් ෆේස්බුක් හි ප්‍රජා ප්‍රමිතීන්ට අනුගත නොවී ඒවායේ උල්ලංඝනය කිරීමක් සිදුවන්නේ නම්, ඒවා වාරණය කිරීම හෝ ඇතැම් අවස්ථාවලදී ඉවත් කිරීම ෆේස්බුක් මඟින් සිදුවෙනවා.

එසේම වැඩි දෙනෙකු සමඟ ෆේස්බුක් පණිවුඩයක් බෙදා ගන්නා ලෙස හුවමාරු වන නොමඟ යවන සුළු සටහන් ද කාලයක් තිස්සේ හුවමාරු වෙනවා. එම ව්‍යාජ පණිවුඩ පිළිබඳ ෆේස්බුක් සමාගමේ දැනුම්දීමක් මෙතනින්.

Also Read: ෆේස්බුක් භාවිත කරන සෑම පරිශිලකයෙකුගෙන්ම සඳහා මුදල් අය කිරීමේ තීරණයක්?

WhatsApp ඔස්සේ හුවමාරු වන පණිවිඩ

මේ ආකාරයටම WhatsApp ඔස්සේ ද පණිවුඩයක් බොහෝ දෙනෙක් අතර හුවමාරු කර ගැනීමෙන් පමණක් ඔබට යම්කිසි මුල්‍යම ප්‍රතිලාභයක් WhatsApp ආයතනය විසින් ලබාදෙන බවට ද හුවමාරු වන්නේ කලක පටන් හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළකි.

මේ ආකාරයට හුවමාරු වන ප්‍රමාණයට මුදල් ලබා දෙනව බවට පවසා ඇති පුවත් වල සත්‍යතාවක් නොමැති බවයි. මෙම කරුණ ඔවුන්ගේ වෙබ් අඩවියේ පැහැදිලිව දක්වා තිබෙනවා.

 අනුව WhatsApp මගින් හුවමාරු කරන ඡායාරූප සඳහා එහි හුවමාරු වන ප්‍රමාණයට මුදල් ලබා දෙන්නේ නැති බව පෙනී යනවා.

Read Also: දරුවෙකුගේ ඡායාරුපය හුවමාරු කරගන්නේ නම් දරුවාට WhatsApp මඟින් ආධාර ලැබෙන බවට ව්‍යාජ සටහන් පෙළක්!

සැබවින්ම WhatsApp ඔස්සේ දෙදෙනෙකු අතර හෝ සමූහයක සඳහන් පණිවිඩ තෙවන පාර්ශවයකට ලබා ගත හැකිද?

තොරතුරු යැවීම සහ ලැබීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ඉල්ලා සිටින්නේ ආරක්ෂාවයි. WhatsApp කේතයක් සැපයීම හේතුවෙන් මෙම චැට් සඳහා වෙනත් බාහිර පාර්ශවයකට කිසිදු තොරතුරක් අනවසරයෙන් ලබා ගත නොහැක.

WhatsApp සමාජ මාධ්‍ය ජාලාව ඒ සඳහා End to End Encryption කේතනයක් භාවිතා කරන අතර ඔවුන්ගේ වෙබ් අඩවිය පැහැදිලිව සඳහන් කරන්නේ ඔබගේ පුද්ගලික පණිවිඩ සහ ඇමතුම් වල පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව වෙනස් නොවන අතර එම තොරතුරු දැඩි ලෙස රහස්‍ය කේතනයෙන් ආරක්‍ෂා කර ඇති අතර, WhatsApp සහ Facebook වලට ඒවා කියවීමට හෝ සවන් දීමට නොහැකි බවයි. කිසි විටෙකත් මෙම ආරක්ෂාව දුර්වල නොකරන අතර සෑම පණිවිඩයකම (චැට්) එකකම රහස්‍ය භාවය සුරක්ෂිත කරන බවද එහි සඳහන්.

End to End Encryption යනු ඔබගේ WhatsApp පණිවිඩ සුරක්ෂිත කර ඇති කේතයයි. ඔබ සහ පණිවිඩය ලබන්නා අතර පමණක් මෙම පණිවිඩය කියවීමට, දැකීමට හැකි වෙන ලෙසයි මෙම කේතය සුරක්ෂිත කර ඇත්තේ.

ඒ අනුව, ඔබ විසින් යම් පණිවිඩයක් 10 දෙනෙකු හෝ 05 දෙනෙකු හෝ මොන යම් ප්‍රමාණයක් අතර හුවමාරු කර ගත්තේ ද, යන්න විනිශ්වය කිරීමට තෙවන පාර්ශවයකට නොහැකි බැවින් බොහෝ දෙනා අතර හුවමාරු කරගන්නා තරමට ප්‍රතිලාභ ලැබෙන බවට හුවමාරු වන්නේ ව්‍යාජ සටහන් බව පැහැදිලිය.

SCAM Alert! තහවුරු නොකළ, නොදන්නා සබැඳි වෙත පිවිසීමෙන් වැළකී සිටින්න!

Also Read: WhatsApp ඇමතුම් සඳහා නව සන්නිවේදන නීති හෙට සිට ක්‍රියාත්මකයිද?

NO. WhatsApp is not releasing a video to hack your phone.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Avatar

Title:ෆේස්බුක්හි සටහන් වැඩි වාර ගණනක් හුවමාරු කර ගැනීමේ අරමුණින් සංසරණය වන ව්‍යාජ පණිවුඩ පෙළක්!

Fact Check By: Pavithra Sandamali

Result: False