දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්, ඊයේ(24) දින ජනතා අයිතියට පත් කෙරුණි. මෙම ව්‍යාපෘතියේ කටයුතු 2015 වසරේ අවසන් කිරීමට නියමිතව තිබූ අතර පැනනැගුණු දේශාපාලන, ආර්ථික සහ සාමාජීය ගැටලු හේතුවෙන් එම ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාත්මක කිරීමට සිදුවුණි.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මුල සිට මෙහි ගැටලු පෙන්වා දුන් ජවිපෙ සභිකයෙකු වන සමන්ත විද්‍යාරත්න මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Claim 1:

“උමාඔයේ හිලක් ඇතිබව පැවසුවේ ගම්මු කියපු නිසා” යනුවෙන් සමන්ත විද්‍යාරත්න පැවසූ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

ගම්වාසින් පැවසූ හෙයින් සිදුරක් පිළිබඳව පැවසූ බවක් සමන්ත විද්‍යාරත්න පැවසූ එම සටහන් මඟින් පෙන්වුවද බොහෝ දෙනා එසේ පැවසු අවස්ථාව පිලිබඳ විමසා තිබුණා.

එම සටහන සමඟ වීඩියෝ කොටසක් ද හුවමාරු වුවද එහි දැක්වෙන්නේ උමා ඔය ව්‍යපෘතිය අතිහිටුවිය යුතු බව සමන්ත විද්‍යාරත්න පවසන අවස්ථාවක් පමණයි.

එසේම ඉහත ආකාරයේ සටහන් ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

Claim 2:

“සමන්ත විද්‍යාරත්න ඇතුළු පිරිසක් උමා ඔය පිවිසුම අසල විරෝධතාව් අරඹයි. ඉරාන ජනාධිපතිටත් විද්‍යාරත්නගේ විරෝධය” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

Claim 3:

“උමා ඔයෙන් ලැබෙන විදුලිය ප්‍රමිතියෙන් තොරයි. විදුලි උපකරණ වලට හානි වෙන්න පුළුවන්” යනුවෙන් සමන්ත විද්‍යාරත්න පැවසූ බවට සඳහන් කරමින් තව ත් සටහනක් පළ වී තිබුණේ මේ අයුරින්.

X | Archived Link

අප මෙම සටහන් සම්බන්ධයෙන් විමසා බැලීමක් කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

Claim 1:

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා ප්‍රථමයෙන් නිරීක්ෂණය කළා. නමුත් එවැනි ප්‍රකාශයක් ඔහු සිදු කළ බව ට දැක ගන්නට නොලැබුණි. ඒ මහතා විසින් එවැනි ප්‍රකාශයක් සමාජ මාධ්‍ය හරහා හෝ පළ කර තිබුණා ද, යන්න පිළිබඳව ද අප පරීක්ෂා කළ ත්, ඊට සහය දක්වන අයුරින් කිසිදු ප්‍රකාශයක් දැක ගන්නට නොමැත.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා ද, සඳහන් කළේ, එම ප්‍රකාශය සමන්ත විද්‍යාරත්න මහතා විසින් සිදු කර නොමැති බවයි.

කෙසේ වෙතත් උමා ඔය ව්‍යපෘතිය අතරතුර ඇතිව තිබූ විශාල ජල කාන්දුව, විශාල සිදුරක් ඇතුළු කරුණු හේතුවෙන් සිදුවූ මහජන පීඩාවන් පිළිබඳව හිටපු ඌව පළාත් මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසා තිබු ආකාරය අපට කිහිප අවස්ථාවක දීම දැක ගන්නට ලැබුණි. එවැනි අවස්ථා කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතනින් , මෙතනින්.

එසේම මෙම ව්‍යාපෘතිය හේතුවෙන් සිදු වීමට ගිය මහා විනාශයන් රැසක්ම උද්ඝෝෂණ කර නැවැත් වූ බවත්, උමා ඔය ව්‍යාපෘතිය නිසා තවත් පරිසර විනාශයන් ඉදිරියේදී සිදුවීමට නියමිත බවත්, ජනතාවගේ ප්‍රශ්නය අවතක්සේරු නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කර තිබුණා.

කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහා මහතා සහ සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසිගේ සහභාගිත්වයෙන්, ඉරාන - ශ්‍රී ලංකා සහයෝගිතාව මත බිහිවූ උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය පසුගිය 24 වන දා විවෘත කෙරුණේ මෙලෙසින්. එසේම එම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පවසා සිටියේ ද උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය කඩාකප්පල් කිරීමට ජනතා විමක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න හිටපු මන්ත්‍රීවරයා විශාල උත්සාහයක නිරත වෙමින් නොයෙකුත් අවලාද කරමින් ජනතාව කුපිත කරන්නට කටයුතු කළ බවයි.

Claim 2:

“සමන්ත විද්‍යාරත්න ඇතුළු පිරිසක් උමා ඔය පිවිසුම අසල විරෝධතාව් අරඹයි. ඉරාන ජනාධිපතිටත් විද්‍යාරත්නගේ විරෝධය යනුවෙන් සඳහන් වූ සටහන් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එවන් විරෝධතාවක් පැවැත් වූ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කළ ත්, දැක ගන්නට නොලැබුණි. ඒ අනුව ඉහත ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී දැක ගැනීමට හැකි වූයේ එම විරෝධතාව පසුගිය මාර්තු 22 වන දින ලෝක ජල දිනයට සමගාමීව ජාතික ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ‘ඇවිලුනු යෝජිත ජල පනත පැරදවීමේ සටන !’ යන විරෝධතාවයදී ගනු ලැබූ ඡායාරූපයක් බවයි.

Facebook | Archived Link

Claim 3:

“උමා ඔයෙන් ලැබෙන විදුලිය ප්‍රමිතියෙන් තොරයි. විදුලි උපකරණ වලට හානි වෙන්න පුළුවන්” යනුවෙන් සමන්ත විද්‍යාරත්න පැවසූ බවට සඳහන් ප්‍රකාශය ද, සමන්ත විද්‍යාරත්න විසින් සිදු කළ නොමැති බව ට ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා මෙන් ම, ඔහුගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා ද, පරීක්ෂා කළ අතර එවැනි ප්‍රකාශයක් ඔහු විසින් සිදු කර නොමැති බව ට තහවුරු වුණා.

එමෙන් ම ජවිපෙ මාධ්‍ය අංශය විසින්ද, ඉහත ප්‍රකාශයන් සියල්ල අසත්‍ය බව ද, තහවුරු කරනු ලැබුවා.

‘ඉරි’ නිල ෆේස්බුක් පිටුව විසින්ද , ඉහත සඳහන් කිසිදු සටහනක් පළ කර නොමැති අතර ඔවුන්ගේ සටහන් ආකෘතිය අවභාවිත කරමින් අසත්‍ය සටහන් නිර්මාණය කර ඇති බව ඔවුන් සඳහන් කළා.

උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය

මහවැලි ව්‍යාපාරයෙන් පසු මෙරට බිහි වූ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියයි. එක් ව්‍යාපෘතියකින් කාර්යයන් කිහිපයක් කෙරෙන නිසා එය බහුකාර්ය ව්‍යාපෘතියක් ලෙස සැලකේ. විදුලිය නිපදවීම, පානීය ජලය, වාරි ජලය, ගංවතුර පාලනය වැනි අංග කිහිපයක් ඊට ඇතුළත්ය.

අධික වර්ෂාව පවතින කාලයට උමා ඔය ඉහළ ප්‍රදේශවලට ලැබෙන වර්ෂා ජලය නිසා ගංවතුර ඇතිවීම පාලනය කිරීමට උමා ඔය ඉහළ ජලාශයක අවශ්‍යතාව ඇතිවිය. ඒ පිළිබඳ කතාබහට ලක්ව ඇත්තේ 1950 ගණන්වල වුවත් එම ව්‍යාපෘතිය සඳහා මුලින් සැලසුම් කෙරෙන්නේ 90 දශකයේ සිට බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් විවිධ හේතු මතා තාවකාලිකව නවතා දැමු උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය පිළිබඳ නැවත කතාබහට ලක්වන්නේ වසර 2008 දීය. ඒ, ඉරාන රජයේ තාක්ෂණික සහ මූල්‍ය උපකාර සහිතව ‘උමා ඔය’ බහුකාර්ය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා අවධානය යොමුවීමත් සමගයි. මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉරාන ජනාධිපති මොහොමඩ් අහමඩ් නෙජාඩ් යන අය අතර ගිවිසුමක් අත්සන් කෙරිණ.

මේ සඳහා ඇස්තමේන්තුගත මුදල ඩොලර් මිලියන 529 කි. ඉන් 85% ක් ඉරාන රජයේ අපනයන සංවර්ධන බැංකුව ණය මුදලක් විදිහට ලබාදෙයි. ඉතිරි 15% ක මුදල ලංකා රජය විසින් දරනු ඇත. මෙම ව්‍යාපෘතිය තුළින් මෙගා වොට් 120 ක විදුලි ධාරිතාවක් උත්පාදන හැකියාවක් අපේක්ෂා කරයි. ඊට අමතරව එම ජලය හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක වෙත බෙදා හරින අතර දකුණේ හා නිරිතදිග වියළි කලාපයේ ඉඩම් අක්කර 5000කට ජලය සම්පාදනය කිරීමට ද සැලසුම් කර තිබුණා.

කෙසේවෙතත් 2010 වසරේ දී ආරම්භ කළ උමා ඔය බහුකාර්ය ව්‍යපෘතිය හේතුවෙන් ඌව පළාතේ ගම්මාන රැසක ජනතාව විවිධ අහිතකර බලපෑම් වලට මුහුණ දුන් බවට සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු අනෙක් පක්ෂවල මැති ඇමතිවරු එවකදී ද පෙන්වා දී තිබුණේ මෙලෙසින්.

මේ අනුව උමා ඔය ව්‍යාපෘතිය වහා නවතා දමන ලෙස ඉල්ලා බණ්ඩාරවෙල ප්‍රදේශවාසින් 2015 වසරේ උද්ඝෝෂණයේ යෙදී තිබූ අතර ඔවුන් පෙන්වා දී තිබුණේ, උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල නගරයට සහ ඒ අවට ප්‍රදේශයේ පවතින දේශගුණයට ද බලපෑම් සිදු වන බවයි. උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ හා ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන නිවාස විනාශ වී ජනතාව අවතැන් වීම හා ළිං සම්පූර්ණයෙන් ම සිදී ගොස් දැවැන්ත ජල අර්බුධ උද්ගතවී තිබු බවට, මීට වසර කිහිපයකට පෙර පළ වූ මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link.

මේ අනුව ප්‍රධාන උමඟට (Headrace tunnel) ජලය ඇතුළු වීමේ තාක්ෂණික ගැටලු හේතුවෙන් මෙන්ම සමාජ බලපෑම්, මූල්‍ය අභියෝග ගෝලීය ගැටලු සහ ඉදිකිරීම් කාලය තුළ ඇතිවූ Covid-19 වසංගතය යනාදී කරුණු මඟින් උමා ඔය ව්‍යාපෘතියට දිගින් දිගටම බලපෑම් සිදුවූ අතර, පසුව ව්‍යාපෘතිය අවසන් කිරීමේ දිනය 2024 මාර්තු 31 දක්වා දීර්ඝ කළ අතර ව්‍යාපෘතියේ අඩුපාඩු සහ වගකීම් කාලය සමඟ මුළු කාලසීමාව 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇත. ඒ පිලිබඳ රජයේ පුවත් දෙපාර්තමේන්තුවේ වාර්තාව මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Avatar

Title:උමා ඔය ව්‍යාපෘතිය ගැන සමන්ත විද්‍යාරත්නගේ ප්‍රකාශයක් ලෙස හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!

Fact Check By: Fact Crescendo Team

Result: Misleading