දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයෙකු වන Astra Zeneca ඔවුන්ගේ Covid එන්නත රුධිර කැටි ගැසීම් සහ පට්ටිකා ප්‍රමාණය අඩුවීමට හේතු විය හැකි තත්වයක් ඇති කළ හැකි බවට නීතිමය ඉදිරිපත් කිරීමකින් පිළිගෙන තිබේ. මෙම පුවතත් සමඟ බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ඉන්දීය රජයට, මෙරටට ගෙන්වූ රජයට දොස් පවරමින් සඳහන් කර තිබුණේ, Covishield, Astra Zeneca හි Covid එන්නතෙහි ඉන්දියානු අනුවාදය, රට තුළ එන්නත් කිරීමට ඉඩ දීම පිළිබඳවයි. එමෙන් ම මෙම එන්නත එන්නත් කළ පිරිස අවදානමට ලක්ව ඇති බව ද, මෙම සමාජ මාධය පළ කිරීම් සිදු කර තිබූ නිසා අප මේ සම්බන්ධයෙන් කරුණු පිරික්සීමක් සිදු කළා. රුධිර කැටි ගැසීම් සහ පට්ටිකා ප්‍රමාණය අඩුවීම අවදානම සත්‍ය වන අතර, එලෙස සිදුවීමේ සම්භාවිතාව "ඉතා දුර්ලභ" බවට කරුණු අනාවරණය කිරීමට අපට හැකි වුණා.

සමාජ මාධ්‍ය සටහන් :

ඇස්ට්‍රාසෙනිකා සමාගම විසින් ඉන්දියාවේ දී නිෂ්පාදනය කරන ලද කොවිඩ් මර්ධන එන්නතෙන් රුධිර කැටිගැසීම් හා හෘද රෝග ඇතිවිය හැකි යැයි එල්ල කර චෝදනාව එම සමාගම පිළිගෙන ඇති බවට දක්වමින් සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූයේ ජනතාව බියට පත් කරවමින්.

මේ හේතුවෙන් අප මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

TTS යනු කුමක්ද? එහි රෝග ලක්ෂණ මොනවාද?

Thrombosis with Thrombocytopenia Syndrome (TTS) යනු පට්ටිකා ප්‍රමාණය අඩු වීම (thrombocytopenia) සහ ශරීරය තුළ රුධිර කැටි ගැසීම (thrombosis) ඇති කරන බරපතල සෞඛ්‍ය තත්වයකි. මෙම තත්ත්වය Covid-19 අතරතුර දියත් කරන ලද adenovirus vector එන්නත් සමඟ සම්බන්ධ වේ.

මෙම තත්වයේ කැපී පෙනෙන රෝග ලක්ෂණ වන්නේ හුස්ම හිරවීම, පපුවේ වේදනාව, කකුල් ඉදිමීම, දරුණු හා අඛණ්ඩ හිසරදය සහ බඩේ කැක්කුමයි. බලපෑමට ලක් වූ පුද්ගලයින් පහසුවෙන් තැලීම් වලින් පීඩා විඳිති.

AstraZeneca Covid එන්නත් රුධිර පට්ටිකා අඩු කිරීම (TTS) සමඟ රුධිර කැටි ගැසීම් ඇති කරයිද?

ඔව්, නමුත් එය දුර්ලභ අතුරු ආබාධයක් ලෙසයි. සමාගම විසින් ප්‍රකාශ කර ඇති පරිදි සහ කලින් පර්යේෂණ මගින් ඔප්පු කර ඇති පරිදි Astra Zeneca Covid එන්නත් ලබා දුන් සෑම කෙනෙකුටම TTS බලපෑමට ලක් නොවන බව තේරුම් ගැනීම මෙහිදී වැදගත්ය.

බහුජාතික ඖෂධ සමාගමක් වන AstraZeneca එහි COVID-19 එන්නත වන AZD1222 මගින් පට්ටිකා මට්ටම් අඩුවීම සහ රුධිර කැටි ගැසීම දුර්ලභ සිදුවීමක් විය හැකි බව පිළිගෙන ඇත. අසාමාන්‍ය ලෙස අඩු රුධිර පට්ටිකා මට්ටම් සහ රුධිර කැටි ගැසීමේ වර්ධනය මගින් වෙන්කර හඳුනාගත හැකි වෛද්‍ය තත්වයක් වන Thrombocytopenia Syndrome (TTS) සමඟ එන්නත සහ Thrombosis අතර සම්බන්ධයක් AstraZeneca විසින් පිළිගෙන ඇත. මෙම ප්‍රකාශය පැමිණෙන්නේ සමාගමට එරෙහිව එක්සත් රාජධානියේ උසාවියේ ගොනු කර ඇති නඩු වලට පිළිතුරු වශයෙනි. මෙය ඉන්දියාවේ Covishield නමින් නිෂ්පාදනය කරනු ලබන එන්නත් වේ. බ්‍රිතාන්‍ය ඖෂධ දැවැන්තයෙකු වන ඇස්ට්‍රාසෙනිකා (AstraZeneca) විසින් නිෂ්පාදිත කොවිඩ් එන්නත හරහා දුර්ලභ අතුරු ආබාධ ඇති කළ හැකි බවට එම ආයතනය පිළිගෙන ඇති බව එක්සත් රාජධානියේ ද ටෙලිග්‍රාෆ් (The Telegraph) පුවත් සේවය වාර්තා කළේ මෙලෙසින්. Archived Link

කෙසේ වෙතත් AstraZeneca සමාගම සිය නීතිමය ලිපි ලේඛනවල සඳහන් කර ඇත්තේ TTS හට ගැනීමට අවස්ථාවක් තිබුණද එය "දුර්ලභ" සහ "විරල" බවයි.

Covishield සහ AstraZeneca එකිනෙක සම්බන්ධ වන්නේ කෙසේද?

බ්‍රිතාන්‍ය-ස්වීඩන් ඖෂධ සමාගමක් වන AstraZeneca, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමඟ එක්ව COVID-19 එන්නත නිපදවන ලදී. එම එන්නත Covishield සන්නාමය යටතේ ඉන්දියාවේ Serum ආයතනය විසින් නිෂ්පාදනය සඳහා බලපත්‍ර ලබා දී ඇත. යුරෝපයේ මෙම එන්නත Vaxzevria යන වෙළඳ නාමය යටතේ විකුණනු ලැබේ. කෙටියෙන් කිවහොත්, එන්නත් දෙකම ඒවායේ සංයුතියේ සමාන වන නමුත් විවිධ භූගෝලීය ප්‍රදේශවල නිෂ්පාදනය කර බෙදා හරිනු ලැබේ.

AstraZeneca එන්නත ඇඩිනෝ වයිරස් දෛශික එන්නත යටතේ වර්ගීකරණය කර ඇත. සායනික අත්හදා බැලීම් මත පදනම්ව, මෙම එන්නත් දෙකම දෙවන මාත්‍රාවෙන් සති දෙකකින් ආරම්භ වන COVID-19 ආසාදනයට එරෙහිව 60-80% ආරක්ෂාවක් පෙන්නුම් කරයි.

කොවිඩ් සඳහා ඇති එන්නත් වලින් රුධිර පට්ටිකා අඩු කිරීම (TTS) සමඟ රුධිර කැටි ගැසීම් සිදුවන එකම එන්නත Astra Zeneca එන්නත ද?

නැත. රුධිර පට්ටිකා අඩු කිරීම වෙනත් Covid එන්නත් වලින් ද සිදු විය හැක. Johnson & Johnson's Covid එන්නත වන Janssen ද මෙම තත්ත්වය සමඟ සම්බන්ධ වී ඇත. 2023 දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) TTS adenovirus දෛශික මත පදනම් වූ එන්නත් සඳහා අහිතකර බලපෑමක් ලෙස සටහන් කර තිබේ.

Yale Medicine hematologist Robert Bona, MD විසින් කරන ලද 2023 වාර්තාවක සඳහන් වන්නේ, “එම කැටි ගැසීම් සාමාන්‍යයෙන් සිදුවන්නේ ඇඳේ සිටින, රෝහල්ගතව සිටින හෝ දැවිල්ල, ආසාදන හෝ පිළිකා සම්බන්ධ වෙනත් වෛද්‍ය ගැටලු ඇති පුද්ගලයින් තුළ බවයි”

එබැවින්, වර්තමාන හෙළිදරව්ව සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් නොවේ.

Covishield-එන්නත් කරන ලද ජනතාවට රුධිර පට්ටිකා අඩු වීමේ අවදානමක් තිබේද?

ඔව් අවදානමක් පවතින නමුත් තවමත් කලබල වීමට හේතුවක් නොමැති බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. AstraZeneca හි ඉන්දියානු අනුවාදය වන Covishield වඩාත් පුළුල් ලෙස පරිපාලනය කරන ලද ඉන්දියානු එන්නත බව පැහැදිලි කළ යුතුය. පසුගිය වසර කිහිපය තුළ රට පුරා මෙතෙක් වාර්තා වී ඇති TTS රෝගීන් සීමිත සංඛ්‍යාවකි. එන්නත් කිරීමෙන් TTS හේතුවෙන් මහා පරිමාණ මරණ සිදුවී ඇත්නම්, එය නිසැකවම අවධානයට ලක්ව ජාත්‍යන්තර මාධ්‍යවල වාර්තා කරනු ඇත.

එන්නත්-ප්‍රේරිත ප්‍රතිශක්තිකරණ ත්‍රොම්බොටික් ත්‍රොම්බොසයිටොපීනියා (VITT) ඇතුළු රුධිර පට්ටිකා අඩු කිරීම සමඟ ඇති රුධිර කැටි ගැසීම්, බොහෝ විට පශ්චාත්-ආරම්භක එන්නත ලබා දීමෙන් දැකිය හැකි අතිශය දුර්ලභ අතුරු ආබාධයක් බව ද තේරුම් ගත යුතුය. CVST වැනි වෙනත් එන්නත්-ප්‍රේරිත සංකූලතා කොවිෂීල්ඩ් බහුලව භාවිතා වුවද ඉන්දියාවේ තවමත් ලේඛනගත කර නොමැති බව පෙර පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.

COVID-19 වසංගතය නැවැත්වීම සඳහා එන්නත් ඉතා ඵලදායී සහ ආරක්ෂිත බව පෙන්නුම් කර ඇත. කෙසේ වෙතත්, TTS සහ VITT වැනි දුර්ලභ අහිතකර බලපෑම් ඇතිවීමේ දුරස්ථ අවස්ථාවක් තිබේ. පූර්ව රෝග විනිශ්චය සහ ඉක්මන් මැදිහත්වීම රෝගියා කළමනාකරණය සඳහා ප්‍රධාන වේ. එන්නත් වල ආරක්ෂිත පැතිකඩ නියාමන බලධාරීන් විසින් සූක්ෂම ලෙස නිරීක්ෂණය කරන බව අවධාරණය කළ යුතුය.

රුධිර කැටි ගැසීම් සහ අඩු රුධිර පට්ටිකා අඩු වීම හේතුවෙන් මෙම එන්නත ලබා ගත් සියලු දෙනා ම මිය යාමේ අවදානමක් ඇති බවත් එය ඉන්දීය රජයේ අසාර්ථකත්වයක් බවත් පැවසීම සමස්ත තත්වය අතිශයෝක්තියක් හා නොමඟ යැවීමකි.

The Healthy Indian Project (THIP) යනු ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ආරක්ෂණ ජාලයේ (VSN) සාමාජිකයෙකු වන අතර එන්නත් පිළිබඳ නිවැරදි තොරතුරු සපයයි.

අතුරු ආබාධ සියලු එන්නත් වල පොදු ලක්ෂණයක්ද?

ඔව්. එය විය හැක. බොහෝ එන්නත් සඳහා මෘදු අතුරු ආබාධ ඉතා දුර්ලභ නොවේ. නමුත් උණ සහ වේදනාව වැනි මෙම අතුරු ආබාධ තාවකාලිකයි. එන්නත් කිරීමේදී බොහෝ වෛද්‍ය වෘත්තිකයන් විශ්වාස කරන්නේ එන්නත් ලබා දෙන ප්‍රතිලාභ හා සසඳන විට අතුරු ආබාධ ඉතා අඩු බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වෙබ් අඩවියට අනුව, “එන්නත් ඉතා ආරක්ෂිතයි. ඕනෑම ඖෂධයක් මෙන්, එන්නත් අතුරු ආබාධ ඇති කළ හැකිය. කෙසේ වෙතත්, මේවා සාමාන්‍යයෙන් ඉතා සුළු හා කෙටි කාලීන වේ, එනම් අතේ අමාරුවක් හෝ මද උණක් වැනි තත්ත්වයක්. වඩාත් බරපතල අතුරු ආබාධ තත්ත්වයන් ද, ඇතිවිය හැකි නමුත් එය අතිශයින් දුර්ලභ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඔබ Covishield එන්නත් කර ඇත්නම් ඔබ මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුද?

නැත. මේ වන විට කලබල වීමට හේතුවක් නැත. කේරලයේ ජාතික ඉන්දියානු වෛද්‍ය සංගමයේ (IMA) Covid කාර්ය සාධක බලකායේ සම සභාපති වෛද්‍ය ජයදේවන් සඳහන් කර ඇත්තේ, ඉහත තත්ත්වයන් විශේෂිත එන්නත් වර්ග සහ වෙනත් හේතූන් මත සිදුවන දුර්ලභ සිදුවීමක් පමණක් බවයි එසේම, රුධිර පට්ටිකා අඩු වීම වාර්තා වන විට දුර්ලභ අවස්ථාවන්හිදී, එය බොහෝ විට එන්නත් සති කිහිපයක් ඇතුළත සිදුවන බව ත්, එබැවින්, ඔබ රුධිර පට්ටිකා අඩු වීමෙහි කිසියම් රෝග ලක්ෂණයකට මුහුණ දෙන්නේ නම්, සුපරීක්ෂාකාරීව සිටින්න සහ වහාම වෛද්‍යවරයෙකුගෙන් මේ පිළිබඳ විමසන ලෙසයි. මෙම පිළිබඳ වැඩි දුර තොරතුරු අයත් The Healthy Indian Project හි වාර්තා මෙතනින් සහ මෙතනින්.

ඉන්දීය ජ්‍යෙෂ්ඨ වෛරස් විද්‍යාඥ වෛද්‍ය ෂාහිඩ් ජමීල් We The People හි නවතම කථාංගය සමඟ Covishield එන්නත සම්බන්ධ ගැටළු පැහැදිලි කිරීමට එක් වූ අතර ඔහු ප්‍රකාශ කළේ, "කිසිදු එන්නතක් 100% ආරක්ෂිත හෝ 100% ඵලදායී නොවන බවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසන්නේ ඇස්ට්‍රාසෙනෙකා - කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන් මෙරට ජනතාව කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බවය. ඒ සම්බන්ධයෙන් ඒ මහතා ප්‍රධාන මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඇස්ට්‍රාසෙනෙකා - කොවිෂිල්ඩ් එන්නත ලබා ගත් ශ්‍රී ලාංකිකයින් බියට හෝ කලබලයට පත්විය යුතු නැති බව ත් ය.

ශ්‍රී ලංකා වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනුව ඇස්ට්‍රාසෙනෙකා - කොවිෂීල්ඩ් නමින් මෙරටට ගෙන්වූ එන්නත පළමු මාත්‍රාව ලෙස පුද්ගලයින් 1,479,631ක් ලබාගෙන ඇති අතර එම එන්නත දෙවන මාත්‍රාව ලෙස 1,418,593 දෙනෙකු ලබාගෙන තිබේ.

කෙසේවෙතත්  ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට එම සමාගම පසුගියදා බ්‍රිතාන්‍ය මහාධිකරණය ඉදිරියේදී තීරණය කර තිබෙනවා.

Also Read : කෝවිඩ් එන්නතේ අතුරු ප්‍රතිඵලයක් ලෙස දැන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු තුළ තිබී ලේ කැටිති හමුවෙනවා ද ?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Avatar

Title:Astra Zeneca කොවිඩ් එන්නත ලබා ගත් සියල්ලට ම රුධිර කැටි ගැසීම් සහ පට්ටිකා ප්‍රමාණය අඩුවීමේ අවදානමක් තියෙනවද? ඇත්ත දැන ගන්න කියවන්න

Fact Check By: Pavithra Sandamali

Result: Insight