දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ස්වාභාවික ආපදා පිළිබද නිරන්තර සමාජ ජාලාවල කතාබහට ලක්වෙනවා.නමුත් මේ සම්බන්ධයෙන් සමාජ ජාලාවල පළවන සමහර වීඩියෝ නොමගයවන සුළු ඒවායි.මේ ජපානයේ සුනාමියක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද එවන් කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන්

ජපානයට මෑතදී බලපෑ දැවැන්ත සුනාමියක් පෙන්නුම් කරන බව කියන වීඩියෝ පටයක් දස දහස් වාරයක් නරඹා ඇති අතර එය 2024 අගෝස්තු මාසයේදී එහි ඇති වූ භූමිකම්පාවකින් පසුව රූගත කරන ලද බවට සටහනක් සමග ව්‍යාප්තවේ .

"ඊයේ ජපානයට බලපෑ සුනාමිය” සටහන සමග වීඩියෝව පැතිරේ .වෙරළබඩ ප්‍රදේශයක රළ සමග බෝට්ටු සහ මෝටර් රථ ගසාගෙන යන ආකාරය එහි පෙන්නුම් කරන අතර සමහර අය උස් බිම්වල සිට බලා සිටිති. පසුබිමින් සයිරන් හඬ ඇසේ.

"ඊයේ ජපානයට බලපෑ සුනාමිය -- සියලු දෙනා සහ සියලු සතුන් ආරක්‍ෂා වේවා" යන පාඨය වීඩියෝ පටයේ සඳහන් විය.

ඒ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

අගෝස්තු 8 වන දින දකුණු ජපානයට බලපෑ රික්ටර් මාපක 7.1 ක ප්‍රබල භූමිකම්පාවකින් පසුව මෙම වීඩියෝව මතු වූ නමුත් එම භුමි කම්පාවෙන් විශාල හානියක් වාර්තා නොවූ අතර සාපේක්ෂ වශයෙන් කුඩා සුනාමි රළ පමණක් වෙරළ තීරයට පැමිණි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.එම වාර්තාවකට පිවිසිය හැකියි මෙතනින්

කෙසේ වෙතත්, එම වීඩියෝවේ දැක්වෙන්නේ 2011 වසරේ ජපන් රටට බලපෑ දැවැන්ත භූමිකම්පාවකින් හටගත් සුනාමි තත්ත්වයයි.එය 2024 අගෝස්තු භූමිකම්පාවට සම්බන්ධ සිදුවීමක් නොවේ .

පැරණි දර්ශන

ජපාන නාලිකාවක් වන TBS News විසින් විකාශනය කරන ලද ක්ලිප් එකක නොමගයවනසුලු වීඩියෝවේ දර්ශන දෙකක් පමණ දැකගත හැක .

TBS වීඩියෝව 2021 පෙබරවාරි 25 වන දින මුදාහරින ලද අතර එය 2011 මාර්තු 11 වන දින මියාකෝ නගරයේ වෙරළට ලගාවූ සුනාමියේ දර්ශන පෙන්වන ශීර්ෂ පාඨයක් සමඟින් ප්‍රකාශයට පත් කරන ලදී.

https://youtu.be/fho7JDaynw8?si=HaoekO3kPguxWrj7

තත්පර 43 සීමාවේදී ජලය පිරුණු ප්‍රදේශයේ සිරවුණු වාහන දෙකක් දක්නට ලැබෙන අතර එමෙන්ම විනාඩි 1ක් සහ තත්පර 47 දී නිල් පැහැ කන්ටේනර් සහ දුසිම් ගණන් වාහන ජලයේ ගසාගෙන යන අයුරු දිස්වේ .එම දර්ශන නොමගයවන සුළු වීඩියෝවේ තත්පර 12 සහ තත්පර 46 දර්ශන වලට වලට ගැලපේ.

ඉහත දැක්වෙන්නේ නොමගයවන සුළු වීඩියෝවේ (වමේ) සහ TBS News දර්ශනවල (දකුණේ) එම දර්ශනවල සැසඳීම් ය:

ඒ හා සමානව, ව්‍යාජ වීඩියෝවේ තවත් දර්ශනයක් 2023 මාර්තු 11 වන දින ජපන් විකාශන සමාගමක් වන Minaminihon Broadcasting Corporation (MBC) විසින් ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝ පටයකට ගැලපේ (Archived ).

2011 භූමිකම්පාවේ 12 වැනි සංවත්සරය නිමිත්තෙන් MBC ක්ලිප් එක විකාශනය කර ඇති බව වාර්තාවේ දැක්වේ.

MBC වීඩියෝ පටයේ තත්පර 42 සීමාවේදී උස් බිමක සිට පිරිසක් විනාශය නරඹන ආකාරය දෙනෙකු රූගත කර ඇත, එය නොමගයවනසුලු වීඩියෝවේ තත්පර 54 සීමාවේ දර්ශනයට ගැලපේ.

පහත දැක්වෙන්නේ නොමගයවන සුළු වීඩියෝවේ (වමේ) සහ MBC දර්ශනවල (දකුණේ) සේයාරූ සංසන්දනය කිරීමකි.

අන්තර්ජාලය හරහා පැතිරෙන ලද දර්ශනවල පිහිටීම , 2021 දී Google Maps මත Miyako හි තොටුපළක ටැග් කළ රූපයක් සමඟ අනුරූප වේ:එම සේයාරුව මෙතනින්

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

නිගමනය

ඒ අනුව පැහැදිලි වන්නේ 2011 දී සිදුවූ සුනාමියේ දර්ශන 2024 අගෝස්තු භුමිකපාවක් ඇතිවූ අවස්ථාවේ ඇතිවූ දවන්න්ත සුනාමියක දර්ශන ලෙස සමාජ ජාලාවල පැතිරෙන බවයි.2024 අගෝස්තු භූමිකම්පාවෙන් ජපානයට ඇතිවුවේ සුළු සුනාමි තත්ත්වයකි.2011 මෙන් දැවැන්ත සුනාමියක් ඇති නොවිය.

Avatar

Title:ජපානයේ ඇතිවූ පැරණි 2011 සුනාමියේ දර්ශන 2024 භූමිකම්පාවෙන් පසුව ඇතිවූ සුනාමියක් ලෙස සමාජ ජාලාවල

Fact Check By: Kalana Krishantha

Result: Misleading