ලංකාවේ සිදුවූ ‘මහවිරු සැමරුම්’ වීඩියෝවක් ද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

යුද ගැටුම්වලින් 1982 නොවැම්බර් 27 වැනිදා මියගිය එල්ටීටී ක්‍රියාකාරියෙකු වු ලුතිනන් සංකර් නමැත්තා සිහි කරමින් 1989 නොවැම්බර් 27 වැනිදා මුලතිව් කැළැවේ නිත්තකෙයිකුලම ප්‍රදේශයේ මහවිරු සැමරුම පැවැත්වීම මේ දක්වා වාර්ෂිකව සිදු කරනු ලැබුවා. ත්‍රස්තවාදි එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමත් සමග 2009 සිට වසර 7ක් පුරා එය සැමරීමට සම්පූර්ණයෙන්ම තහනම් වූවත්,

2015 වසරේදී මහවිරු උත්සවය පැවැත්වීමට අවසර ලැබුණු අතර මහවිරු සැමරුම් වෙනුවෙන් තහනම් ත්‍රස්ත සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කිසියම් නීතිවිරෝධී සැමරුමක් සිදු නොකර සැමරීම ට අධිකරණයෙන් ද, අවසර හිම වුණා. ඒ අනුව වාර්ෂිකව යුද්ධයෙන් මිය ගිය සියලු දමිළ වැසියන් සිහිකර මේ දක්වා මෙම සැමරුම සිදු කරනු ලැබුවත්, වත්මන් රජයට උතුරේ සහය ද, හිමි වීමත් සමග මෙම සැමරුම සම්බන්ධයෙන් බොහෝ පාර්ශව අවධානයෙන් පසු වූ අතර ඒ සම්බන්ධයෙන් බහුලව අසත්‍ය තොරතුරු ද, පැතිර වීමට කටයුතු කෙරුණා. එලෙසින් නොමග යන සුළු තව ත් සටහනක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

යාපනය ජනතාව මහවිරු දිනය මේ දිනවල සැමරූ අයුරු බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා. මෙහි දක්වා තිබුණේ, LTTE ධජය සහ එම ත්‍රස්ත සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ඡායාරූප ද, පෙන්වමින් යුද්ධය නිසා මිය ගිය අනෙකුත් වැසියන්ගේ සොහොන් කොත් අනුස්මරණය කරමින් සමරන බවක්.

Facebook

තවත් වීඩියෝවක් මෙතනින්. Archived Link

එමෙන් ම හිරු ප්‍රධාන මාධ්‍යධාරාවේ ඔවුන්ගේ Facebook පිටුවේ මෙන් ම TikTok ගිණුම ඔස්සේ පළ කර තිබූ වීඩියෝවක මුල් කොටසේ ද මෙම සැමරුම ඊයේ(26) මෙරට පැවැත් වූ බව ට දක්වා තිබුණේ මෙලෙසින්.

Tiktok

මෙම වීඩියෝවල දැක්වෙන්නේ සත්‍යයක් ද, යන්න අප පරීක්ෂා කිරීමට පියවර ගත්තා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මෙම වීඩියෝව හොඳින් පරීක්ෂා කිරීමේදී මෙම වීඩියෝවේ සඳහන් කර ඇති දිනය 2024.11.27 වන දින දමිළ බසින් මහවිරු දිනය සැමරුම ලෙස සඳහන් කර ඇති බව දැක ගන්නට ලැබේ. නමුත් මෙය සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ(26) දින සිට හුවමාරු වූ හෙයින් මෙය පැරණි වීඩියෝවක් ද, යන්න අප පරීක්ෂා කිරීමට කටයුතු කරනු ලැබුවා.


ඒ අනුව මෙම වීඩියෝවේ රූප රාමු අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

ඒ අනුව දැක ගන්නට ලැබුණේ, මෙම වීඩියෝව මෙරට වීඩියෝවක් නොව 2023 වසරේ එනම් පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි හි දමිළ වැසියන් විසින් සංවිධානය කර තිබූ මහවිරු සැමරුමුක් බවයි. එම වීඩියෝව 2023 වසරේ පළ වී තිබුණේ මෙලෙසින්.

Archived Link

මෙම අවස්ථාව සම්බන්ධයෙන් Youtube හි පළ වූ වීඩියෝවක් මෙතනින්. පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ දමිළ මාධ්‍යයෙන් පළ වූ පුවත් පතක මෙම සැමරුම සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින් සහ මෙතතින්. Archived Link| Archived Link

ඒ අනුව උතුරේ මෙවර මහවිරු සැමරුමක් ලෙස පෙන්වූ ඉහත වීඩියෝව 2023 වසරේ ඔස්ට්‍රේලියාවේ දමිළ ජනයා පැවැත් වූ සැමරුමක් බවට තහවුරු වේ.

එමෙන් ම මහවිරු සැමරුම යෙදන නොවැම්බර් 27 වන අද දිනයේ මෙරට කිලිනොච්චියේ මෙම අනුස්මරණ සැමරුම සිදු කළ අවස්ථාවක් මෙතනින්.

නමුත් මෙහිදී තහනම් සංවිධානයක් වූ LTTE ධජය හෝ, ප්‍රභාකරන්ගේ රුව රැගත් ඡායාරූප ප්‍රදර්ශනය කරමින් සමරා නැති බව දැක ගන්නට ලැබේ.

අප උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් ද, කළ විමසීමේදී ඔවුන් පවසා සිටියේ, LTTE ධජය හෝ, ප්‍රභාකරන්ගේ රුව රැගත් ඡායාරූප ප්‍රදර්ශනය කරමින් සැමරීම් සිදු කර නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම සැමරුම යුද්ධය හේතුවෙන් ජීවිතය අහිමි වූ අය අනුස්මරණය කොට සැමරීමට අවස්ථාව ලබා දී තිබුණ ත්, ඉහත සඳහන් කළ පරිදි LTTE ධජය හෝ, ප්‍රභාකරන්ගේ රුව රැගත් ඡායාරූප ප්‍රදර්ශනය කරමින් සැමරීමට අධිකරණයෙන් ද, අවසරය හමු නොවුණි.

Also Read : යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුම පිළිබඳව පළවන නොමඟ යවන සුළු ඡායාරූප පෙළක්!

දමිළ ‘මහවිරු’ දිනය සැමරීමට දෙමළ ජනතාවට තවදුරටත් බාධාවක් නොමැති බවට ජනපතිගෙන් ලිපියක්?

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ,  මෙරට මහවිරු සැමරුමේ වීඩියෝවක් ලෙස ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ දැක්වෙන්නේ, මෙරට වීඩියෝවක් නොව 2023 වසරේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන දමිළ ජනයා සිදු කරන ලද මහවිරු සැමරුමකි.

Avatar

Title:මෙරට ‘මහවිරු සැමරුමේ’ වීඩියෝවක් ද?

Written By: Pavithra Sandamali  

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *