ඩිජිටල් නියෝජ අමාත්‍යවරයා, කොළම පරිගණක විද්‍යාතනයේ දී සිදුකළ පරිගණක සොරකමක් ?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

නිල නොලත් මූලාශ්‍ර නොමැති පුවත්, ලිපි හරහා බොහෝ අවස්ථාවලදී නොමග යන හෝ අසත්‍ය තොරතුරු නැත්නම් ගොතන ලද තොරතුරු ඇතුළත් කරමින් පළ කරනු ලබනවා. මෙලෙසින් ඇතැම් පුද්ගලයන් සම්බන්ධ අසත්‍ය තොරතුරු පැතිර වීමට ගොසිප් වැනි වෙබ් අඩවි හරහා ද, බහුලව සිදු කරනු ලබනවා. එ් ආකාරයෙන් පළ වූ ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් ලිපියක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“අනුරගේ ජාතික ලැයිස්තුවෙන් පත් කල එරංග වීරරත්න ඩිජිටල් උප ඇමතියා පරිගණික දත්ත සොරකම් කර නඩුවකට අසුවූ කෙනෙකි.

එරංග නැමැත්තා කොලබ විශ්ව විද්‍යාලයහි එවකට සිටි පරිගණක අංශයේ ප්‍රදාන නිලදරි වූ Prof. ගිහාන් වික්‍රමනායකට  අයත් ලැප් ටොප් එක සොරකම් කොට දත්ත සොරකම් කිරීමේ චෝදනාවකට ලක් වූ අයෙකි. මේ සම්බන්දයෙන් කොටුවේ මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක් මොහුට විරුද්දව යොමු කොට ඇත.

රටේ ඩිජිටල් අංශය බාර ගන්නා මොහු රජයේ සහ ජනතාවගේ එකතු කරන දත්තයන් පිටට විකිනීමට ඇති අවදානම වැඩි වී ඇත” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූයේ මේ අයුරින්.

Facebook | Archived Link

මෙම සටහන ‘X’ ඔස්සේ පළ වී තිබුණේ මේ අයුරින්.

X | Archived Link

මෙම සටහන් වලින් පෙන්වා දෙන්නේ, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ සේවයේ නියුතුව සිටි 2012 වසරේ දී, එහි කුලපතිවරයාගේ සීඩී තැටි සහ ඩීවීඩී තැටි ගණනාවක් සමඟ වැදගත් දත්ත අඩංගු ලැප්ටොප් පරිගණකයක් ද සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවති බවයි.

මෙම වාර්තාවලට අනුව, පැමිණිලිකරු කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ කුලපති ගිහාන් වික්‍රමනායක බවත්, කුලපති ඒකකයට අනුයුක්ත මෘදුකාංග ඉංජිනේරුවන් දෙදෙනකු ලෙස සේවය කළ සැකකරුවන් වන එරංග වීරරත්න සහ සුමිත් බන්දුල ගමගේ යන දෙදෙනාට එරෙහිව මෙම නඩුව තිබූ එම සටහන් වලින් වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.

මෙහි නිරවද්‍යතාව සෙවීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් ආයතන වලින් මෙවැනි පුවතක් වාර්තා කර තිබෙනවා ද යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂාවට ලක් කළා. නමුත් එවැනි පුවතක් පළ වී ඇති බවට දැක ගන්නට නොලැබුණි.

Gossip Lanka වෙබ් අඩවියේ මේ සම්බන්ධයෙන් සටහනක් පමණක් වාර්තා වී තිබුණා. එමෙන් ම එය 2012 වසරේ පළ වූ ලිපියක් බවට එහි දක්නට ලැබුණේ මෙලෙසින්. Archived Link

කෙසේ වෙතත් මෙම තොරතුර 2012 පළ කරන ලද අතර 2018 වසරේදී මෙම වෙබ් අඩවියේ සංරක්ෂිත අනුවාදයකින් මෙලෙසින් තහවුරු වේ. ඒ අනුව මෙය මෑතකදී පළ කරන ලද සටහනක් නොවන බව ට පැවසිය හැක.

කිසිඳු නිල පුවත් මුලාශ්‍රයක මේ පිළිබඳව සඳහන් වන්නේ නැහැ!

ඒ අනුව, 2012 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය (UCSC) මෙවැනි පරිගණක සොරකමක් සිදුවූවා ද යන්න සම්බන්ධයෙන් එවකට සිටි බව කියන කුලපති ගිහාන් වික්‍රමනායක මහතා යන අයගේ නම් ද, Keyword භාවිත කරමින් මේ සම්බන්ධයෙන් තොරතුරු සෙවීම සිදු කළ අතර එහිදී දැක ගන්නට ලැබුණේ, 2018 වසරේ, මහචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා ජීවිතක්ෂයට පත් වී ඇති බවත්, ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයයේ කුලපති නොව, හිටපු අධ්‍යක්ෂක බවයි. Archived Link

කෙසේ වෙතත් ඒ මහතා ජීවත් ව සිටි සමයේ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ ඔහුගේ ලැප්ටොප් පරිගණකය සොරකමක් කළ බවට සිදු වීමක් හෝ කොළඹ විශ්ව විද්‍යාලය තුළ පරිගණක සොරකමක් සිදු වූ බව ට කිසිදු නිල පුවතක් දක්නට නොලැබුණි.

එමෙන් ම ඉහත සිදුවීම සත්‍ය වශයෙන් සිදු වූවා නම් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබිය යුතු වූව ත්, එවැනි පුවතක් වාර්තා නොවීම ත්, ගොසිප් වාර්තාවක පමණක් එම තොරතුරු වාර්තා වීම ත්, තව ද, ඔවුන් අත්අඩංගුවට ගත්තේ නම් ඒ කුමන පොලිස් ස්ථානයද යන්න පිළිබඳ වාර්තා නොවීම ත්, කොටුව මහේස්ත්‍රාත් උසාවියක නඩුවක් පවතින් බවට පමණක් සඳහන් කර තිබීම යන කාරණා මෙම පුවතේ නිරවද්‍යතාව පිළිබඳ සැකයට බඳුන් වේ.

කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ වත්මන් අධ්‍යක්ෂක

ඒ අනුව මෙවැනි සොරකමක් 2012 වසරේ සිදුවී ඇත්දැයි යන්න පිළිබඳ  අප කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ වර්තමාන අධ්‍යක්ෂ ආචාර්ය ඩී.ඒ.එස් අතුකෝරළ මහතාගෙන් විමසීමක් කළා.  ඒ මහතා මේ සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදු කිරීමෙන් පසුව සඳහන් කළේ, කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යාතනයේ පරිගනක සොරකමක් වූ බවට හෝ කිසිදු පැමිණිල්ලක් පොලීසිය වෙත සිදු කළ බව ට වාර්තා නොවන බවයි. එමෙන් ම කුලපති කෙනෙක් මෙම අධ්‍යනආයතනයට නොමැති බවත්, මෙම පරිගණක පාසලක් බැවින් ඇත්තේ අධ්‍යක්ෂවරයෙක් බව ත මහචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා ද,කුලපති නොවන බවත් සඳහන් කළා.

කෙසේ වෙතත් ගිහාන් වික්‍රමනායක මහතා අධ්‍යක්ෂව සිටි කාලයේදී පවා පරිගණක අධ්‍යාතනය තුළ හෝ ඔහුගේ පරිගණකයක් සොරකම් කළ බව ට වාර්තා වී නොමැති බව ත්, ඒ මහතා පෙන්වා දෙනවා.

එමෙන් ම සමාජ මාධ්‍ය සටහන් සහ ගොසිප් වෙබි අඩවි පෙන්වා දෙන පරිදි ඉහත නම් දරන එරංග වීරරත්න සහ සුමිත් බන්දුල යන අය කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ මෘදුකාංශ ශිල්පීන් ලෙස සේවය කළ බව ට පළ වන තොරතුර ද සම්පූර්ණයෙන් ම අසත්‍ය තොරතුරක් බව ත්, ඔවුන් මෙහි කාර්ය මණ්ඩලයේද, නොසිටි බව තහවුරු කළ හැකි බව ද, අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් සඳහන් කරමින් ප්‍රකාශ කළේ, මෙය සම්පූර්ණයෙන් ම ගොතන ලද කතාවක් බවයි.

මෙම පුවත ව්‍යාජ නිර්මාණයක් බවට, ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍යවරයා ද තහවුරු කර සිටිනවා!

මේ සම්බන්ධයෙන් ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ උපදේශක අප කළ විමසීමේදී පවසා සිටියේ,  අමාත්‍යවරයා සිය උපාධිය හදාරනු ලැබුවේ, මොරටුව විශ්වවිද්‍යාලයේ බවත්, කොළඹ පරිගණක ආයතනයේ අධ්‍යාපනය මෙන් ම, එහි කාර්ය මණ්ඩලයේ හෝ ඒ මහතා නොසිටි බවයි. මෙය එවකට සිටි සම්පූර්ණයෙන් ම ගොතන ලද කතාවක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

මෙවැනි අසත්‍ය තොරතුරක් හෝ නිර්මාණය වීමට හේතු පිළිබඳ ද, අප පරීක්ෂා කළ අතර එහිදී එම කාලවකවාණුවේ සිට මේ දක්වා සිටින මෙම ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන්ගෙන් ද, විමසා අප සොයා ගත් තොරතුරු වලට අනුව, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සහ ඔහුගේ මිතුරෙකු වන සුමිත් බන්දුල ගමගේ යන අය විසින් ඔවුන් ව්‍යාපාරයේ නියැලුනු පරිගණක මෘදුකාංග සම්බන්ධ ආයතනය හා තරඟකරුවන් වන වෙනත් ආයතන විසින් එවකට නිර්මාණය කරන ලද කතාවක් විය හැකි බවයි.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

AvatarTitle:ඩිජිටල් නියෝජ අමාත්‍යවරයා, කොළම පරිගණක විද්‍යාතනයේ දී සිදුකළ පරිගණක සොරකමක් ?Fact Check By: Pavithra Sandamali  Result: False


Leave a Reply