Fact Check: රම්මලේ රක්ෂිතයේ සිදුවූ වන සංහාරයේ සිතියමක් ද?

ලොව විවිධ ප්‍රදේශවල වන විනාශයන් පිලිබඳ ඡායාරූප යොදා ගනිමින් ලංකාවේ සිදුවන වන සංහාරයන් බව පෙන්වීමට සටහන් රැසක්ම පසුගිය දින කිහිපයේ දී ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වන බව අපට දැකගනන්ට ලැබුණා. මෙවැනි සටහන් පිළිබඳව අප සිදුකළ විමර්ශනයක් මෙතනින් මේ ආකාරයෙන්ම හුවමාරු වූ තවත් සටහන් පෙළක ගූගල් සිතියම් සන්සන්දනය කරමින් පෙන්වීමට උත්සාහ ගෙන තිබුනේ දකුණු […]

Continue Reading

FACT CHECK: ලංකාවේ විවිධ ප්‍රදේශ වල සිදුවන වන සංහාරයන්ගේ ඡායාරූප පෙළක් ද?

මේ වන විට නැවතත් වන විනාශ සම්බන්ධයෙන් දැඩි ලෙස කතා බහට ලක් වෙනවා. ඒ සිරස ලක්ෂපති වැඩසටහනට පැමිණි තරුණියක් විසින් සිංහරාජ රක්ෂිතයේ මායිමේ සිදු වන විනාශයක් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ද සමඟින්. ඒ සම්බන්ධයෙන් අප කළ සවිස්තරාත්මක විමර්ශනය මෙතනින්.  එම උණුසුම පහව යන්නටත් පෙර තවත් වනාන්තර කිහිපයක් හෙළි පෙහෙළි කිරීම් සම්බන්ධයෙන් ඡායාරූප සහිත සටහන් සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: පිදුරුතලාගල රක්ශිත කලාපයේ වන සංහාරයක් සිදුවන බවට පලව ඇති ෆේස්බුක් පුවත සත්‍ය එකක්ද?

පසුගිය වසර පුරාම පාගේම පරිසර විනාශයන් හා සම්බන්ධ විවිධාකාරයේ පුවත් අසන්නට ලැබුණු අතර බොහෝ පිරිසක් ඒ වෙනුවෙන් විරෝධතා පළකර තිබු බවක් දැකගනන්ට ලැබුණා. මේ අතර පරිසර සුරැකීමේ සංවිධාන ප්‍රධාන තැනක් ගෙන කටයුතු කර තිබුණා. මේ අතර අසත්‍ය සහ නොමඟ යවන සුළු පුවත් ද නිර්මාණය වී තිබු අතර අප එබඳු සටහන් පිලිබඳ මීට පෙර සිදුකරන ලද […]

Continue Reading

FACT CHECK: සිංහරාජයේ වන විනාශය ගැන යුනෙස්කෝව පසුගිය දා ප්‍රකාශයක් සිදු කළා ද?

සිංහරාජ රක්ෂිත වනාන්තරය ආශ්‍රිතව සිදුවන වන සංහාරයන් පිළිබඳව පසුගිය කාලයේ නොයෙකුත් දෙනා අදහස් පළ කරද්දි ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ (SLNCU) ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා මාධ්‍ය වෙත පැවසූ ප්‍රකාශයක් හේතුවෙන් සමාජය යළි කැළඹී තිබෙනවා. එ්, සිංහරාජ වනාන්තරයේ කිසිදු වන විනාශයක් සිදු නොවුනු බවට UNESCO කියයි යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය ධාරා සටහන් […]

Continue Reading

FACT CHECK: සිංහරාජ රක්ෂිතයේ වන විනාශයක් බව දැක්වීමට උපහාසාත්මක කෝණයකින් පළකරන ලද ව්‍යාජ සටහන් පෙළක්!

සිංහරාජයේ වන විනාශය මේ දිනවල උණුසුම් මාතෘකාවක් ද වනවා. දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ලොව විවිධ ස්ථානවල ඡායාරූප යොදාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ නොයෙකුත් අසත්‍ය සටහන් පිළිබඳව අප මෙවැනි සත්‍ය කරුණු විමර්ශන සිදුකළා. සිංහරාජ රක්ෂිතයේ ප්‍රදේශයක් යයි සඳහන් කරන තවත් ඡායාරූපයක් පිළිබඳ විමර්ශනයක් කරන ලෙස කළ ඉල්ලීම් රැසක් අප වෙත ලැබුණු අතර ඒ පිලිබඳ විමර්ෂණයේදී පෙනී ගියේ එම […]

Continue Reading

Fact Check: දෙගල්ල කඳු වැටියේ මේ දිනවල සිදුවන වන විනාශයක්ද?

වනාන්තර හෙළි කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල නොයෙකුත් පුවත්, ඡායාරූප, වීඩියෝ දසුන් ඉතාමත් සීඝ්‍රයෙන් හුවමාරු වනවා දැක ගන්නට පුළුවන්. මේ අතර පැරණි පුවත් සහ සටහන් ද නැවත නැවතත් පළ වෙනවා දැක ගන්නට පුළුවන්. පසුගිය වසරක සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුන සිංහරාජ, නෙළුව,දෙගල්ල කඳු වැටියේ යැයි හැඟවෙන ඡායාරූපයක් රැගත් සටහනක් මේ දිනවල නැවතත් ජනතාව […]

Continue Reading

Explained: සිංහරාජ රක්ෂිතයේ සිදුවන වන විනාශය පිළිබඳ හුවමාරු වන සටහන් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

පසුගිය දා රූපවාහිනී වැඩසටහනකට පැමිණි තරුණියක විසින් එම වැඩසටහන අතර තුළ සිංහරාජ රක්ෂිතය මායිමේ රක්වාන ප්‍රදේශයේ හෝටලක් ඉදිවන බවට කළ ප්‍රකාශය ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, මහත් ආන්දොලනයකට තුඩුදුන් මාතෘකාවක් බවට පත්වුණා. එම සිද්ධිය මුල් කරගනිමින් නොයෙකුත් ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනු දක්නට ලැබුණා. තවද එම ප්‍රකාශයෙන් පසුව අදාළ […]

Continue Reading

Fact Check: රජයේ අනුග්‍රහයෙන් මීරිගම, හල්පෙ රක්ෂිතයේ සිදුවන වන විනාශයක්?

පරිසර විනාශයන් හා සම්බන්ධයෙන් පුවත් රැසක් පසුගිය වසරේ පළ වී තිබූ අතර මේ වසරේ ද පුවත් රැසක් දැකගනන්ට ලැබෙනවා. මේ අතර වන විනාශයන් බව දක්වමින් පළවූ අසත්‍ය හා නොමඟ යවන සුළු සටහන් කිහිපයක් පිළිබඳව ද අප කරුණු විමර්ශන සිදුකළා. ඒවා මෙතනින් සහ මෙතනින්. හල්පෙ රක්ශිතයට අයත් කඳු යායක සිදුවන පාරිසරික විනාශයක් පෙන්වීමට පසුගිය දා හුවමාරු […]

Continue Reading

FACT CHECK: සිය වියදමෙන් නැවත වන වගාව කරන ලෙස රිෂාඩ් බදීයුදීන් මහතාට නියෝග වූ ප්‍රදේශයේ, යුද හමුදාව විසින් නැවත වන වගාව ආරම්භ කළාද?

විල්පත්තු අභයභූමියේ පරිවාර වනාන්තර කොටස් එළි කරමින්, අවතැන් වූ පිරිස් නැවත පදිංචි කරවීමට එරෙහිව පසුගිය කාලයේ විශාල මහජන මතයක් ගොඩ නැගුණි.   පරිසර යුක්ති කේන්ද්‍රය නමැති සංවිධානයක් මෙම වන සංහාරයට විරුද්ධව නීතියේ පිහිට පැතූ අතර, තීන්දුව ලබා දීම කිහිපවරක් ප්‍රමාද වුවුද, අවසානයේදී නීති විරෝධි ලෙස වනය එළි පෙහෙළි කල කල්ලාරු රක්ෂිත ප්‍රදේශයේ ඉඩම්වල වන වගාව, […]

Continue Reading

වනාතවිල්ලුවේ හට ගත්තේ ලැව් ගින්නක් යනුවෙන් ආනන්ද සාගර හිමි පැවසු බවට පළවූ ව්‍යාජ සංස්කරණයක්!

පරිසර විනාශයන් පිලිබඳව මේ දිනවල විශාල වශයෙන් කතාබහට ලක්වෙන අතර මේ හා සම්බන්ධ සත්‍ය මෙන්ම අසත්‍ය හා තහවුරු නොකරන ලද පුවත් සහ විවිධාකාරයේ මත සමාජ ජාලා අවකාශය තුල සැරිසරනු අපට දැකගත හැකියි. පසුගිය කාලයේ මෙවැනි ක්‍රියාකාරකම් සිදුවන අවස්ථා වලදී නොයෙකුත් පාරිසරික සංවිධානවල ක්‍රියාකාරීන් මේ සඳහා මැදිහත්වෙමින් හඬක් නඟන බවද දැකගන්නට ලැබුණා. මෙම කටයුතු වලදී සක්‍රීයව […]

Continue Reading