ජනාධිපතිවරණයෙන් 50.30% ක ප්‍රතිශතයක් ලබමින් අනුර කුමාර දිසානායක ඉදිරියෙන් ද?

Update: 2024-09-22 10:37 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

2024 ජනාධිපතිවරණයේ පළුම වටයෙන් 50.30% ලබා ගනිමින් ජාති ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළ බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් වල සත්‍ය තොරතුරු සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ජනාධිපතිවරණයෙන් 50.30% ක ප්‍රතිශතයක් ලඅනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වී තිබුණා.

ෆේස්බුක් ඔස්සේ පළ වූ සටහන පහතින්.


මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරික්ෂාවක් සිදු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

2024 ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙක්ට 50% ක් ලබා නොමැති බැවින් තමන් වෙත පැවරී ඇති බලතල අනුව දෙවන මනාප ගණන් කිරීමක් සිදු කරන බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් පැවසුවා.

2024 ජනාධිපතිවරණයේ ප්‍රථම වටයේ ගණනය කිරීමෙන් පසුව අවසන් ප්‍රතිඵලය මෙසේයි
අනුර කුමාර – 5,634,915 - 42.31% , සජිත් ප්‍රේමදාස – 4,363,035 - 32.76%  , රනිල් වික්‍රමසිංහ – 2,299,767 - 17.27%

ඒ අනුව කිසිඳු ජනාධිපතිධුර අපේක්ෂකයෙකු මෙවර මැතිවරණයේ දී 50%කට ආසන්න හෝ ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නොමැති බව පැහැදිලියි.
ඒ අනුව දෙවන වටයේ ඡන්ද ගණන් කිරීම සඳහා යොමු වීම සිදුවන බවත් එහිදී අනුර කුමාර දිසානයක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා හැර සෙසු අපේක්ෂකයින් ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් බවටත් මැතිවරණ කොමිසමේ සභාපති තුමා පැහැදිලි කර සිටිනවා.

Full View

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතට අනුව, 57 වන වගන්ති ප්‍රකාරව දෙවන ඡන්ද ගණනය ඉතිහාසයේ ප්‍රථම වරට ඇරඹුණි.

ඒ අනුව, වැඩිම ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අනුර කුමාර දිසානායකගේ දෙවනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් සජිත් ප්‍රේමදාස හැර සෙසු අපේක්ෂකයන් මැතිවරණ තරඟයෙන් ඉවත් කරන බව ඉහත මාධ්‍ය හමුවේදී නිවේදනය කර සිටී. ගණනය කිරීමේ ශාලා වලින් මනාප ගණන් කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිඵලය තේරීම් භාර නිළධාරීන්ට දැනුම් දීමට උපදෙස් ලබා දී ඇති බවත්, ඉන් අනතුරුව මැතිවරණ කොට්ඨාස වල සියලුම මනාප ගණන් කිරීමේ ශාලා වලින් මනාප තරඟයේ සිටින අපේක්ෂකයන්ගේ වාසියට ලබා දී ඇති මනාප සංඛ්‍යාව ගණනය කර මැතිවරණ කොමිෂම් සභාවට වාර්තා කරන ලෙස දිස්ත්‍රික් තේරීම් භාර නිළිධාරීන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව, මැතිවරණ කොමිෂම් සභාවට ලැබෙන ප්‍රතිඵලය මාධ්‍යට නිකුත් කරන බවත්, පසුව මැතිවරණ කොට්ඨාස 22ම තරඟයේ සිටින අපේක්ෂකයන් දෙදෙනාගේ වාසියට ලබා දී ඇති මනාප එකතු කරනු ලැබේ. ඉන් අනතුරුව මුල් වටයේදී, තරඟයේ සිටින අපේක්ෂකයන් දෙදෙනා ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට මැතිවරණ කොට්ඨාස මට්ටමින් ලබාගත් මනාප සංඛ්‍යාව එකතු කරීමෙන් අනතුරුව වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයා ජනාධිපති වරයා ලෙස තෝරා පත් කර ගන්නා බවට මැතිවරණ කොමිෂම් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.

ජනාධිපතිවරණයේ දී දෙවන සහ තෙවන මනාප ගණනය කිරීම සිදුවන්නේ කෙසේ ද ?

Full View

මේ අනුව පළමු වටයේ ගණනයේ දී අනුර කුමාර දිසානායක මහතා , සජිත් ප්‍රේමදාස මහතාට වඩා 10% ක (මිලියන 1.27ක ඡන්ද ප්‍රමාණයක්) ලබා සිටින බැවින් බොහෝ දුරට දෙවන ගණනය කිරීමෙන් පසුව ද ජයග්‍රණය කිරීමේ වැඩි ඉඩකඩක් ඔහුට ඇති අතර , මැතිවරණ කොමිසම විසින් අවසන් ජයග්‍රාහකයා දැනුම් දීමෙන් පසුව මෙහි යාවත්කාලින කිරීමට බලාපොරොත්තු වෙමු.

දෙවැනි මනාප ගණන්කිරීමට පෙර අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 5,634,915 හිමිව තිබූ අතර, ඊට දෙවැනි මනාප එක්කිරීමෙන් පසු ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව සඳහන් වූයේ 5,740,179 ක් ලෙසයි. ඒ් අනුව මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වුණා.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, නාධිපතිවරණයෙන් 50.30% ක ප්‍රතිශතයක් ලබමින් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය බවත්, පළමු වටයේ කිසිදු අපේක්ෂකයෙකු 50% ලබා ගෙන නොතිබුණි.

Claim :  ජනාධිපතිවරණයෙන් 50.30% ක ප්‍රතිශතයක් ලබමින් අනුර කුමාර දිසානායක ඉදිරියෙන් ද?
Claimed By :  Social media
Fact Check :  FALSE
Tags:    

Similar News