මේ දිනවල කොළඹ යුධ ටැංකි කිහිපයක් ධාවනය කරන අවස්ථාවක වීඩියෝවක් ද? (Video)

Update: 2024-09-19 07:26 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජනාධිපතිවරණයට ඇත්තේ තව ත් දින 3ක කාලයක් පමණි. මෙම අවස්ථාවේ සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන තොරතුරු පළ කරමින් සමාජයේ අනිසි බියක් ඇති කිරීමේ උත්සහයක් මේ දිනවල දක්නට ලැබෙනවා.

හමුදා සන්නද්ධ රථ සමගින් හමුදාව මහ මාර්ගයේ මුර සංචාරයේ යෙදෙන බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ නොමග යවන සුළු වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

යුධ හමුදා සන්නද්ධ කරමින් ජනතාව බිය වැද්දීම අරමුණු කරගනිමින් මේ වන විට කොළඹ යුධ ටැංකි කිහිපයක් ධාවනය කරන බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.

Tiktok ඔස්සේ මෙම වීඩියෝව පළ වී තිබුණේ මෙලෙසින්.

Full View

මෙම වීඩියෝවේ ඇති සත්‍යතාවය පිළිබඳ පැහැදිලි කරන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කරගනිමින් මේ පිළිබඳව විමර්ශනයක් කිරීමට අප පියවර ගනු ලැබුවා.

Also read : මේ දිනවල මහජනතාව, පොලීසියට දැක් වූ විරෝධතාවක වීඩියෝවක් ද?

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වීඩියෝවේ අයුරින් මේ දිනවල යුධ ටැංකි මහ මාර්ගයේ ධාවනය කිරීමක් සම්බන්ධයෙන් වාර්තා වනවා ද, යන්න පිළිබඳ අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා හා ප්‍රධාන පුවත්, ප්‍රධාන මාධ්‍ය ධාරා සමාජ මාධ්‍ය ගිණුම්, පිටු ඔස්සේ පරීක්ෂා කළ ත්, එවැනි පුවතක් හෝ ඒ හා සමාන වීඩියෝවක් දැක ගන්නට නොලැබුණි.

මේ හේතුවෙන් අප ඉහත වීඩියෝව Reverse Image සෙවුමක් සඳහා යොමු කළත් අපිට එම වීඩියෝව හා සම්බන්ධ නිල මූලාශ්‍රයක් හමු නොවුණි.

මෙලෙසින් සන්නද්ධ රට මහ මාර්ගයේ දකින්ට ලැබුණේ, පසුගිය 2022 වසරේ මැයි මස අරගල සමයේ බැවින් අප Key words හරහා ද, මෙම වීඩියෝවේ මුල් වීඩියෝව සොයා ගැනීමට තැත් කළත්, එය අසාර්ථක විය.

2022 සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

කෙසේ වෙතත් එම වකවාණුවේ, යුද හමුදාව විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් කොළඹ නගරයේ සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල ක්‍රියාත්මක කර තිබූ අතර කොළඹ නගරයේ මුර සංචාරයේ යෙදන යුධ හමුදා සන්නද්ධ රථ පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. විදෙස් මාධ්‍යද, මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහනක් මෙතනින්.

වීඩියෝවක් පහතින්.

Full View

මේ දිනවල කොළඹ යුධ ටැංකි කිහිපයක් ධාවනය කරන අවස්ථාවක වීඩියෝවක් නොවේ!ප්‍රදේශය තහවුරු කිරීම

පසුව අප එම වීඩියෝවේ දැක්වෙන ප්‍රදේශය කොටහේන, ජෝර්ජ අර්. ඩි. සිල්වා මාවත බව Google map ඔස්සේ හඳුනා ගත් අතර, ඒ අනුව එම ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් සහ ප්‍රදේශවාසින් කිහිප දෙනෙකුගෙන් විමසීමක් කරනු ලැබුවා.

ඔවුන් තහවුරු කළේ ද, මෑතකදී එලෙසින් යුධ ටැංකි ධාවනය යොමු නොවූ බව ත්, අරගලය සමයේ මෙලෙසින් යුධ ටැංකි ධාවනය වීමක් සිදු වූ බවයි.

එම ප්‍රදේශයේ අද(19) දිනයේ ලබාගත් වීඩියෝවක් පහතින්.


Full View


මෙම වීඩියෝවේ පසුබිමේ රූප රාමු හා පරණ වීඩියෝවේ පසුබිමේ රූප රාමු සැසඳීම පහතින්.





ඒ අනුව පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ එම ප්‍රදේශයේ මෑතකදී ලබා ගත් වීඩියෝවක් නොවන බවයි.

පොලිසීයේ තහුවරු කිරීම

තව දුරටත් අප කොටහේන පොලිසියේ ස්ථානිධිපතිගෙන් ද, මේ පිළිබඳ විමසීමක් කළ අතර ඔහු තහවුරු කළේ ද, මෙය මෑතකදී සිදු වූවක් නොව පැරණි සිදුවීමක් බවයි.

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂක කර්නල් නලින් හේරත් මහතාගෙන් අප මෙම වීඩියෝව සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඒ මහතා තහවුරු කළේ, මෙවැනි ආරක්ෂක වැඩ පිළිවෙළක් මේ දිනවල ක්‍රියාත්මක නොවන බවයි.

එමෙන් ම මෙම වීඩියෝව අරගල සමයේ සිදු වූ යුධ හමුදා ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ ලබා ගත් වීඩියෝවක් බවට පෙන්වා දිය හැකි බව ද, තහවුරු කළා.

කෙසේ වෙතත් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවමින් නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන් මෙලෙසින් හමුදා සෙබළුන් මුර සංචාරයේ යෙදෙන බව ට ද, ඇතමුන් උපකල්පනය කර තිබුණා.

එම නිවේදනය සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

Also Read : සන්නද්ධ හමුදා කැඳවන්න ජනාධිපති හදිසියේ ගත්ත තීරණයක්

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

මේ දිනවල හමුදා සන්නද්ධ රථ සමගින් මහමාර්ගයේ මුර සංචාරයේ යෙදෙන බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව මේ දිනවල රටේ තත්ත්වය දැක්වෙන වීඩියෝවක් නොවේ. මේ දිනවල මෙවැනි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බව ආරක්ෂක අංශය තහවුරු කරයි. මෙය 2022 අරගල සමයේ පැවති ආරක්ෂක වැඩපිළිවෙළ අවස්ථාවක ලබා ගත් වීඩියෝවක් බවට පෙන්වා දිය හැක.

Claim :  මේ දිනවල කොළඹ යුධ ටැංකි කිහිපයක් ධාවනය කරන අවස්ථාවක වීඩියෝවක් නොවේ!
Claimed By :  Social Media User
Fact Check :  MISLEADING
Tags:    

Similar News