ශ්‍රී ලංකාවේ 16වන පාර්ලිමේන්තුව මේ වන විට විසුරුවා අවසන් ය. 17 වන පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් පත්කර ගැනීමේ පාර්ලිමේන්තු මහා මැතිවරණය එළඹෙන නොවැම්බර් මසයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. ලංකාව, බ්‍රිතාන්‍යයෙන් සම්පූර්ණයෙන් ම නිදහස නොලැබූ යුගයක මෙරට පළමු පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පවත්වා ඇත්තේ 1947 අ‍ගෝස්තු 23 සිට සැප්තැම්බර් 20 දක්වා විටින් විට දින 19ක් පැවති මේ මහ මැතිවරණය ලංකා ඉතිහාසයේ දීර්ඝකාලයක් පුරා පැවැත් වූ එකම මැතිවරණය වේ. මෙතෙක් පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ සඳහා 1931 හා 1936 දී පවත්වන ලද අපේක්ෂකයාට පාට ඡන්ද පෙට්ටියට ඡන්දය දැමීම වෙනුවට අපේක්ෂකයන් වෙත ලබාදී තිබූ ඡන්ද ලකුණ වෙනුවෙන් ඡන්දය දීම ඇරැඹි ප්‍රථම මහ මැතිවරණයයි.

පළමු මහමැතිවරණයට වයස 21 සම්පූර්ණ වූ මෙරට ලියාපදිංචි ඡන්ද දායකයන් 30,52,814ක් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටි අතර පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන් 179ක්ද, ස්වාධීනව අපේක්ෂකයන් 182ක් ඉදිරිපත් විය. මේ මැතිවරණයට එක්සත් ජාතිකපක්ෂයේ අපේක්ෂකයන් 98 දෙනකු ඉදිරිපත් කළ අතර ඉන් 42දෙනකු ජය ගන්නා ලදී. දින 19 පුරා පැවති මේ ප්‍රථම පාර් ලිමේන්තු මහ මැතිවරණයට අනිකුත් පක්ෂ ලංකා සම සමාජ පක්ෂය ආසන 10ක්ද, බෝල්ෂෙවික් ලෙනිස්ට් පක්ෂය 5ක්ද, ද්‍රවිඩ සංගමය 7ක්ද, ලංකා කොමියුනිස්ට් පක්ෂය 3ක්ද, ලංකා ඉන්දියානු සංගමය 6ක්ද, කම්කරු පක්ෂය 01ක්ද ස්වාධීන අපේක්ෂකයන් 21 දෙනෙක්ද තේරී පත් වී තිබේ.

එංගලන්ත යටත් විජිතයක් වූ, ශ්‍රී ලංකාවට 1948 පෙබරවාරි 04 දින නිදහස ප්‍රදානය කළ 6 වැනි ජෝජ් රජතුමා ශ්‍රී ලංකාවේ පළමු අගමැති මහාමාන්‍ය ඩි.එස්. සේනානායක ශ්‍රී ලංකාවේ පළමු පාර් ලිමේන්තුවේ කථානායක ශ්‍රීමත් ෆැන්සිස් මොලමුරේ, පළමු සභානායක එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, පළමු විපක්ෂ නායක ඇන්නැම් පෙරේරා, ස්වාධීන මන්ත්‍රීවරු කිහිප දෙනකුගේ සහය ලබාගෙන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළ අතර ඒ සඳහා දිවයිනේ ප්‍රථම අගමැතිවරයා ලෙස ඩී.එස්. සේනානායක පත් කර තිබේ. 1947ඔක්තෝබර් 14 නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පළමු රැස්වීම පැවැත්විණි. ඒ වන විට ඩී.එස්. සේනානායක විසින් මෙරට පළමු ඇමැති මණ්ඩලයට ඇමැතිවරු 14දෙනෙක් පත්කර ගෙන තිබුණි. ලංකාවේ පළමු කතා නායක ලෙස පළමු රැස්වීමේදී බලංගොඩ මන්ත්‍රී සර්. ෆ්‍රැන්සිස් මොලමුරේ තෝරා පත්කර ගෙන සිටි අතර නියෝජ්‍ය කතානායක ධුරය නාත්තන්ඩිය මන්ත්‍රී ඇල්බට් ඇෆ් පීරිස් තෝරා පත්කර ගත් අතර පාර්ලිමේන්තුවේ සභා නායක වූයේ අත්තනගල්ල මන්ත්‍රී එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක ය. විපක්ෂ නායකයා ලෙස කටයුතු කළේ රුවන්වැල්ල මන්ත්‍රී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාය. 1948 පෙබරවාරි 04 දින සිට නිදහස් ස්ථිරි ඩොමිනියන් රටක් බවට ශ්‍රීලංකාව පත්විය. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුව 1948 පෙබරවාරි 10 දින පවත්වන ලදී.

1956දී පැවති මහ මැතිවරණය සුවිශේෂී එකක් වන්නේ, ලංකාවේ සිදු වූ පළමු ආණ්ඩු පෙරළියට සිදු වීම නිසාවෙනි. 1952දී පාර්ලිමේන්තුවේ පැහැදිළි බහුතරයක් ලබා ගෙන තනි පක්ෂ ආණ්ඩුවක් ස්ථාපිත කරන්නට එ.ජා.ප.ය සමත් වුවත්, පාලන තන්ත්‍රය පවත්වාගෙන යෑම නම් ඔවුන්ට එතරම් පහසු කටයුත්තක් නොවීය. 1953 ඇතිවුණු හර්තාලය නිසා අගමැති ඩඩ්ලි සේනානායක මහතාට ධූරයෙන් ඉල්ලා අස්වන්නට සිදුවූ අතර, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා අගමැති ධූරයට පත්වුණා.මන්ත්‍රී ධූර 95ක් සඳහා වූ ඡන්ද විමසීම 1956 අප්‍රේල් මස 5 ත් 10ත් අතරදී පැවැත්වුණා. ඡන්ද විමසීම පැවති මැතිවරණ කොට්ඨාශ 89 අතුරින් අවම වශයෙන් එක් කොට්ඨාශයකට හෝ නාමයෝජනා ලබාදුන් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 6ක්. ඒ අනුව, තුන්වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය 1956 අප්‍රේල් මස 18 වනදා ආරම්භ විය.

නොයෙක් බල පෙරළීම් සමඟින් ඉතිහාසය පුරාවට මහ මැතිවරණ පැවැත් විය. ආසන්නතම මහ මැතිවරණය 2020දී පැවැත් විය. 2020 මහ මැතිවරණය සඳහා එවර ලියාපදිංචිව සිටි එක්කෝටි හැටදෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසූපහක් වූ ඡන්ද දායකයින් අතරින් 75.89%ක ප්‍රතිශතයක් මෙවර ඡන්දය ප්‍රකාශ කර තිබුණි. සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද හැටඅට ලක්ෂ පනස්තුන්දහස් හයසිය අනූවක් හිමිව තිබෙන අතර එය ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 59.09% කි. 2020 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 145 ක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ඉතා ආසන්න බලයක් තහවුරු කරගැනීමට සමත් විය. ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 17ක් ද හිමිවීමත් සමග සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මෙරට ඉතිහාසයේ පළමු වරට එක් දේශපාලන පක්ෂයක් හිමිකරගත් වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව හිමිකරගැනීමට පොදුජන පෙරමුණ පක්ෂය සමත් වූ අතර ඔවුන් ලබාගත් සමස්ත මන්ත්‍රී ධුර ගණන 145 කි. උතුරු හා නැගෙනහිර පළාත්වලට වෙන් වෙන්ව තරග කළ එම පෙරමුණේ හවුල්කාර පක්ෂ ලබාගත් මන්ත්‍රී ධුර 5 ද සමග තුනෙන් දෙකක ආණ්ඩුවකට අවශ්‍ය මන්ත්‍රී ධුර සංඛ්‍යාව සම්පූර්ණ විය. මන්ත්‍රී ධුර 54 ක් ලබාගනිමින් සමගි ජන බලවේගය මෙවර ප්‍රධාන විපක්ෂය බවට පත් විය.

2020 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව එක් ආසනයක් හෝ දිනාගැනීමට හැකි නොවූ අතර ජාතික ලැයිස්තුවෙන් පමණක් එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය. එම පක්ෂයේ වැඩිම කාලයක් නායකත්වය හෙබ වූ , පස්වරක්ම මෙරට අගමැතිධුරයට පත් වූ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහි දී ඡන්දයෙන් මැතිසබයට තේරීපත්වීමට හෝ අපොහොසත්වීම විශේෂත්වයකි. ඒ අනුව 2015 මැතිවරණයට ලැබී තිබූ මන්ත්‍රී ධුර 105 ක්ම මෙවර අහිමි කරගත් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් මහ මැතිවරණයකින් පසු අනෙක් මහ මැතිවරණයේ දී වැඩිම ආසන ගණනක් අහිමි කරගත් පක්ෂය ලෙස ඉතිහාසගත වේ.