පසුගියදා මොරටුව සොයිසා පුර අවන්හලකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම ආරක්ෂක අංශවලට එල්ලවු අභියෝගයක් විය. වහා ක්‍රියාත්මකවු විශේෂ ආරක්ෂක බලකාය සැකකරුවකු අත්අඩගුවට ගත්තේය. මෙම සිදුවීම පීළිබඳව පරීක්ෂණ මෙහයවු පොලිසිය සැකකරුවෙකු සැඟවී සිටි නිවසක් වැටලූ අතර සැකකරු සහ පොලිසිය අතර සිදුවු වෙඩි හුවමාරුවකදි තුවාල ලැබු සැකකරු රෝහලේදි මිය ගිය බවට වාර්තා විය.

මෙවන් පසුබිමක ලක්මාල් සමරසේකර නමැත්තකු අපේ පාතාල සහෝදරවරුන්ගේ ජීවත්වීමේ අයිතිය සුරකිමු !! තේමාවෙන් කලාකරුවන් පිරිසක් පාතාල සාමාජිකයන් වෙඩි තැබු පමණින් පොලිසිය වෙඩි තැබීම හෙළා දකිමු වදන රැගත් බැනරයක් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක් පල කරන සේයාරුවක් සහිතව ඉදිරිපත් කර තිබු සටහනක් දක්නට ලැබුණේය.

LinkArchived LinkLinkArchived

එම ඡායාරූපය ඇතුළු ඉහත පෙන්වූ උද්ඝෝෂණය අවස්ථාවේ තවත් එම තේමාවෙන්ම ඉදිරිපත්වූ සටහන් පෙළක් අපට මෙසේ දැකගන්නට ලැබුණි. “පාතාල මර්දනය අහෝසි කරමු” වැනි සටහන් මෙන්ම උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත් කර තිබු “ පාතාලේ උගත් දරුවන් සුරකිමු” වැනි බැනර් සහිත සටහන්ද එහිදී දක්වා තිබෙනු නිරීක්ෂණය විය.
J V P papua new guinea නම් ෆේස්බුක් පිටුවකින් ඉදිරිපත් කර තිබු එබඳු සටහනක් පහතින්.

LinkArchived

කලාකරුවන් පාතාලය වෙනුවෙන් පෙනි සිටීම විශ්වාස කිරීමට අපහසුවු බැවින් සහ මෙම උද්ඝෝෂණය ඇතුළත් ඡායාරුප මීට පෙර හුවමාරු වී තිබු බැවින් මෙම සටහන් පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන් වල ඉදිරිපත් කර තිබූ ඡායාරූප පිලිබඳ විමර්ෂණයේදී 2020 පෙබරවාරි මස 26 දින ඉංග්‍රිසි බසින් පලවන The Sunday Morning පුවත්පත Protest staged outside National Child Protection Authority” (ජාතික ළමාරක්ෂක අධිකාරිය ඉදිරිපස විරොධතාවයක්) සිරස්තලයෙන් ඡායාරූප රැසක් සමඟ වාර්තාකර තිබුණේ ළමා අපයෝජන චෝදනා ලැබූවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් පිටත නිහඬ විරෝධතාවක් පැවැත්විණි.

මෑතකදී සමාජ මාධ්‍යවල සංසරනය වූ ළමා අපයෝජන වීඩියෝ පටයේ වැරදිකරුවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස විරෝධතාකරුවන් රජයෙන් ඉල්ලා සිටියහ. විරෝධතාකරුවන් කියා සිටියේ වැරදිකරුවන්ට දේශපාලනඥයින්ගේ රැකවරනය ලබන බවයි.

LinkArchived Link

මෙම විරෝධතා ව්‍යාපාරය දියත් කළ ක්‍රියාකාරිහු Women for rights නමැති සංවිධානයට අයත්වු නිසා මෙම සටහන් පිළිබඳව කරුණු තහවුරු කරගැනීම පිණිස අප ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. 2020 පෙබරවාරි මස 26 දින පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ ළමා අපචාර සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීමට විරෝධය දැක්වීමට අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය සහ අලුත් පියාපත් එක්ව නිහඬ විරෝධතාවක ඊයේ දින මාදිවෙල ළමාරක්ෂන අධිකාරිය ඉදිරිපිට පවත්වන ලදීකථාංගය අන්තර්ගත කර ඡායාරූප රැසක් සමඟ එම විරෝධතාවය පිළිබඳ වු සටහන නිරීක්ෂණය විය.

LinkArchived Link

එම විරෝධතාව පිළිබඳව “අලුත් පියාපත් புதிய சிறகுகள் The New Wings” ෆේස්බුක් පිටුවේද ඡායාරුප පෙළක් ඉදිරිපත් වී තුබු අතර ඉහත සටහනේ යොදාගෙන තිබු ඡායාරුපයද දැකගන්නට ලැබුණි. Photo Album

ඡායාරූප සංසන්දනය කළ විට තහවුරු වුයේ ළමා අපචාරයන්ට විරෝධය පාමින් ක්‍රියාකාරින් දියත් කළ විරෝධතා ව්‍යාපාරයේදි ඔවුන් ප්‍රදර්ශනය End Impunity Arrest the suspect now” වදන සහිත බැනරය රැගත් සේයාරුව “පාතාල සාමාජිකයන් වෙඩි තැබු පමණින් පොලිසිය වෙඩි තැබීම හෙලාදකිමු” සේ ව්‍යාජ ලෙස සංස්කරණය කර පළකර ඇති

එසේම අනෙකුත් බැනර සහිත සටහන් ද සංස්කරණය කරන ලස සටහන් බවත් "තවත් විධායක ජනාධිපතියෙක් එපා" යන තේමාව යටතේ අලුත් පියාපත් සංවිධානය මඟින් සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරයකට අයත් බවද දැකගන්නට ලැබුණි . Photo Album

ඡායාරූප සංසන්දනයන් පහතින්

එසේම එම සටහනේ පළවූ ජනතා විමුක්ති පෙරමුණේ රැළියක ඡයරුපයේද සංස්කරණයක් සිදුකර ඇති බව අපට දක්ගනන්ට ලැබුණි. මුල් ඡායාරුපය 2018 ඔක්තෝබර් මස ජන පීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය” නමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබු රැලියකදී ලබාගත් එකක් බව මෙසේ පෙනී ගියා. Daily Mirror Article

“ජන පීඩක ආණ්ඩුවට එරෙහි” යන්න “පාතාල පීඩක ආණ්ඩුවට එරෙහි” යනුවෙන් සංස්කරණය කර තිබුණේ මෙලෙසිනි

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “අපේ පාතාල සහෝදරවරුන්ගේ ජීවත්වීමේ අයිතිය සුරකිමු !!” , “පාතාල මර්දනය අහෝසි කරමු” , “පාතාලේ උගත් දරුවන් සුරකිමු” සහ “ පාතාල පිඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය” යන තේමාවන් යටතේ පලවී ඇති සියලු ඡායාරුප සටහන් මීට පෙර පැවති උද්ඝෝෂණ ව්‍යාපාරවලදී ලබාගත් ඡායාරූප සංස්කරණය කරමින් පලකරන ලද ව්‍යාජ සටහන බවයි.

Avatar

Title:පාතාල මර්දනය සම්බන්ධයෙන් පළවූ විරෝධතා ලෙස පළවූ ව්‍යාජ සංස්කරණ පෙළක්!

Fact Check By: Sahan Perera

Result: False