කලින් කලට ඇතැම් ආයතන මගින් විවිධ ආකාරයේ ප්‍රවර්ධන කටයුතු සඳහා මුදල් සහ භාණ්ඩ, තෑගි ලෙසට ලබා දෙන අවස්ථා අපට දැකගන්නට ලැබෙනවා. බොහෝ අවස්ථාවන්හි තරඟයක් සඳහා ගනු දෙනු කරුවන් සම්බන්ධ කරගෙන ඒ වෙනුවෙන් තෑගි පිරිනමන අයුරුද දැකගත හැකියි. මෙවැනි ප්‍රවර්ධන වැඩසටහන් හරහා ජයග්‍රාහකයින් තෝරා ගෙන ත්‍යාග පිරිනැමීම සඳහා වැඩි වශයෙන් ෆේස්බුක් සමාජ ජාලාය භාවිතා කරගන්නා අයුරුද දැකගන්නට ලැබේ. මෙලෙස හොන්ඩා ආයතනය මගින් බයිසිකල් සියයක් නොමිලේ පිරිනමන බව පැවසෙන ෆේස්බුක් පෝස්‍ටුවක් BIKER BOYZ නම් පි‍ටුවේ පලකර තිබුනා. එම පුවත පහතින්

Original PostArchived Post

හොන්ඩා ආයතනය මගින් DIO BIKE 100ක් නොමිලේ පිරිනැමීමට තීරනය කර ඇති බවත් ඒ සඳහා ඔවුන්ගේ එම පි‍ටුව ලයික් කර HONDA DIO ලෙස කමෙන්ට් කර එම පුවත ගෲප් දහයක ශෙයාර් කරන ලෙසත් එම සටහනේ වැඩිදුරටත් දක්වා තිබුනා. කෙටි කාලයක් තුළ 13000කට අධික පිරිසක් මෙම පනිවිඩය හුවමාරු කරගෙන තිබු බවද දැකගන්නට ලැබුණා. මේ පුවත සාවද්‍ය පුවතක් බවත් ඒ පිලිබඳ විමර්ශනයක් සිදුකරන ලෙසත් පරිශීලකයෙකු අප වෙත දන්වා සිටි අතර මෙම පුවතේ සත්‍යතාවය පිලිබඳව වැඩිදුරටත් කරුණු සොයා බැලීමට අප කටයුතු කලා.

Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

මුලින්ම හොන්ඩා ශ්‍රී ලංකා නමින් ඇති වෙබ් පි‍ටුවේ හෝ ෆේස්බුක් පිටුවේ මෙලෙස බයික් පිරිනැමීමේ වැඩසටහනක් පිලිබඳ නිල නිවේදනයක් නිකුත් කර තිබේදැයි පරික්ශා කර බැලුවත් එවැනි යමක් දැකගන්නට නොහැකි විය.

එබැවින් මෙම කරුනේ සත්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා හොන්ඩා වර්ගයේ වාහන මෙරටට ගෙන්වා බෙදා හරින නිලලත් ආයතනය වන ස්ටැෆර්ඩ් මෝටර්ස් (Stafford Motor Co. (Pvt) Ltd) ආයතනේ අලෙවි අංශයේ උසස් නිලධාරියෙක් අප සම්බන්ධ කර ගත්තා. මෙම කාරණය සම්බන්ධව විමසීමේදි ඔහු ප්‍රකාශ කර සිටියේ, සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබු හොන්ඩා ආයතනය මගින් ඩියෝ බයික් 100ක් නොමිලේ පිරිනෑමීමට කටයුතු කරන බව පැවසෙන පුවත සමුර්ණයෙන්ම අසත්‍යයක් බවයි.හොන්ඩා නාමයෙන් ඇති කිසිඳු මෝටර් බයිසිකලයක් නොමිලේ ලබාදීමේ ප්‍රවර්ධන වැඩපිලිවෙලක් මේ මොහොතේ සිදු නොවන බව ඔහු තවදුරටත් තහවුරු කලා.එමෙන්ම හොන්ඩා නාමයෙන් සිදුවන ආයතනික කටයුතු නිල වශයෙන් දැනුම් දීමට Honda Sri Lanka නම් ෆේස්බුක් පි‍ටුව ඔවුන් යොදා ගන්නා බවත් සියලු ප්‍රවර්ධන තොරතුරු එහි පමණක් ඇතුලත් වන බවත් ස්ටැෆර්ඩ් මෝටර්ස් ආයතනයේ එම නිලධාරියා අපට ප්‍රකාශ කර සිටියා. තවදුරටත් ඔහු පවසා සිටියේ මෙම පුවත සාවද්‍ය පුවතක් යයි හොන්ඩා නිල ෆේස්බුක් පිටුවේ පළ නොකළේ අනවශ්‍ය ප්‍රචාරයක් මෙම ව්‍යාජ සටහනට ලැබෙන බැවින් බවත්, නිල ෆේස්බුක් පිටුව යටතේ මෙම සටහනට කොමෙන්ටුවක් පළකර තිබුණද එම පිටුවේ පරිපාලකයින් විසින් මේ වනවිට එය ඉවත්කර ඇති බවත්ය.

එසේම ඔවුන්ගේ ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරීමේදී ඔවූන් මීට මාස තුනකට පමන පෙර Honda බයිසිකලයක් මිලදී ගත් අයගෙන් තෝරාගත් පිරිසකට ලක්ශයක මුදලක් තෑගි වශයෙන් ලබා දීමට කටයුතු කර ඇති බවක් දක්නට ලෑබුනා. එම පුවතට අදාල එක් තරඟ ඇදීමකට අදාළ වීඩියෝව මෙසේය.

හොන්ඩා වෙබ් අඩවියේ ප්‍රවර්ධන කොටසේ පෙන්වා දී තිබු එකම ප්‍රවර්ධන වැඩසටහන වුයේද ඉහත දවසේ ලක්ෂපති වැඩසටහන වන අතර ඒ පිලිබඳ විස්තර මෙසේය

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පුවත පිලිබඳව තවදුරටත් විමර්ශනය කලහොත් මෙම බයික් එකක් දිනාගැනීමට ඔවුන් පවසන පරිදි එම දැන්වීම ගෲප් 10යකට ශෙයාර් කල යුතුයි.ඉන් පසුව හොන්ඩා කාර්යාලයෙන් එය ශෙයාර් කල අයට මැසෙන්ජර් වෙත පනිවිඩයක් ලබා දෙන බවක් පැවසෙනවා. නමුත් සෑම විටෙකම යම් පුද්ගලයෙකු ඕනෑම ගෲප් එකක පුවතක් ශෙයාර් කිරීම තුන් වන පාර්ශවයකට සෑම අවස්ථාවකදීම දැනගත නොහැකි අතර එය එම සමුහයේ රහස්‍යතා සැකසුම් (privacy settings) වැනි කරුණු මතද පාදක වෙයි. Making Groups Privacy Settings Easier to Understand

Conclusion (නිගමනය)

මේ අනුව සලකා බලන කල අපට පැහැදිලි වන්නේ “HONDA ආයතනය මගින් DIO BIKE 100 ක් නොමිලෙ පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර එ සමග නොමිලෙ Helmet එකක් පිරිනැමේ” යනුවෙන් BIKER BOYZ නම් ෆේස්බුක් පි‍ටුවෙහි පල කර ඇති පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය මිනිසුන් මුලා කරවන පුවතක් බවයි

Avatar

Title:හොන්ඩා ආයතනය මගින් DIO BIKE 100ක් නොමිලේ පිරිනැමීමට තීරනය කර ඇති බව පැවසෙන ව්‍යාජ පුවතක්!

Fact Check By: Sahan Perera

Result: False