ලොව පුරා ඖෂධ සමාගම් කොරෝනා ආසාදනයට එන්නතක් නිර්මාණය කිරීමට පරීක්ෂණ ආරම්භ කළ අතර රටවල් කිහිපයක් ම එසේ අත්හදා බල ඇති එන්නත් භාවිතා කිරීම ආරම්භ කර තිබේ. දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙම ආසදනයට ප්‍රතිකාරක ඇති බවට සමාජ මාධ්‍ය සටහන් දක්නට ලැබුණද, අපගේ මීට පෙර කරුණු විමර්ශනවලදී තහවුරු වුයේ ඒවා මඟින් ප්‍රතිශක්තිකරණය ඉහළ යාහැකි වුවද මෙතෙක් කොරෝනා මර්දනය කල හැකි නිශ්චිත ඖෂධයක් නිපදවා නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇති බවයි. මෙවන් පසුබිමක ලංකාවේ ධම්මික බංඩාර නමැති පුද්ගලයකු කෝවිඩ්-19 ආසාදනය නිට්ටාවට සුව කළ හැකි පැණියක් නිපදවු බවට මාධ්‍ය හරහා වාර්තා වීමත් සමඟ සමාජයේ විශාල කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්විය.

ලංකාවේ ධම්මික බංඩාර නමැති පුද්ගලයකු කෝවිඩ්-19 ආසාදනය නිට්ටාවට සුව කළ හැකි බවට නිපයු පැණියේ අමුද්‍රව්‍ය ලෙස සඳහන් කරමින්, දේශීය වෛද්‍ය ක්‍රමයේ භාවිතා කරන අමුද්‍රව්‍ය සහිත වට්ටොරු බව පෙන්වන සටහන් රැසක් පසුගිය සති කිහිපය පුරාම හුවමාරු වුණා. මෙතෙක් සම්පුර්ණයෙන්ම සායනිකව අත්හදා බලා පර්යේෂණ කටයුතු අවසන් කර නොමැති මෙම ඖෂධ වට්ටෝව්රු භාවිතා කිරීමෙන් වළකින ලෙස රජය විසින් පසුගිය දා නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

සමාජ මාධ්‍ය සටහන් :

“අමු ඉගුරු 100g තලලා මැටි මුට්ටියට දමන්න..සාදික්කා ඇටේ 100g මදය තලා මුට්ටියට දමන්න...කොත්තමල්ලි 100g බැද කුඩුකර එම මුට්ටියට දමන්න...වතුර කෝප 4ක් එම මුට්ටියට දමා එය එක කෝප්පයක් වනතුරු සිදගන්න...ඉන්පසු එය නිවාගන්න..එයට මීපැණි කෝපයක් දමා කවලම් කරන්න..පානය කරන ආකාරයඋදේ මේස හැදි 1 / හවසට මේස හැදි 1 දවසට දෙපාරයි..රෝගියකු නම් දිනකට තුන් වතාවක්” යන බෙහෙත් වට්ටොරුවත්, එය සකසන ආකාරය සහ පානය කළ යුතු මාත්‍රාව සහ වාර ගණන දැක්වෙන මෙම සටහන Sudath Chaminda MH නමැත්තකුගේ ෆේස්බුක් පටුවක ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණා.

FacebookArchived Link

මෙම වට්ටෝරුව සහිත සටහන විවිධ ලෙස ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව තිබුණා.

Facebook LinkArchived LinkFacebook LinkArchived Link

මෙම වට්ටෝරුව රැගත් සටහන් ෆේස්බුක් පිටු රැසක ඉදිරිප්ව ඇති අන්දම නිරීක්ෂනය වු අතර එම සටහන් ෆේස්බුක් පරිශිලනය කරන්නන් රාශියක් අතර හුවමාරුවී තිබුණා.

ට්විටර් සමාජ ජාලයේද මෙම බෙහෙත් වට්ටෝරුව සහිත සටහන් සසරණය වෙමින් පවතන බව දක්නට ලැබුණා.

TwitterArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ධම්මික බංඩාර මහතා නිපයු පැණිය මුලින්ම කරලියට රැගෙන පමිණියේ 2020 නොවැම්බර් මස29 වැනි දින විකාශයවු දෙරණ ප්‍රවෘත්ති විකාශයකිනි. මෙම පැණිය වතුපිටිවල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන කෝවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කළ බවට ප්‍රකාශ කිරීම නිසා වතුපිටිවල රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය බංඩාර මහතාගෙන් විමසුමක් කළෙමු.

වතුපිටිවල රෝහල් අධ්‍යක්ෂක :

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ රෝහලේ සිට කිලෝ මීටරයක් පමණ දුරින් බවත්, එහි පරිපාලන කටයුතු පමණක් ඔහු අධීක්ෂණය කරන බව පැවසීය. එම රෝහලේ ප්‍රතිකාර ලබන අසාදිතයන්ට යම් දේශීය ඖෂධයක් ලබා දී ඇති බවට සැලවු බවත්, එය තමාගේ අනුදැනීමකින් තොරව සිදුවී ඇති බවත්, මෙම පරීක්ෂණයට ඔහු පුර්ව අනුමැතියක් ලබා නොදුන් බවත්,  එය සායනිකව කළ පරීක්ෂණයක් නොවන බවත් එතුමා සඳහන් කළේය. දෙසැම්බර් මස 16 වැනි දින Ceylon Today පුවත්පතේ දWathupitiwala Base Hospital Director rubbishes shaman’s claimsයන සිරස්තල‍යෙන් එම තොරතුරු වාර්තා කර තිබුණි.

Ceylon TodayArchived Link

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය:

ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ විකාශය වන පත්තරේ වැඩ සටහනකදි එහි මාධ්‍යවේදියෙකු ප්‍රතිශක්තිකරණය තිබු පමණින් එය කොරෝනා සඳහා ඖෂධයක් විය හැකිද ලෙස නැගු පැනයකට පිළිතුරු සපයමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ පර්යේෂණ මට්ටමේ පවතින මෙම ඖෂධය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ලැබෙන තෙක් මහජනයා අතර බෙදා හැරීම නවතන ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් සහ කෑගල්ල දිස්ත්‍රික් සෞඛය බලධාරීන් ගත් තිරණය කාලෝචිත බවය. ඔහු තවදුරටත් පහදා තිබුනේ මෙම ඖෂධය පිළිබඳව පරීක්ෂා කිරීමට රජය විසින් ඉහළ මට්ටමේ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර ඇති බවත්, එමෙන්ම එම පරීක්ෂණයන් පාරදෘෂ්‍ය විය යුතු බවත්, එහි ප්‍රතිඵල අර්ථකථනය කිරීමට ක්‍රමවේදයක් සැකසිය යුතු බවත්, එනිසා මෙම බෙහෙතේ සාර්ථක්වය පිළිබඳය පැවසීම මෙතෙක් සිදුකළ නොහැකි බවත්ය.

දේශීය වෛද්‍යවරුන්ගේ මතයන් :

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය එල්.පී.ඒ. කරුණාතිලක මහතා අප සමඟ පැවසුවේ සමාජ මාධ්‍යහි සැරිසරන ‍ බෙහෙත් වට්ටෝරුවෙහි ඇති සමහර අමුද්‍රව්‍යවල ප්‍රතිශක්තිය ඉහළ නැංවීමේ ගුණ තිබිය හැකි බවයි. කෙසේනමුත් ඒවා කොවිඩ් -19 සුව කිරීමට ප්‍රමාණවත් වන්නේද යන්න නිශ්චිතව පැවසීමට නම් මෙම වට්ටෝරුවල අඩංගු සංකලනයන් නිසි ක්‍රමවේදයක් යටතේ පරීක්ෂණයක කළ යුතු බවය.

එසේම කොරෝනා මර්ධනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති පැණිය පුරාණ ඖෂධ වට්ටෝරුවලින් එකක් පමණක් බවත් තමන් ද මීට පෙරද මෙම වට්ටෝරුව පිලිබඳ දැන සිටි බවත් බස්නාහිර හිටපු ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කරයි. එම සම්පුර්ණ සාකච්ඡාව මෙතනින්.

රජයේ නිවේදන:

තවද ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මාධ්‍ය වෙත පවසා සිටියේ ද ධම්මික බංඩාරගේ කොවිඩ් ප්‍රතිකාර පැණිය ඇතුළු ආයුර්වේද බෙහෙත්, පර්යේෂණ වලින් තහවුරු වනතුරු හොඳද නරකද යනුවෙන් පැවසිය නොහැකි බවයි. පර්යේෂණ අවසන් වන තුරු කලබල නොවන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබුණා.

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ දේශීය වෙදකම තුළ භාවිතා වන අමුද්‍රව්‍ය සංයෝග ඇතුලත් වට්ටෝරු මෙම දිනවල විශාල වශයෙන් අන්තර්ජාලයේ සංසරණය වන අතර ඒවා අත්හදා නොබලන ලෙසයි.

අපගේ ට්විටර් ගිණුමේ එම නිවේදනය පළකර තිබුනේ මෙලෙසින්.

මාධ්‍ය වාර්තා:

අරුණ පුවත්පතට සාකච්ඡාවක් ලබා දෙමින් ධම්මික බංඩාර මහතා පවසා ඇත්තේ ඔහුට භද්‍රකාලි දිෂ්ඨිය ඇති බවත්, ඔහුගේ බෙහෙත් වට්ටෝරුව රාවණ රජ සමයේ සිට එන හෙළ වෙදකමට අයත් එකක් බවත්ය.

මෙම පැණිය ශ්‍රී මහ බෝ සමිඳුන්ට පුජා කිරීමට අවසර නොදීම ගැන උරණවු ධම්මික බංඩාර මහතා අටමස්ථානාධිපති හිමියන්ට තමන් කාලි බවත්, ලෝසත හිත සුව පිණිස ඖෂධයක් ලබා දන් බවට පවසන පුවත් වාර්තා හුවමාරු වීමත් සමඟම සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ආකාරයේ උපහාසාත්මක කෝණවලින් පළවූ සටහන් රැසක් ම අපට දැකගනන්ට ලැබුණා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ධම්මික බංඩාර නැමත්තකු නිපදවූ පැණියේ ඖෂධ වට්ටෝරුව බවට සමාජ මාධ්‍ය තුල සංසරණය වන දේශීය වෛද්‍ය ක්‍රමයේ භාවිතා කරන අමුද්‍රව්‍ය සහිත වට්ටොරු පිලිබඳ පර්යේෂණ තවමත් අවසන් වී නොමැති බැවින් ඒවා අත්හදා නොබලන ලෙස දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබු බවයි.

Avatar

Title:සමාජ මාධ්‍ය තුල මේ දිනවල හුවමාරු වන දේශීය බෙහෙත් වට්ටෝරු අත්හදා බැලීමෙන් වළකින ලෙස උපදෙස්!

Fact Check By: Nelson Mani

Result: Misleading