COVID-19 mRNA එන්නත් පිළිකා ඇති කරන බව FDA පිළිගත්තාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. COVID-19 mRNA එන්නත් පිළිකා ඇති කරන බව එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) පිළිගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූ අතර මෙම ප්‍රකාශය පදනම් වී ඇත්තේ එන්නත්වල ඇති DNA දූෂක යැයි කියනු ලබන සංඝටක හේතුවෙන් වන අතර එය පිළිකා අවදානම වැඩි කරන බව […]

Continue Reading

COVID-19 එන්නත් කරණය මගින් ස්ථිර වඳභාවය ඇති කිරීම සඳහා WHO කටයුතු කරන බවට පළ වූ වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. COVID-19 එන්නත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ස්ථිර වඳභාවය ඇති කිරීම සඳහා එන්නත්කරණය සඳහා කටයුතු කරමින් සිටින බවට, රීමා ලයිබෝ නම් වෛද්‍යවරියක් විසින් සිදු කරන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් රැගත් වීඩියෝවක් WhatsApp ඔස්සේ බහුලව සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය පිළිබඳ විමසා බැලීමට Fact Crescendo අප සිදු […]

Continue Reading

FACT CHECK: ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය එන්නත්වලින් පාලනය කල නොහැකි බවට විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්නගෙන් ප්‍රකාශයක්?

කොරෝනා වසංගතය ආරම්භවූ මුල් අවධියේ සිටම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය(SLMA) ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමු පවත්වමින් පොදු ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවා. මෑතකදී එක් මාධ්‍ය හමුවකදී එහි සභාපතිනිය වන  විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න විසින් කරන ලද ප්‍රකාශයක් විකෘති කරමින් සමාජ ජාලා හරහා පැතිර යන නොමග යවනසුලු සටහන් පෙළක් පිළිබදව අප විසින් සිදු කළ ගවේෂණයකි […]

Continue Reading

FACT CHECK: පැවදි වූ රංගන ශිල්පී සෝමසිරි අලකොලංග අපවත් වූ පුවත ඇත්තක්ද?

සෝමසිරි අලකොලංග නමින් බොහෝ දෙනා දන්නා හඳුනන ප්‍රවීණ රංගන ශිල්පියෙකුව සිට පසුව මීට වසර කිහිපයකට පෙර පැවදි දිවියට එළඹී, හාරිස්පත්තුවේ සෝමානන්ද හිමියෙන් අද දින අපවත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල දැක්වෙන පුවතේ නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ සෝමසිරි අලකොලංග නමින් ප්‍රකට ප්‍රවීණ රංගන ශිල්පියෙකුව සිට […]

Continue Reading

FACT CHECK: ඕස්ට්‍රේලියාවේ ආහාර හිඟයක්… ජනතාව ආහාර සලාක ක්‍රමයට ගැනීමට පෝලිම් වල …..?

පසුගිය සති කිහිපය තුළ ඇතැම් අවස්ථාවල දී  කිරිපිටි වැනි ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා ජනතාව පෝලිම් වල සිටින ආකාරයක් ලංකාවේ ප්‍රදේශ කිහිපයක දැකගන්නට ලැබුණා. කෙසේ වෙතත් ඇතැම් සමාජ ජාලා සටහන් වලින් හැඟවීමට උත්සාහ දරා තිබුණේ මෙය ලංකාවට පමණක් සීමාවූ තත්ත්වයක් නොව ඕස්ට්‍රේලියාව වැනි සංවර්ධිත රටවලද මේ දිනවල පවතින තත්ත්වයක් ලෙසයි. ඒ සම්බන්ධයෙන් පළව තිබූ සටහන් පෙළක් […]

Continue Reading

FACT CHECK: කොවිඩ් ආසාදිත කුඩා බිළිඳෙකුගේ ඡායාරුපයක් ද?

ලංකාවේ මේ වනවිටත් පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන්, කොවිඩ් සම්බන්ධයෙන් පළ වන පුවත් සහ සටහන් සම්බන්ධයෙන් ජනතාව දැඩි උනන්දුවක් දක්වනවා. පසුගිය සමයේ කොවිඩ් හේතුවෙන් බිළිඳු මරණ සැළකිය යුතු සංඛ්‍යාවක්ද වාර්තා වුණා. මේ අතර කොවිඩ් වැළදුණු බවට සඳහන් කරමින් කුඩා බිළිඳෙකුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙම ඡායාරූපයේ දැක්වුණේ සත්‍ය වශේයෙන්ම කොවිඩ් ආසාදිත දරුවෙකු ද යන්න […]

Continue Reading

FACT CHECK: අගෝස්තු 18 උදෑසන කොවිඩ් ආසාදිත මංගල ජීවිතයට සමු දුන්නාද?

Update– අගනුවර පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මංගල සමරවීර ,හිටපු මුදල් අමාත්‍යවරයා අගෝස්තු 24( එනම් අද දින) උදෑසන මියගොස් තිබෙනවා.කොරෝනා ආසාදනය වී පුද්ගලික රොහලකට මිට සති කිහිපයකට පෙර  ඇතුලත්වූ සමරවීර මහතාව මීට දින කිහිපයකට පෙර දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබුණා.කෙසේ වෙතත් පසුගිය දින දෙකක කාලය තුල ඔහු ප්‍රතිකාරයන්ට ප්‍රතිචාර දක්වා තිබුණේ […]

Continue Reading

FACT CHECK: ගුරු උද්ඝෝෂණයට සහභාගි වූ කොරෝනා වැළඳී ජීවිතක්ෂයට පත් වූ ගුරු වෘත්තීය සංගමයේ නායකයෙක්?

පසුගිය වකවාණුවේදී දීප ව්‍යාප්ත ව පැවැත්වූ ගුරු – විදුහල්පති උද්ඝෝෂණ රට පුරා පැතිර යන කොවිඩ් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියට තුඩු දුන් බවට ඇතැමුන් චෝදනා කළා. මෙම උද්ඝෝෂණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඇතැම් අසත්‍ය පුවත් සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂාවන් කිහිපයක්ම සිදු කරනු ලැබුවා. කොරෝනා වැළඳී ජීවිතක්ෂයට පත් වූ නියෝජ්‍ය විදුහල්පති වරයෙකු සම්බන්ධයෙන් පළ වූ පුවතක් […]

Continue Reading

FACT CHECK: සොබෙරානා 2 එන්නත පිළිබඳව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රකාශ පෙළක්?

ශ්‍රී ලංකාව තුල කොවිඩ් 19 වසංගතයට එරෙහි  එන්නත්කරණය මේ දිනවල වේගයෙන් සිදුවෙමින් පවතී. ඒ හා සමඟම එන්නත්කරණය සම්බන්ධ කර කර ගනිමින් විවිධ දුර්මත ද සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරු වීමට ද පටන්  ගෙන තිබුණා. මේ එවන් අසත්‍ය ප්‍රචාරයක් පිළිබඳව අප සිදුකල ගවේෂණයයි. සමාජ මාධ්‍ය සටහන්: Yasith Dilshan නම් ෆේස්බුක් ගිණුමේ පළකර තිබුණේ ,කියුබාවේ නිෂ්පාදිත සොබෙරානා […]

Continue Reading

FACT CHECK: ලෝකයේ වැඩිම දෛනික කොරෝනා මරණ අනුපාතය ලංකාවෙන්?

කොව්ඩ් වසංගතය ලෝව පුරා වේගයෙන් පැතිර යමින් පවතී. ඒ සමගම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව, දෛනික කොවිඩ් මරණ ආදිය පිළිබඳ විශ්ලේෂණාත්මක ගණනය කිරීම්ද, සිදුවෙමින් පවතින අතර ඇතැම් ගණනය කිරීම් සහ විශ්ලේෂණයන් නිවැරදි වුවත් බොහෝ ගණනය කිරීම්වල අඩුපාඩු පවතියි. මෙවැනි ගණනය කිරීම්, විශ්ලේෂණ පිළිබඳ සටහන් සමාජ ජාලාවල මේ දිනවල සුලබව දක්නට ලැබෙනවා මෙන්ම එවන් සටහනක දත්තයන් නිවැරදි ද […]

Continue Reading

FACT CHECK: කොවිඩ් ආසදිතව මියගිය පිරිසකගේ මෘතදේහයන් අඩංගු පොලිතීන් බෑග් (Body Bags) ඡායාරුපයක් ද?

කොරෝනා වසංගතය ලෝකය පුරා වේගයෙන් පැතිරෙමින් පවතින මොහොතක,  මිලියන ගණනින් ආසාදිතයන්  වාර්තා වෙමින් පවතින අතර මේ වන විට මිලියන 4 කට අධික පිරිසක් කොරෝනා රෝගය හේතුවෙන් මියගොස් තිබෙනවා. සෞඛ්‍යාරක්ෂණ හේතු නිසාවෙන් මෙසේ මියගිය අයගේ මළසිරුරු ආදාහනය/භූමිදානයට පෙර  බහා තැබීම  සඳහා ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස පොලිතීන් බෑග් (බොඩි බෑග්) භාවිතා කරනු ලබනවා.  මේ අවාසනාවන්ත වාතාවරණය නිසා බියට […]

Continue Reading

FACT CHECK: පොල් වතුර,ලුණු ,දෙහි මිශ්‍රණය කොවිඩ් සදහා ප්‍රතිකාරයක්ද?

කොවිඩ් වෛරසය මේ වනවිට රට පුරාම වේගයෙන් පැතිරෙමින් පවතිනවා. ඒත් සමගම විවිධ ක්‍රම අනුගමනය කරමින් රෝගය ආසාදනය වීමෙන් වැළකී සිටීමට සහ රෝගය සුවකර ගැනීම සඳහා රටේ ජනතාව උත්සහ කරනු ලබනවා. එවන් තත්ත්වයක් තුළ නොමග යවන සුළු විවිධ ඖෂධ පිළිබඳ  ප්‍රචාරයන්,  සමාජ ජාලා වල සීඝ්‍රයෙන් පැතිරෙනු ද අපට දැක ගන්නට පුළුවන්. එලෙස ජනතාව නොමග යවමින් සමාජ […]

Continue Reading

FACT CHECK: මුහුණු ආවරණ නැතිව උද්ඝෝෂණයේ යෙදුණු ගුරුවරුන්ගේ ඡායාරුපයක් ද?

(Photo credit goes to “themorning.lk”) වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති එක්ව, පසුගිය සති කිහිපය පුරාම වැඩ වර්ජන සහ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග රැසක් දියත් කරන්නට යෙදුණා. මෙම උද්ඝෝෂණ කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස වර්ධනය වන සමයක පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ පිරිස් සිය කණස්සල ද පළ කර තිබු අතර මෙම […]

Continue Reading

FACT CHECK: පියුමි හංසමාලි පැමිණෙන බව සැලවී නර්තනයේ යෙදෙන බණ්ඩාරවෙල නිරෝධායන මධ්‍යස්ථානයේ පිරිසක් ද?

කෝවිඩ් සංචරණ සීමා පනවා ඇති මෙම වකවානුවේදී රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහට ලක් වුණා. මෙම උත්සවයට සහභාගී වු නිරූපණ ශිල්පී පියුමි හංසමාලි ඇතුළු පිරිසක් බණ්ඩාරවෙල නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට කටයුතු කිරීම පිළිබඳ පියුමි හංසමාලි ෆේස්බුක් ඔස්සේ සිදුකළ සජීවී කතාව පිලිබඳ දැඩි කතාබහක් ඇතිවුණා. එම […]

Continue Reading

FACT CHECK: ත්‍රස්ත ප්‍රහාර අවදානමක් හේතුවෙන් ලංකාවට යෑමෙන් වැළකී සිටින ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්?

Update :අද දින (ජූලි 07 ) කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මීට පෙර රටේ පවතින COVID-19 තත්ත්වය හේතුවෙන් අමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචරණය සඳහා පනවා තිබූ 4 වන මට්ටම (සංචාරය නොකරන්න-Level 4-Do not Travel) උපදේශනය නැවත 3 වන මට්ටම (නැවත සලකා බැලීම – Level 3 […]

Continue Reading

FACT CHECK: Moderna එන්නත මගින් අනාගතයේදී මිනිසුන් පාලනය කිරීමේ හැකියාවක්?

ඇමෙරිකානු Moderna කොරෝනා මර්දන එන්නත තුළ luciferase අඩංගු බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් මෙන්ම වීඩියෝවක් ලංකාවේ සමාහ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වුණා. මෙහි සඳහන් කර තිබුණේ, ඇමෙරිකානු මොඩර්නා කොරෝනා මර්දන එනන්ත භාවිතා නොකරන ලෙසටෙත් එයට හේතුව luciferase පේටන්ට් බලපත්‍රය හිමි බිල්ගේට්ස්ගේ සමාගම 5G තාක්ෂණය ලැබුණු පසු Moderna එන්නත ලබා ගන්නා පුද්ගලයින් එම එන්නතේ ඇති […]

Continue Reading

FACT CHECK: කොරෝනා හමුවේ දෙවියන් එපා වූ ඉන්දියානුවන් දේව පිළිම ගඟට විසිකළා ද?

ඉන්දියාවේ තවදුරටත් කොරෝනා ආසාදිතයන් පිරිස විශාල වශයෙන් දිනපතාම ජීවිතක්ෂයට පත් වනවා අපට ප්‍රධාන දෙස් විදෙස් මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ද නිරන්තරන්යෙන්ම දැකගන්නට පුළුවන් වුණා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූ වීඩියෝවකින් පෙන්වා තිබුනේ ඉන්දියාවේ පිරිසක් දෙවිවරුන්ගේ පිළිම ගංඟාවකට දමන ආකාරයයි. කොරෝනා තත්ත්වය හමුවේ දෙවියන් එපා වූ ඉන්දියානු පිරිසක් මෙම කටයුත්ත කරන […]

Continue Reading

FACT CHECK: ලංකාවේ කොරෝනා ආසාදිත කුඩා දැරියක් අසාද්‍ය වූ අවස්ථාවක්ද?

කෝවිඩ් වෛරසය උත්සන්න වී ඇති මෙවැනි වකවානුකදී වුවද ජනතාව තුළ අනිසි බියක් ඇති කරවීමට නොමග යවන සුළු සටහන්, ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගැනීම අපට නිතර දැක ගන්න ලැබෙනවා. රෝහලක ඇඳක් මත අසාද්‍ය තත්ත්වයෙන් පසුවන දැරියකගේ වීඩියෝවක් මීට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර එමගින් පෙන්වීමට උත්සහ දරා තිබුණේ, ඇය ලංකාවේ වෙසෙන දැරියක් […]

Continue Reading

FACT CHECK:: රාගම රෝහලේ කොරෝනා රෝගීන් පෙන්වන වීඩියෝවක්ද?

කෝවිඩ් වසංගතයේ ව්‍යාප්තිය සමගින් දිනෙන් දින වර්ධනය වන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල්වල ධාරිතාව ප්‍රමාණවත්ද යන්න පිළිබඳව සමාජයේ අවධානය මේ දිනවල දැඩිව යොමු වී තිබෙනවා.  මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ පසුගියදා රාගම රෝහලේ වර්තමාන තත්ත්වය යනුවෙන් සඳහන් කරමින් කෝවිඩ් ආසාදිත රෝගීන් බවට හඟවමින් වීඩියෝවක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: කෝවිඩ් නිසා අසාධ්‍ය වී මිය යෑම වැළැක්විය හැකි ආහාර අතිරේකයක්?

කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ඉන් වැළකීමට ගත යුතු නොයෙකුත් ඖෂධ වට්ටෝරු, අත්බෙහෙත්, නව සොයාගැනීම් සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍යයේ ඔස්සේ ඉඩකඩ ලැබෙනු අපට නොයෙකුත් අවස්තාවලදී දැකගන්නට පුළුවන් වුණා. එමෙන්ම මෙම ඖෂධ කෙතරම් දුරට කෝවිඩ් වැළඳීමෙන් ආරක්ෂා කරනවාද යන්න විද්‍යාත්මකව තහවුරු නොවී තිබියදීත් ජනතාව ඇතැම් ඖෂධ වර්ග භාවිතා කිරීමට, මිළදී ගැනීමට […]

Continue Reading