FACT CHECK: මුහුණු දෙකේ අරුම පුදුම මිනිසාගේ සැබෑ කතාව!

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විදෙස් සිදුවීම් සහ ජනප්‍රවාදයේ කියවෙන කතා යොදාගනිමින්, ඒවාට වැරදි අර්ථකතන ලබා දී නොයෙකුත් අවස්ථාවලදී ජනතාව නොමග යැවීම් සිදුවන අයුරු දැකගන්නට ලැබෙනවා. ඒ අතරින් අරුම පුදුම සිදුවීම් යනුවෙන් හඳුන්වමින් නොයෙකුත් විදෙස් රටවල ඡායාරූප, වීඩියෝ භාවිත කරමින් මෙලෙස නොමග යවන සුළු සටහන් නිර්මාණය වෙනවා. එලෙස හිසේ පිටුපස තවත් මුහුණක් තිබූ පුද්ගලයෙක් සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK: “ගුරු වැටුප් වැඩි කරන්න සල්ලි නෑ. එන්නත ගේන්න සල්ලි තියෙනවා” යනුවෙන් ස්ටාලින් පැවසුවාද?

ප්‍රධාන මාධ්‍ය නාලිකාවක පළවූ පුවත් ටිකරයක (News ticker)  ආකාරයෙන් පළවන පුවත් දුටු සැණින්  බොහෝ දුරට සත්‍ය පුවතක් ලෙස ජනතාව විශ්වාසය කිරීමට පෙළඹෙනවා. මේ හේතුව නිසාම ඇතැම් ව්‍යාජ සටහන් නිර්මාණකරුවන් අසත්‍ය පුවත් පැතිරවීමට ප්‍රධාන නාලිකාවල ආකෘති යොදා ගැනීම ද සුලබව දක්නට ලැබෙනවා.  මෙවන් ව්‍යාජ නිර්මාණ බොහෝ විට මැතිවරණ කාලයේ දී දැක ගන්නට ලැබෙන අතර ජනතාව නොමග යැවීම […]

Continue Reading

FACT CHECK: සුනිල් හඳුන්නෙත්ති සිය පුතුණුවන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමට ගිය අවස්ථාවක්?

ජනතා විමුක්ති පෙරමුණ අළල නිර්මාණය කෙරෙන බොහෝ ව්‍යාජ සටහන් රටේ පවතින කාලීන මාතෘකා අළල පළ වන අයුරු අපට සුලබව දක්නට ලැබෙන කරුණක්. ඇතැම් අවස්ථාවන්හිදී ජනතාව නොමග යැවීම සඳහා සත්‍ය සටහන්, ඡායාරූප, සිදුවීම අළලා වෙනත් අර්ථකතනයක් ලබා දී ජනතාව නොමග යැවීමට උත්සහ කරන අයුරු මෙන්ම නමට කැළලක් ඇති කරවීම මෙම අසත්‍ය තොරතුරු වල අරමුණයි. එවන් වෙනත් […]

Continue Reading

FACT CHECK: ළමයි ඇපේට අරන් වර්ජනයක යෙදෙන එක වැරදි බව GMOA කිව්වද?

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව හේතුවෙන් වෘත්තීය සමිති Online ඉගැන්වීම් ක්‍රමවේදයෙන් ඉවත් වීමත් සමග ඒ සම්බන්ධයෙන් නොයෙකුත් පාර්ශව සිය අදහස් දක්වමින් සිටිනවා. සමාජ මාධ්‍ය තුළද මේ පිළිබඳව කතිකාවතක් ඇති කිරීමට සමත්වූ අතර මේ සම්බන්ධයෙන් නිර්මාණයවූ ඇතැම් සටහන් නොමග යවන සුළු බව අපට වාර්තා වුණා. එවන් සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

FACT CHECK : ලොව ජීවත්වන විශාලතම ඉබ්බා ඇමසන් ගංගාවෙන් හමුවූවාද?

සත්ත්ව ලෝකයේ අරුම පුදුම කරුණු පිළිබඳ නිරන්තරයෙන් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් සඳහා බොහෝ පාඨක ප්‍රතිචාර හිමිවෙන අවස්ථා දැක ගන්නට පුළුවන්. මේ ආකාරයෙන් ඇමසන් නදියෙන් සොයා ගැණුනු ලොව විශාලතම ඉබ්බෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වුණා. මෙහි නිරවද්‍ය සොයා අප කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ලොව […]

Continue Reading

FACT CHECK: රනිල් වික්‍රමසිංහට බ්‍රිතාන්‍ය නයිට් පදවියක් ?

බ්‍රිතාන්‍ය නයිට්පදවියට හිමිකම් කීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැකි වූ බවට විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වුණා. මෑතකදී නැවත හුවමාරුවන මෙම සටහන් වල දැක්වෙන පරිදි රනිල් වික්‍රමසිංහ මහතාට නයිට් පදවිය ප්‍රදානය කළ යුතු බවට බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි කුමරියගෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබු බව දැක්වුණා. මෙම පුවතේ නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශන පහතින්. සමාජ […]

Continue Reading

FACT CHECK: මුදල් ඇමති රසායනික පොහොර ගෙන්වීමේ තීරණයක්?

නව මුදල් අමාත්‍ය ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර ආනයනය නවතා කාබනික පොහොර භාවිතය සඳහා ගෙන ඇති තීරණය වෙනස් කොට නැවත රාසායනික පොහොර ආනයනය කිරීමේ සූදානමක් ඇති බවට ඇතැම් වෙබ් අඩවිවල මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පුවත් පළ වුණා. මෙහි නිරවද්‍යතාවය අප කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK තායිලන්තයෙන් වාර්තා වෙන ස්ත්‍රියකගේ හැඩයෙන් යුත් ලියතඹරා මලේ ඇත්ත කතාව!

ලියතඹරා මල පිළිබඳව බොහෝ විට අප අසා ඇත්තේ මෙරට සාහිත්‍ය සහ සංස්කෘතික කෘති වලදීය. ලියතඹරා මල ස්ත්‍රී ස්වරූපයක් ඇති මනඃකල්පිත මල් විශේෂයක් බවට සැලකෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ කලින් කලට පළවෙමින් මතුවන තායිලන්තයේ පිපෙන ලියතඹරා මල් යැයි සඳහන් කළ ඡායාරූපවල සත්‍ය කරුණු සොයා අප විමර්ශනයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : Aliya නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් […]

Continue Reading

FACT CHECK: දැරියක් අපයෝජන කළ සිද්ධියට හෘද රෝග විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න අත්අඩංගුවට ගත් බවට ව්‍යාජ පුවතක්!

සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන්ගේ නම් අපකීර්තියට පත් කිරීම සඳහා ඇතැම් අවස්ථාවලදී සමාජ මාධ්‍ය භාවිතා කරන අයුරු අපට සුලබව දැක ගන්නට ලැබෙනවා. බොහෝ අවස්ථාවලදී සමාජය තුළ දැඩි ලෙස කතාබහට ලක්වන සිදුවීම්වල චූදිතයන්ගේ තොරතුරු මෙම ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ තොරතුරු වලට සමාන කමක් තිබේනම් ඔවුන්ගේ නම් ඈඳා ගනිමින් අසත්‍ය පැතිරවීමට කටයුතු කරන ආකාරයක් අපට දකින්නට ලැබෙනවා.  මේ දිනවල සමාජයේ මහත් […]

Continue Reading

FACT CHECK: කඩවත හැටන් නැෂනල් ATM කුටියේ සිදුවූ මුදල් මංකොල්ලයක්ද?

සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් විවිධාකාරයේ මංකොල්ල කෑම් සහ සොරකම් පිළිබඳ බිහිසුණු වීඩියෝ දර්ශන විටින් විට වාර්තා වෙනවා. මේ ආකරයෙන් කඩවත බැංකුවක අද දිනයේ (ජුලි 02) ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් (ATM) මුදල් ගනිමින් සිටි කාන්තාවකගෙන් එම ස්ථානයට ඇතුළු වන පුද්ගලයෙකු මුදල් මංකොල්ල කන අවස්ථාවේ CCTV දර්ශන ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලයේ ඔස්සේ සංසරණය වූ සිදුවීමේ නිරවද්‍යතාවය […]

Continue Reading