මෙරට නිෂ්පාදිත ප්‍රථම බහු දින ධීවර යාත්‍රාව, වත්මන් රජය යටතේ දියත් කළ අවස්ථාවක් ද ?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

වත්මන් රජය විසින් මෙරට නිෂ්පාදිත ප්‍රථම බහු දින ධීවර යාත්‍රාව බේරුවල ධීවර අංගනයෙන් දියත් කරන මොහොත ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඡායාරූප සටහනක් හුවමාරු වුණා. කෙසේ වෙතත්, නිල සහ ප්‍රධාන ධාරා පුවත් වාර්තා පෙන්වන්නේ මෙම අවස්ථාව සම්බන්ධ වන්නේ බහු දින යාත්‍රාවක “ප්‍රථම නිෂ්පාදනය” සමඟ නොව, බෝට්ටු දියත් කිරීම සඳහා විශේෂිත පහසුකමක් විවෘත කිරීම සමඟ බවයි.

සත්‍යවශයෙන් ම මෙරට නිෂ්පාදිත බහු දින යාත්‍රාවක් මෙලෙස දියත් කර තිබෙනවා ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Facebook | Archived Link

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ලෙස, ප්‍රථම වරට මෙරට නිෂ්පාදිත බහුදින යාත්‍රාවක් දියත් කිරීමක් පිළිබඳ සඳහන් අවස්ථාව කුමක්ද යන්න අප කළ පරීක්ෂාවේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම බෝට්ටු දියත් කිරීමේ අංගනයක් බේරුවලදී විවෘත කළ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පළ කර ඇති බව දැක ගන්නට ලැබුණි. නමුත් එහි ප්‍රථම වරට බහුදින යාත්‍රාවක් මෙරට නිෂ්පාදනය කර දියත් කළ බවට සඳහන් කර ඇති බව දැක ගන්නට නොලැබුණි.

ඒ අනුව මෙම සමාජ මාධ්‍ය සටහනට අදාළ නිවැරදි පුවත වන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රථම බෝට්ටු දියත් කිරීමේ අංගනය (Boat Launching Ramp) බේරුවලදී විවෘත කර ඇති බවයි. ඒ පිළිබඳ ධීවර, ජලජ හා ධීවර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ෆේස්බුක් පිටුවේ ද, පළකර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

ශ්‍රී ලංකාවේ බෝට්ටු දියත් කිරීමේ අංගන (Individual Launching Ramps) ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ දිවයින පුරා ඇති ධීවර වරායන් ආශ්‍රිතවය. කෙසේ වෙතත්, බෝට්ටු නිෂ්පාදකයින්ට සහ පෞද්ගලික බෝට්ටු හිමියන්ට පහසු වන පරිදි රජය විසින් රටේ ප්‍රථම විශේෂිත බෝට්ටු දියත් කිරීමේ මධ්‍යස්ථානය බේරුවල ධීවර වරායේ ඉදිකර ඇත. නවීන තාක්ෂණයෙන් යුත් යටිතල පහසුකම් සහිතව විශේෂයෙන්ම බෝට්ටු අපනයන කර්මාන්තය (Marine/Boat Manufacturing Industry) ඉලක්ක කරගෙන ඉදිවූ ප්‍රථම නිල බෝට්ටු දියත් කිරීමේ සහ පරීක්ෂා කිරීමේ මෙහෙයුම් සංකීර්ණය මෙය වේ.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ප්‍රථම නිල බහු දින ධීවර යාත්‍රාව

ඉතිහාසමය පසුබිමක් ලෙස, ශ්‍රී ලංකාවේ බහු දින ධීවර යාත්‍රා සංවර්ධනය 1980 දශකයේ මුල් භාගයේ සිටම වාර්තා වේ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ප්‍රථම නිල බහු දින ධීවර යාත්‍රා කාණ්ඩය හඳුන්වා දෙනු ලැබුවේ “ලංකා නාවික වාස්තු විද්‍යාඥයින්ගේ (Naval Architects)” සහ FAO (එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය) දායකත්වයෙන් යුතුව Neil Marine සහ Cey-Nor Foundation වැනි ආයතන මගිනි.

1980 දශකයේ මුල් භාගයේදී ශ්‍රී ලංකා ධීවර අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි ‘බෙංගාල බොක්ක වැඩසටහන’ (Bay of Bengal Programme – BOBP) හරහා බහු දින  ධීවර කර්මාන්තය සඳහා ප්‍රථම වරට විශේෂ බෝට්ටු මාදිලි දෙකක්( SRL-15 සහ SRL-34 මාදිලි) සැලසුම් කර හඳුන්වා දෙන ලදී. එවකට බලය පැවතියේ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රජයයි. 1977 සිට 1989 දක්වා කාලය තුළ ජේ. ආර්. ජයවර්ධන රජයේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා එම අවධියේ මෙම කටයුතු සඳහා මූලිකත්වය ගනු ලැබීය. 

මෙරට බහු දින ධීවර ක්ෂේත්‍රයේ සැබෑ පෙරළියක් ඇති කරමින්, බ්‍රිතාන්‍ය නාවික වාස්තු විද්‍යාඥ ඩේවිඩ් ෆ්‍රීමන්ගේ සැලසුමකට අනුව දේශීයව නිපදවූ ප්‍රථම සහ වඩාත්ම සාර්ථක වාණිජ මට්ටමේ බහු දින ධීවර යාත්‍රාව වන්නේ NMDF-40 යාත්‍රාවයි. නාවික සැතපුම් 300ක දුරක් යා හැකි සහ සති තුනක් මුහුදේ රැඳී සිටිය හැකි පරිදි ෆයිබර්ග්ලාස් (FRP) තාක්ෂණයෙන් මෙය නිපදවා තිබුණි. ඒ සම්බන්ධයෙන් විස්තර මෙතනින් සහ මෙතනින්.

ඉන්ධන මෙන්ම යාත්‍රා රුවල් (Sails) මගින්ද ධාවනය කළ හැකි මෙරට නිෂ්පාදිත ප්‍රථම බහු දින යාත්‍රාව සෂිමි” (Sasimi) ලෙස නම් කර සෝමාලියාව වෙත අපනයනය කිරීමට Cey-Nor ආයතනය සමත් වී තිබේ.

මෑතකදී Cey-Nor ආයතනය විසින් මත්ස්‍ය අස්වැන්න නරක් වීම වැළැක්වීම සඳහා සෙල්සියස් අංශක -20 දක්වා සිසිල් කළ හැකි ශීතාගාර (Freezer facilities) සහිත නවීනතම තාක්ෂණික බහු දින යාත්‍රා දේශීය වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

Also Read : 1985 සිට ලංකා නැව් සමාගම සතුව එක්  නෞකාවක්වත් නැත් ද ?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය සටහන් මගින් සැබෑ සිදුවීමක්, වැරදි අර්ථකථනයක් සමඟ ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව, වත්මන් රජය විසින් මෙරට ප්‍රථම බහු දින ධීවර යාත්‍රාවක් නිෂ්පාදනය කර බේරුවල ධීවර අංගනයෙන් දියත් කළ බව අසත්‍යයි. සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ඡායාරූපවල සත්‍ය අවස්ථාව වන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රථම බෝට්ටු දියත් කිරීමේ අංගනය (Boat Launching Ramp) බේරුවලදී විවෘත කර ඇති බව පමණයි. මෙරට ප්‍රථම බහුදින යාත්‍රාව නිෂ්පාදනය කරනු ලැබුවේ, 1980 දශකයේ මුල් භාගයේ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රජය යටතේ වේ.

Result Stamp

Title: මෙරට නිෂ්පාදිත ප්‍රථම බහු දින ධීවර යාත්‍රාව වත්මන් රජය යටතේ නිෂ්පාදනය කරළද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *