කුමාරප්පෙරුමගේ පුත්‍රයාගේ අභාවයෙන් පසුව හිටපු ජනපති මහින්ද ගැන ඔහු විසින් සිදු කළ ප්‍රකාශ ද?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතාගේ පුත්‍රයාගේ අභාවයත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් සංසරණය වූ අතර ද්වේෂ සහගත ලෙස තවත් අසත්‍ය හා නොමග යන සුළු සටහන් ද, දේශපාලනීකරණය කරගනිමින් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා. මේ ඒ පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවක්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා සිදුකළ ප්‍රකාශයක් බව දක්වමින්, හුවමාරු වෙන ඡායාරූප සටහනකින් දක්වා තිබුනේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජීවිතක්ෂයට පත් වීමෙන් පසු, එය හොඳට සැමරිය යුතු බවට, පසුගියදා අකල් මරණයකට ලක්වූ, කුමාරප්පෙරුම මහතාගේ පුත්‍රයා විසින් නිතරම පවසා තිබු නමුත්, නමුත් අවසානයේ දී මහින්ද රාජපක්ෂ මහතා, තම පුතණුවන්ගේ දේහය බැලීමට පැමිණි බවයි.

FB|FB

මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සම්බන්ධ කරමින් තව ත් සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.

Facebook

මෙම සටහන් වල නිර්වද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

මාතර දිස්ත්‍රික් මාලිමා මන්ත්‍රීධූර අපේක්ෂක ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාගේ පුත් නිවින් කුමාරප්පෙරුම  පසුගිය ජූනි 12 වන දා ඇතිවූ හදිසි රෝගී තත්වයක් මත කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වී තිබුණා. 

මෙම මරණය සම්බන්ධයෙන් බොහෝ පක්ෂ විපක්ෂ කණ්ඩායම් සියල්ල පාහේ සිය කණගාටුව පළ කරමින් සමාජ මාධ්‍ය සටහන් තබමින් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ තිබූ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ත්, ඒ අතර විය. මෙම අවස්ථාව ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් ද, වාර්තා කර තිබුණේ මෙලෙසින්.

මෙලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමෙන් පසු කුමාරප්පෙරුම මහතා විසින් ඒ පිළිබඳ කළ ප්‍රකාශ බවට ඉහත සමාජ මාධ්‍ය සටහන් සමාජ මාධ්‍ය වේදිකා වල සංසරණවය වූවත්, ඔහු විසින් එවැනි ප්‍රකාශයක්, මාධ්‍ය වෙත හෝ වෙනත් අවස්ථාවක සිදු කළ බවට දැක ගන්නට නොලැබුණි.  එවැනි ප්‍රකාශයක් කරන අවස්ථාවක වීඩියෝවක් හෝ දැක ගන්නට නොමැත.

නීතිඥ උපුල් කුමාරප්පෙරුම

අප මේ පිළිබඳ කුමාරප්පෙරුම මහතාගෙන් විමසීමක් කළා. ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, කිසිම දිනක තම පුතා දේශපාලන චරිතය ගැන කතා කරනවාවත්, මේ විදියට කාටවත් කතා කරනවාවත් තමා අසා නැති බවයි. ඒ සියල්ලටම වඩා, දේශපාලනය සම්බන්ධ කිසිදු ප්‍රකාශයක් කිරීමට තරම් තත්ත්වයක තමන් නොසිටන බව ත්, හුවමාරු වන්නේ ද්වේශ සහගත ලෙස නිර්මාණය කරන ලද අසත්‍ය සටහන් බව ත් කුමාරප්පෙරුම මහතා පවසා සිටියා.

සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ෆේස්බුක් පිටු වලින් මේ සටහන් පළ කර නැහැ 

ඉහත සඳහන් කළ ෆේස්බුක් පිටු වලින් මෙම සටහන් පළ කර නොමැති බව දැක ගන්නට ලැබෙන අතර එම ෆේස්බුක් ඇඩ්මින්වරුන් විසින් ද, සඳහන් කළේ, තම ෆේස්බුක් පිටුවල සටහන් ආකෘති අවභාවිත කරමින් ව්‍යාජ සටහන් නිර්මාණය කර ඇති බව ත්, මෙවැනි සටහන් ඔවුන් පළ කර නොමැති බව ත්ය.

නිවින් කුමාරප්පෙරුම මිය යන විට ඔහු විසිපස්වන(25) වියෙහි පසු වූ අතර ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව කැනඩාවේදී උසස් අධ්‍යාපනය කටයුතු නිමාකර මෙරට තිබේ.

දේහයේ අවසාන කටයුතු වූ ඊයේ(15) සවස හයට බැද්ද ගණන පොදු සුසාන භූමියේදී සිදු කර තිබූ අතර අධිකරණ වෛද්‍ය වාර්තා වලට අනුව නිවීන්ගේ මරණයට හේතුව වී ඇත්තේ, Deep Vein Thrombosis හෙවත් DVT නැමැති වෛද්‍ය විද්‍යාත්මක තත්ත්වයක් බව සඳහන්.

Facebook

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනය පෙන්වා දෙන්නේ, නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා විසින් සිය පුත්‍රයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි මහින්ද රාජපක්ෂ මහතාට සම්බන්ධ කරමින් තම පුත්‍රයා සිදු කළ ප්‍රකාශ සහ ඔහු විසින් සිදු කළ ප්‍රකාශ ලෙසට දක්වමින් පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි.

Result Stamp

Title: කුමාරප්පෙරුමගේ පුත්‍රයාගේ අභාවයෙන් පසුව හිටපු ජනපති මහින්ද ගැන ඔහු විසින් සිදු කළ ප්‍රකාශ ද?

Fact Check By: Pavithra Sandamali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *