දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
2025 වර්ෂයේදී රට පුරා ඇති ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් 3089ක් නවාතැන් අරන් ඇති බවට ත්, වසරකට තුන්කෝටි තිස් ලක්ෂයක් වැය කර ඇති බව ත්, , දක්වමින් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම, සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ පළ වී තිබුණා. සත්‍ය වශයෙන් ම සිදු වී ඇත්තේ කුමක්ද? මාධ්‍ය එලෙස වාර්තා කරේ ඇයි? මේ සඳහා පිළිතුරු සොයමින් Factcrescendo අප කරන කරුණු පැහැදිලි කිරීමක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :




මෙම සටහන් සඳහා පාදක වී තිබුණේ, ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද වාර්තාවක් බව ත්, 2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ත්, මෙම මන්දිර 7 තුළ පවත්වා ඇති රැස්වීම් ගණන 3ක් බව ත් මාධ්‍ය වාර්තා කර තිබුණා. ජනාධිපති මන්දිර හතෙහි විදුලිය, දුරකතන ඇතුළු අනෙකුත් පහසුකම් සඳහා එම වර්ෂයේදී වැය කර ඇති මුදල රුපියල් 32,982,675ක් වන අතර කතරගම, මහියංගනය හා බෙන්තොට මන්දිරවල 2025 වර්ෂය තුළදී කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් සිදු කර නොමැති බව ද, එම වාර්තා ඇසුරින් පළ වූ පුවත් ලිපි වල සඳහන් කර තිබුණා. Archived Link
පිටස්තරයින් ට නවාතැන් දුන්නේ නැහැ- ජනාධිපති මාධ්‍ය අංශය
මේ අතර ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේ පිළිබඳ පැහැදිලි කරමින් සඳහන් කරන්නේ, ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන නොමැති බව ත්, එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවයි.
2025 වර්ෂයේදී ජනාධිපති මන්දිර පරිශ්‍රවල පවතින වෙනත් ගොඩනැගිලිවල ආරක්ෂක අංශයේත්, මාධ්‍ය සහ අනෙකුත් අංශ වලත් නිලධාරීන් රාජකාරීමය අවශ්‍යතා වෙනුවෙන් විවිධ අවස්ථාවල නවාතැන් ගෙන ඇති බව ත්, නමුත් නිලධාරීන් කිසිවෙකු ජනාධිපති මන්දිරවල නවාතැන් ගෙන නොමැති බවයි.
ඒ අනුව සත්‍ය වශයෙන් මෑතකදී එළි දැක්වූ විගණන වාර්තාවේ සඳහන්ව ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ අප පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය – 2025 ජනාධිපති කාර්යාල වාර්ෂික කාර්යසාධන සහ විගණන වාර්තාව පරීක්ෂා කරනු ලැබුවා.
විගණන වාර්තාවේ සත්‍ය වශයෙන් ම සඳහන්ව ඇත්තේ කුමක්ද ?
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සභාගත කරන ලද නිල වාර්තාවේ “(ඇ) ජනාධිපති මන්දිර නඩත්තු වියදම්” යටතේ රු. 32,982,675 ක වියදමක් සහ පුද්ගලයන් 3,089 ක් රැඳී සිටි බව පැහැදිලිවම සඳහන් කර ඇති බව දැක ගන්නට ලැබේ. එමෙන් ම මන්දිර 7 සඳහා දුරකථන, විදුලිය ඇතුළු අනෙකුත් වියදම් සඳහා රු.32,982,675 ක් දරා තිබු බව ත්, එසේම, කතරගම, මහියංගනය හා බෙන්තොට මන්දිරවල වර්ෂය තුළදී කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් හෝ සිදු කර නොතිබියදීත් දුරකථන, විදුලිය ඇතුළු අනෙකුත් වියදම් සඳහා රු.2,447,754 ක මුළු වියදමක් දරා තිබූ බව සඳහන් කර තිබුණේ මෙලෙසින්.

2025 වසරේ ජනාධිපති කාර්යාලය සම්බන්ධ විගණකාධිපතිගේ කාර්යසාධන වාර්තාවේ ජනාධිපති මන්දිර නඩත්තු වියදම් යටතේ නවාතැන් ගනු ලැබූ පුද්ගලයන් යනුවෙන් සඳහන් කර තිබීම හේතුවෙන් එහි රජයට, අනුබද්ධ නිලධාරීන් ලෙස සඳහන් කර නොතිබීම හේතුවෙන් මෙලෙසින් සමාජය නොමග යෑම සිදු වී තිබුණි.
එමෙන් ම මෙම නිලධාරීන් 3089 ද, නවාතැන් ගෙන ඇත්තේ, ජනාධිපති මන්දිරයේ බවට මෙම කොටසින් හැඟවෙන අතර ජනාධිපති මාධ්‍ය අංශයෙන් ඛල පැහැදි කිරීමට අනුව ජනාධිපති මන්දිර පරිශ්‍රවල පවතින වෙනත් ගොඩනැගිලිවල ආරක්ෂක අංශයේත්, මාධ්‍ය සහ අනෙකුත් අංශ වලත් නිලධාරීන් රාජකාරීමය අවශ්‍යතා වෙනුවෙන් විවිධ අවස්ථාවල නවාතැන් ගෙන ඇති බව ත්, ජනාධිපති මන්දිරයේ නවාතැන් ගෙන නොමැති බව ත්, පැහැදිලි කර තිබේ.
ඒ අනුව, මූලිකවම මෙම විගණන වාර්තාවේ ජනාධිපති නඩත්තු වියදම් නිසි පරිදි කරුණු පැහැදිලි කර නොමැති බැවින් මෙලෙසින් මාධ්‍ය මෙන් ම, සමාජය ද, නොමග ගොස් තිබේ.
කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනය පාදක කරගනිමින්, ජනාධිපති මන්දිර නඩත්තු වියදම් පුවතම අසත්‍ය ලෙසට ජනපති මාධ්‍ය අංශය පැවසූ බවට හඟවමින්, විගණකාධිපති වාර්තාවේ ඇති පරිදිම පුවත් වාර්තා කළ සමාජ මාධ්‍ය සටහන් ද, අසත්‍ය බවට ඇතැම් සටහන් පළ වී තිබුණා.

නමුත් මෙහි හිරු පුවත් නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරීමේදී මෙය විගණකාධිපති වාර්තාවට අනුව වාර්තා කර ඇති අතර පසුව ජනාධිපති මාධ්‍ය අංශයේ පිළිතුර ද, එක් කර තිබුණා. මෙය ඒ අනුව අසත්‍ය පුවතක් ලෙස දැක්වීමට නොහැක. එමෙන් ම ඔවුන් එම පුවතට ජනාධිපති මාධ්‍ය අංශයේ පිළිතුර යාවත්කාලීන කිරීමක් පමණක් කර තිබූ අතර වෙනත් සංස්කරණයක් සිදු කර නොමැති බවට එම සමාජ මාධ්‍ය සටහනේ History පරීක්ෂා කිරීමේදී ද, පෙනී යනවා.
එමෙන් ම මෙය මාධ්‍ය මගින් සහ පවත්නා ආණ්ඩුවට විරුද්ධ පාර්ශවය විසින් දියත් කළ මඩ ප්‍රහාරයක් බවට ද, ඇතැම් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණා.

නමුත් මෙය සම්පූර්ණ අසත්‍ය පුවතක් නොවන බව ත්, විගණකාධිපතිගේ කාර්යසාධන වාර්තාවේ ජනාධිපති නඩුත්තු වියදම් කොටස අපහැදිලි ලෙස වාර්තා කිරීම මත නොමග ගිය අවස්ථාවක් වේ. එය ද, නවාතැන් ගත්තේ පිටස්තර පුද්ගලයන් නොවන බවට කොටස පමණක් සත්‍ය වන අතර ජනාධිපති මන්දිර වල නවාතැන් නොගත්තත් නඩත්තු සඳහා යන වියදම් එම වාර්තාවේ දක්වා ඇති ගණන් නිසි ලෙස මාධ්‍ය විසින් ද, වාර්තා කර තිබුණි.
ජනාධිපති මන්දිර නඩත්තු 2023/2024/2025
මෙහි 2023 වසර සඳහා සාමාන්‍ය නඩත්තු වියදම් වෙනම දක්වා නොමැති වුවද, 2023 විගණන වාර්තාවට අනුව හිටපු ජනාධිපතිවරයෙකුගේ නිල නිවසක් වෙනුවෙන් දැරූ විශේෂිත ප්‍රාග්ධන වියදම් මෙහි ඇතුළත් කර ඇත
2024 වසරේ විගණකාධිපති කාර්ය සාධන වාර්තාවේ, ජනාධිපති මන්දිර 08ක් සඳහා 2024 වර්ෂය තුළදී නඩත්තු වියදම රු. 80,154,422ක් දරා තිබුණි. මෙම මන්දිර වල ආරක්ෂක අංශ නිලධාරීන් 392ක්ද, සිවිල් සේවකයන් 16ක්ද සේවයේ යොදවා තිබුණි. සිවිල් සේවකයින් 16 දෙනෙකු සඳහා රු. 13,741,080ක වැටුප් හා දීමනා සමාලෝචිත වර්ෂය තුළදී කාර්යාලය විසින් දරා ඇති බව එහි සඳහන්. පිටුව(12)

| වර්ෂය | වියදම් විස්තරය | මුදල |
| 2023 | සාමාන්‍ය නඩත්තු වියදම් ජනාධිපති ලේකම් කාර්යාලයේ සමස්ත වියදම්වලට ඇතුළත් කර ඇත. | වෙන්කර දක්වා නැත |
| හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස අලුත්වැඩියාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට ගෙවූ මුදල | 18,336,135 | |
| එම නිල නිවසට විදුලි සෝපානයක් (escalator) සවි කිරීම | 15,093,876 | |
| එම නිල නිවසට ජෙනරේටරයක් මිලදී ගැනීම | 4,885,844 | |
| හිටපු ජනාධිපති නිල නිවස සඳහා විශේෂ ප්‍රාග්ධන වියදම් එකතුව | 38,315,855 | |
| 2024 | ජනාධිපති මන්දිර 08 ක මුළු නඩත්තු වියදම | 80,154,422 |
| මන්දිරවල සේවය කළ සිවිල් සේවකයින් 16 දෙනෙකුගේ වැටුප් හා දීමනා | 13,741,080 | |
| 2025 | ජනාධිපති මන්දිර 07 ක සාමාන්‍ය වියදම් දුරකථන, විදුලිය ආදිය සඳහා | 32,982,675 |
| භාවිතයට නොගත් මන්දිර 3ක (කතරගම, මහියංගනය, බෙන්තොට) නඩත්තු වියදම් | 2,447,754 | |
| 2025 මුළු නඩත්තු වියදම | 35,430,429 |
මෙම වර්ෂ තුන සඳහා සෘජු සහ නිවැරදි කිරීම ප්‍රායෝගිකව කළ නොහැක.
2023 විගණන වාර්තාවේ දැනට භාවිතයේ පවතින ජනාධිපති මන්දිරවල සාමාන්‍ය නඩත්තු වියදම් හෝ සේවක වැටුප් පිළිබඳව සඳහන් නොවන අතර, එහි හෙළිදරව් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයෙකුගේ නිල නිවසක් සඳහා රු. 38,315,855 ක් වටිනා අලුත්වැඩියාවන්, විදුලි සෝපානයක් සහ ජෙනරේටරයක් මිලදී ගැනීම වැනි විශේෂ ප්‍රාග්ධන වියදම් පමණි.
2024 වර්ෂය සඳහා මන්දිර 08 ක මුළු නඩත්තු වියදම (රු. 80,154,422) සහ සිවිල් සේවකයින් 16 දෙනෙකුගේ වැටුප් දත්ත (රු. 13,741,080) පැහැදිලිව දක්වා ඇත.
නමුත් 2025 වර්ෂය සඳහා ලබා දී ඇත්තේ මන්දිර 10 ක (භාවිත කළ 7 ක සහ නොකළ 3 ක) නඩත්තු බිල්පත් පමණක් වන අතර වැටුප් සඳහා දැරූ වියදම් එහි ඇතුළත් නොවේ.
එබැවින්, වසරින් වසරට ගණනය කර ඇති වියදම් වර්ග (සාමාන්‍ය නඩත්තු, විශේෂ ප්‍රාග්ධන වියදම්, වැටුප්) සහ සලකා බලා ඇති මන්දිර සංඛ්‍යාව එකිනෙකට වෙනස් වන බැවින්, මෙම වසර තුනෙහි වියදම් එකිනෙකට සමගාමීව නිවැරදිව සංසන්දනය කිරීම අපහසු වේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube


