කුරුණෑගල රෝහලේ දී නිවුන් දරුවන් 9 දෙනෙකු උපත ලද බවට අසත්‍ය සටහන් පෙළක්!

False Hoax Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී කරුණු මුල් කර ගනිමින්, විශ්වාස කළ නොහැකි පුවත්, සත්‍ය සිදුවීම් ලෙස දක්වමින්, අසත්‍ය පුවත් නිර්මාණය කර බෙදා හරින ආකාරය බහුලව දැකිය හැකියි. එවැනි නැවත නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන නිවුන් දරු උපත් සම්බන්ධ සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

කුරුණෑගල මහ රෝහලේදී දමිළ ජාතික මවකට ගැහැනු නිවුන් දරුවන් 09 දෙනෙකු උපත ලබා ඇති බවට දක්වමින්, දරුවන්ට සහ මවට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook |Archived Link

අදාළ සටහන Instagram, Threads ඇතුළු විවිධ සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ වේගයෙන් සංසරණය වූ අතර, ඒ සම්බන්ධයෙන් පළවූ තවත් සටහන් කිහිපයක් පහතින්.

Instagram Facebook Facebook Facebook Facebook  

මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බලන ලෙස අපට ලැබුණු ඉල්ල්ලිම් කිහිපයක් ද මුල්කරගමින් අප විසින් සිදු කළ කෙටි කරුණු පරීක්ෂාව පහතින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මවක් විසින් නිවුන් දරුවන් නව දෙනෙකුට උපත ලබා දීමේ සිදුවීමක් කුමන හෝ ප්‍රදේශයකින් වාර්තා වී ඇත්නම්, ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ වාර්තා කර තිබිය යුතුයි. නමුත් එවැනි පුවතක් කිසිඳු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විසින් වාර්තාකර නොමැති බව අප විසින් සිදු කළ මූලික කරුණු පරීක්ෂාවේ දී තහවුරු වුණා. 

ඒ අනුව අප මේ සම්බන්ධයෙන් සෘජුවම කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් විමසීමක් සිදුකළා.

කුරුණෑගල ශික්‍ෂණ රෝහල

අප විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමේදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය වරුණි හේරත් මහත්මිය විසින් ප්‍රකාශ කළේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ එවැනි නව නිවුන් දරු උපතක් සිදු වී නොමැති බවත් ය.

මීට මසකට පෙර, මහනුවර මහ රෝහ‍ලේදී ද මවක විසින් නිවුන් දරුවන් අට දෙනෙකු බිහිකර ඇති බව දක්වමින් ද ව්‍යාජ සටහන් පෙළක් හුවමාරු වූ අතර එහිදී ද අප පෙන්වා දුන්නේ එවැනි බහු නිවුන් දරු උපත් සිදුවීම් ලෝකයේම කෙතරම් විරල ද යන්න පිළිබඳවයි. එසේම ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇත්තේ සය දරු නිවුන් උපතක් පමණි. එම කරුණු ද ඇතුළත් සම්පුර්ණ කරුණු පරීක්ෂා වාර්තාව පහතින්.

මහනුවර මහ රෝහලේදී මවක් නිවුන් දරුවන් 8දෙනෙකු බිහි කළා ද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය): 

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ මවක විසින් නව නිවුන් දරුවන් බිහිකර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය බවයි. එවැනි දරු උපතක් සිදු නොවූ බව කුරුණෑගල ශික්‍ෂණ රෝහල විසින් තහවුරු කළා. 

Result Stamp

Title: කුරුණෑගල රෝහලේ දී ගැහැණු නිවුන් දරුවන් 9 දෙනෙකු උපත ලද බවට හුවමාරු වන අසත්‍ය සටහන් පෙළක්!

Fact Check By: Pavithra Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *