පොලිස් සියළුම තනතුරුවලට බඳවා ගැනීමේ වයස් සීමාව අවුරුදු 28දක්වා වැඩි කර ඇති බවට පැතිර යන අසත්‍ය සටහනක්!

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පොලිස් කොස්තාපල් බඳවා ගැනීම සඳහා වයස් සීමාව 18-28 අතර වන බව දක්වමින් අදාළ රැකියා අවස්ථාව පිළිබඳව රැකියා අවස්ථාවන් සම්බන්ධයෙන් පළ කරන වෙබ් පිටුවක දක්වා තිබුණේ මෙලෙසින්.

Archived Link

මේ සම්බන්ධයෙන් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook Facebook 

මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

2026.03.27 වන දිනැති රජයේ ගැසට්‌ පත්‍ර අංක 2482 සඳහන් වන පරිදි ශ්‍රී ලංකා පොලිසියට හා පොලිස් විශේෂ කාර්ය බලකායට ආධුනික පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල් හා පොලිස් කොස්තාපල් රියැදුරු යන නිලයන් සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතව තිබෙනවා. එම සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතනින්.

මෙම තනතුරු සඳහා උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව මුළු දිවයිනම ආවරණය පරිදි නව නිලධාරී නිලධාරීනියන් 7500 ට ආසන්න ප්‍රමාණයක් බඳවා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවයි සඳහන් වන්නේ. මේ සඳහා අයදුම්පත් යොමු කිරීමේදී www.police.lk වෙබ් අඩවිට වෙත පිවිස මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම්පත සම්පූර්ණ කර 2026.05.08 වන දිනට පෙර යොමු කල යුතු බව සඳහන් වනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබුණා. එය මෙතනින්.

එහි දැක්වෙන පරිදි, 2026.03.27 වන දිනැති රජයේ ගැසට්‌ පත්‍ර අංක 2482 මගින් අයදුම්පත් කැඳවා ඇති තනතුරු වලට අදාල මූලික සුදුසුකම් දක්වා තිබෙනවා. 

ඒ අනුව පොලිස් කොස්තාපල් හා විශේෂ කාර්ය බලකා පොලිස් කොස්තාපල් තනතුර සඳහා මූලික සුදුසුකම් පහත පරිදි වේ. 

වයස -අයදුම්පත් භාරගන්නා අවසන් දිනට අවුරුදු 18-24 අතර විය යුතුය.

කාන්තා පොලිස් කොස්තාපල් හා විශේෂ කාර්ය බලකා කාන්තා පොලිස් කොස්තාපල් තනතුර

මූලික සුදුසුකම්

වයස -අයදුම්පත් භාරගන්නා අවසන් දිනට අවුරුදු 18-24 අතර විය යුතුය.

පොලිස් කොස්තාපල් රියදුරු හා විශේෂ කාර්ය බලකා පොලිස් කොස්තාපල් රියදුරු තනතුර 

මූලික සුදුසුකම්

වයස -අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට වයස අවුරුදු 18-28 ත් අතර විය යුතුය.

සියළුම තනතුරුවලට බඳවා ගැනීමේ වයස් සීමාව අවුරුදු 28 දක්වා වැඩි කර ඇති බව අසත්‍යයි

පොලිස්  බඳවා ගැනීමේ වයස් සීමාව සම්බන්ධයෙන් පැතිරෙන ප්‍රචාරයන්  පිළිබදව විශේෂ කරුණු පැහැදිලි කිරිමක් ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක් පිටුව තුළ පළ කර තිබෙනවා. 

ශ්‍රී ලංකා පොලිසියට සහ විශේෂ කාර්ය බලකායට පොලිස් කොස්තාපල්/කාන්තා පොලිස් කොස්තාපල් හා පොලිස් රියැදුරන් බඳවා  ගැනීම සඳහා 2026.03.27 දිනයේ රජයේ ගැසට්පත්‍ර අංක 2482 හි නිවේදනයක් පල කර ඇති බවත්,මෙම ගැසට් නිවේදනයට අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම්පත් යොමු කිරීම සිදුකල යුතුව ඇති අතර එහි අයදුම්පත් භාර ගැනීම 2026.05.08 දිනෙන් අවසන් වන බවත්,මෙම ගැසට් නිවේදනයට අනුව ආධුනික පොලිස් කොස්තාපල්/කාන්තා පොලිස් කොස්තාපල් තනතුරට බඳවාගනු ලබන වයස් සීමාව අවුරුදු 18 ට නොඅඩු හා 24 ට නොවැඩි යුතු බවත්, ආධුනික පොලිස් කොස්තාපල් රියැදුරු තනතුර සඳහා වයස් සීමාව අවුරුදු 18 ට නොඅඩු හා 28 නොවැඩි විය යුතු බවත්,ඉහත සඳහන් සියළුම තනතුරුවලට බඳවා ගැනීමේ වයස් සීමාව අවුරුදු 28 දක්වා වැඩි කර ඇති බවට මෙම දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සංසරණය වන බවත් අසත්‍ය තොරතුරු සමාජගත කරන පුද්ගලයින් පිළිබඳව අනාවරණය කරගෙන ඇති අතර ඊට අදාල විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබන බවත් එහි දක්වා තිබෙනවා.

ඒ අනුව, එවැනි අසත්‍ය තොරතුරු විශ්වාස නොකරන ලෙසත් ගැසට් නිවේදනයේ සඳහන් මූලික සුදුසුකම් සපුරා ඇත්නම් පමණක් අයදුම්පත් යොමුකර, සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන ලෙසටත් ශ්‍රී ලංකා පොලිසිය අයදුම්කරුවන් වෙත දන්වා  සිටිනවා. එම නිවේදනය මෙතනින්.

පොලිස් සියලුම තනතුරුවලට බඳවා ගැනීමේ වයස් සීමාව අවුරුදු 28 දක්වා වැඩිකර ඇති බවට සාවද්‍ය ප්‍රචාරයන් පැතිර යන බව දක්වමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ද පුවත් වාර්තා කර තිබුණා. ඒ මෙලෙසින්

පොලිස් මාධ්‍ය ඒකකය

මේ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප පොලිස් මාධ්‍ය ඒකකයෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ඔවුන් විසින් තහවුරු කළේ ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්/පොලිස් කොස්තාපල් කාන්තා යන නිලයන්ට අදාළව අයදුම් කිරීමේ මූලික සුදුසුකම් වල වයස් සීමාව වයස අවුරුදු 18-24 අතර වන බවත්, පොලිස් කොස්තාපල් රියැදුරු තනතුර සඳහා  පමණක් වයස් සීමාව 18-28 අතර වන බවත් ය. ඉහත සියලුම තනතුරු සඳහා බඳවා ගැනීමේ වයස් සීමාව අවුරුදු 28 දක්වා වැඩිකර ඇති බවට හුවමාරු වන සටහන් අසත්‍ය බව ඔවුන් විසින් තවදුරටත් තහවුරු කළා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පොලිස් බඳවා ගැනීම් වලදී සියලුම තනතුරු සඳහා බඳවා ගැනීමේ වයස් සීමාව අවුරුදු 28 දක්වා වැඩිකර ඇති බවට පැතිර යන සටහන් අසත්‍ය බවයි. ගැසට් පත්‍රයේ සඳහන් වන පරිදි, පොලිස් කොස්තාපල් පිරිමි සහ කාන්තා තනතුර සඳහා වයස සීමාව අයදුම්පත් බාරගන්නා අවසන් දිනට අවුරුදු 18-24 අතර විය යුතු අතර, පොලිස් කොස්තාපල් රියදුරු තනතුර සඳහා පමණක් වයස සීමාව අයදුම්පත් බාරගන්නා අවසන් දිනයට අවුරුදු 18-28 ත් අතර විය යුතුය.

Result Stamp

Title: පොලිස් සියළුම තනතුරුවලට බඳවා ගැනීමේ වයස් සීමාව අවුරුදු 28 දක්වා වැඩි කර ඇති බවට පැතිර යන අසත්‍ය සටහනක්!

Fact Check By: Pavithra Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *