මහියංගණය – නුවර ප්‍රධාන මාර්ගයේ බස් රථ අනතුරකින් 54 දෙනෙකු අනතුරේ බවට ව්‍යාජ සටහනක්!

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

මහියංගණය – නුවර ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් මතට පස් කන්දක් කඩා වැටී පුද්ගලයන් 54 දෙනෙකු අනතුරට ලක්ව ඇති බවට පවසමින් සමාජ මාධ්‍ය සටහනක් මීට සුළු වේලාවකට පෙර සිට සමාජ මාධ්‍ය ඔස්සේ  සංසරණය වෙමින් පවතිනවා. “සජීවී දර්ශන බැලීමට ලින්ක් එක ක්ලික් කරන්න” යනුවෙන් පවසමින් පළවන මෙම තොරතුරු පිළිබඳව අප සොයා බැලීමක් සිදු කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Facebook | Archived Link

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

මහියංගණය – නුවර මාර්ගයේ එවැනි අනතුරක් වූ බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් විසින් වාර්තා කර නොතිබුණි.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය

මේ හේතුවෙන් අප මේ පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් විමසීමක් කරනු ලැබුවා. අපගේ දැනුවත් කිරීම මත ඔවුන් සිදු කළ සොයා බැලීමෙන් පසු අප වෙත ඔවුන් තහවුරු කළේ එවැනි අනතුරක් වී නොමැති බව ත්, එවැනි අනතුරක් විය හැකි ලෙස විශාල පස් කඳු මාර්ගය අවට නොමැති බවයි.

ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය

ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා ද, අප කළ විමසීමේදී සඳහන් කළේ, මහියංගණය – නුවර මාර්ගයේ එවැනි කිසිදු අනතුරක් හෝ පස් කන්දක් කඩා වැටීමක් සිදුව නොමැති බවයි.

AI ඡායාරූපයක්

එමෙන් ම මෙම ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද්දක් බවට අප කෘතිම බුද්ධිය හඳුනා ගැනීමේ මෙවලමක් හරහා කළ පරීක්ෂාවේදී ද, තහවුරු විය.

ප්‍රාදේශිය මාධ්‍ය වාර්තාකරුවන්

අප එම ප්‍රදේශයේ මාධ්‍ය වාර්තාකරුවන්ගෙන් ද, මේ පිළිබඳ තවදුරටත් විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, එවැනි බස් අනතුරක් වී නොමැති බවයි.

තමන්ගේ වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය ගිණුම් වෙත ආකර්ෂණය කර ගැනීම (Clickbaits) සඳහා මෙලෙස අසත්‍ය තොරතුරු පතුරවන බව නිරීක්ෂණය වේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

මහියංගණය – නුවර පාරේ බස් රථයක් මතට පස් කන්දක් කඩා වැටී ඇති බවට පළවන තොරතුරු සම්පූර්ණයෙන්ම ව්‍යාජ සටහන් වේ. එම නිසා, මෙවැනි සමාජ මාධ්‍ය තුළ හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසත්, සැමවිටම නිල පුවත් ආයතන මඟින් තොරතුරු තහවුරු කරගන්නා ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *