දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
දේශපාලනයේ නියැලෙන්නන් සිදු කරන ප්‍රකාශන් නොමග යන අන්දමින් පළ කරනවා මෙන් ම, සිදු නොකළ ප්‍රකාශ සිදු කළ බවට දැක්වීම සමාජ මාධ්‍ය ඔස්සේ සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“දෙපාරක් ජනාධිපති වෙලා 2039 නාමල් අයින් වෙනකොට ලිමිනි ඊළග අවුරුදු 10 රට බාර ගන්නවා. එතකොට ලිමිනිගෙන් පස්සෙ රට බාර ගන්න කේසර වයස 34ක පරිණත නායකයෙක් වෙලා” යනුවෙන් පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් සිදු කළ ප්‍රකාශයක් ලෙසට දක්වමින් සටහනක් හුවමාරු වී තිබුණා.

මෙම සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණවලින් ද හුවමාරු වී තිබුනේ මෙලෙසින්.





මෙහි නිර්වද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පොදුජන පෙරමුණේ සාමාජික පසන් කස්තුරි නමැති පුද්ගලයා විසින් ඉහත ආකාරයේ ප්‍රකාශයක් පොදු ජන පෙරමුණේ දේශපාලන වේදිකාවල දී හෝ වෙනත් ස්ථානයකදී හෝ සිදු කර තිබුණේ ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කළත්, එවැනි පුවතක් දැක ගන්නට නොලැබුණි.
ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ලෙස News Lab ෆේස්බුක් පිටුවේ, මෙවැනි සටහනක් පළ වී ඇත් ද, යන්න පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා. නමුත් ඉහත දැක්වෙන ලෙස 2029 සිට නාමල් රාජපක්ෂ දෙවරක් ජනපති වන බව ද, නාමල්ගේ බිරිඳ වන ලිමිනි ඊළග අවුරුදු 10 ද , ලිමිනි සහ නාමල්ගේ පුතු වන කේසර, ඉන් අනතුරුව රට බාරගන්නා පරිණත නායකයෙක් වනු ඇතැයි යනුවෙන් ප්‍රකාශයක් එහි සඳහන් නොවේ.
එහිදී දැක ගන්නට ලැබුණේ, පසන් කස්තුරි නමැති පුද්ගලයා විසින් සිදු කළ, “ලෝක යුද්ධ නෙවෙයි පිටසක්වල ජීවින් ඇවිත් ආක්‍රමණය කලත්, රාජපක්ෂලාට කරපු චෝදනා ඔප්පු කරන් නැතුව අනුරට පුටුවෙන් බැහැලා යන්න දෙන්නේ නෑ” යන වෙනත් ප්‍රකාශයක් ඉහත ආකෘතියෙන් පළ වී ඇති බවයි.

එසේම ඉහත ප්‍රකාශයට මුල් වී තිබු, සම්මුඛ සාකච්ඡාවක් අතරතුර දී පසන් කස්තුරි නමැති පුද්ගලයා සිදු කළ ප්‍රකාශය පහතින්. එහිදී හෝ අදාළ වැඩසටහන අතරතුර දී සමාජ මාධ්‍ය ඔස්සේ කිසිදු ආකාරයක ප්‍රකාශයක් සිදුකර ඇති අයුරු දැක ගන්නට නොලැබේ.
කෙසේවෙතත්, පොහොට්ටුව සීඝ්‍ර වර්ධනයක් පසුගිය කාලයේදී පෙන්වා ඇති බවත්, මීළඟ මැතිවරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගන්නා බවට ත්, මීළඟ නියත ජනපති නාමල් රාජපක්ෂ බවත්, පසන් කස්තුරි පවසා තිබුණේ මෙලෙසින්.
එමෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වූ සටහන අසත්‍ය බවට ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ද, සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

තව ද, අප කළ විමසීමේදී පසන් කස්තුරි සඳහන් කළේ, මෙම සටහන් අසත්‍ය බව ත්, තමන් සිදු නොකළ ප්‍රකාශක් කළ බවට ඇතැම් දේශපාලන පාර්ශව විසින් සිදුකළ ව්‍යාජ සංස්කරණයක් මෙසේ හුවමාරු වෙමින් පවතින බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් විසින් “දෙපාරක් ජනාධිපති වෙලා 2039 නාමල් අයින් වෙනකොට ලිමිනි ඊළග අවුරුදු 10 රට බාර ගන්නවා. එතකොට ලිමිනිගෙන් පස්සෙ රට බාර ගන්න කේසර වයස 34ක පරිණත නායකයෙක් වෙලා” යනුවෙන් ප්‍රකාශයක් සිදුකළ බවට පළ වන සටහන් අසත්‍ය බවත් හුවමාරු වන්නේ වෙනත් ප්‍රකාශයක් අඩංගු සටහනක් ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් සිදුකළ නිර්මාණයක් බවත්ය.


