තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිට රන්දෙණියේ බණ්ඩාර හස්තියා, රිය අනතුරින් සතියකට පසු මිය යයි.

False Social

Update 2026.08.04 : අනතුරට පත්ව සිටි රණ්දෙණියේ බණ්ඩාර හස්තියා අද (අගෝස්තු 04) දිනයේ මියගොස් ඇති බව අප සිදු කළ විමසීමේදී මැල්සිරිපුර පොලීසිය විසින් තහවුරු කළා. පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා ද සඳහන් කළේ හස්තියා මියගොස් ඇති බවට පොලීසිය විසින් තමා දැනුවත් කළ බවයි.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

රන්දෙණියේ බණ්ඩාර (වරකාගොඩ අලියා ලෙසද හැඳින්වෙන) හස්තියා කුරුණෑගල-දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර ඕමාරගොල්ල ප්‍රදේශයේදී 2026 ජූලි 28 වන දින පෙරවරුවේ ටිපර් රථයක ගැටී තිබූ අතර, 2026 ජූලි 29 දින උදෑසන ප්‍රධාන ධාරාවේ මාධ්‍යය ඇතුළු සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ වාර්තාකර තිබුණේ හස්තියා මියගොස් ඇති බවයි. මේ සම්බන්ධයෙන් සත්‍ය අසත්‍ය භාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

හස්තියා මියගොස් ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link Facebook | Archived Link

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද සටහන් හුවමාරු වී තිබුණා.

Facebook Facebook Facebook Facebook 

මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මනම්පිටිය දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය සඳහා කෑගල්ල, රන්දෙණියේ සිට පොළොන්නරුව දෙසට මෙම අලියා ප්‍රවාහනය කර තිබූ අතර, අලියා රැගෙන ගිය ලොරි රථයේ ටයරයක හුළං බැසීම නිසා, එය සකස් කරන අතරතුර අලියා ලොරියෙන් බිමට බස්සවා මාර්ගය අයිනේ රඳවා ඇත.ඒ අවස්ථාවේදී දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ වැලි ටිපර් රථයක් අනාරක්ෂිත හා අපරික්ෂාකාරී ලෙස පැමිණ අලියාගේ ගැටී ඇත. ටිපර් රථයේ රියදුරු මැල්සිරිපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

පසුව හස්තියා මාර්ගයෙන් වෙනත් ආසන්න ස්ථානයක් වෙත රැගෙන ගොස් ප්‍රතිකාර කරන ආකාරයද සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගෙන තිබුණා. එම වාර්තා මෙතනින් සහ මෙතනින්.

පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

අප විසින් මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා මේ වන විට අනතුරට පත්ව සිටින රන්දෙණියේ බණ්ඩාර හස්තියා හට ප්‍රතිකාර කරන පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා සම්බන්ධ කරගනිමින් විමසීමක් සිදුකළා. එහිදී ඔහු විසින් සඳහන් කළේ හස්තියා මියගොස් ඇති බවට පල වන වාර්තා අසත්‍ය බවයි. මේ වන විට හස්තියා ජීවත්ව සිටින බවත්, හස්තියාට මේ වන විට අවශ්‍ය ප්‍රතිකාර සිදුකරමින් සිටින බවත් ඔහු විසින් සඳහන් කළා. ප්‍රතිකාර කටයුතු සිදු කරමින් සිටින බැවින් එම අවස්ථාවේ තමා කාර්‍යබහුල තත්වයක සිටින බවත්, සිදුකරන ප්‍රතිකාර සහ හස්තියාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පසුවට කතා කිරීමටත් වෛද්‍යතුමා විසින් ‍යෝජනා කළා.

ස්ථානාධිපති – මැල්සිරිපුර පොලිස් ස්ථානය

අප විසින් මේ සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමාගෙන් සිදුකළ විමසීමේදී ඔහු විසින් ද සඳහන් කළේ හස්තියා මියගොස් ඇති බවට වන වාර්තා අසත්‍ය බවයි. එසේම මෙම අනතුරට හේතු වූ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමෙන් පසු අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පිටත් කර ඇති බවද ඔහු විසින් සඳහන් කළා. එසේම වැඩිදුරටත් ඔහු විසින් සඳහන් කළේ රියදුරගේ අපරීක්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 2026 ජුලි 28 දිනයේ අනතුරට පත් රන්දෙණියේ බණ්ඩාර නම් හස්තියා මියගොස් ඇති බවට 2026.07.29 දින පල වූ වාර්තා අසත්‍ය බවයි. හස්තියා එම අවස්ථාව වනවිට ජීවත්ව සිටින බවට හස්තියට ප්‍රතිකාර කරන පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා විසින් තහවුරු කර ඇත. එසේම අනතුරට හේතු වූ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Result Stamp

Title: අනතුරට පත් රන්දෙණියේ බණ්ඩාර හස්තියා මියගොස් ඇති බවට පලවන වාර්තා අසත්‍යයි!

Fact Check By: B.P Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *