රේනෝ සිල්වා සිය නිවස බිලියන 10කට විකිණීමට වෙළඳ දැන්වීමක් පළ කරලද?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

කාලීන මාතෘකා ඔස්සේ ව්‍යාජ තොරතුරු පැතිරවීම සමාජ මාධ්‍ය තුළ සුලබව දක්නට ලැබෙන අතර කාලීන සිදුවීමක් මුල් කරගනිමින් පැතිරුණු ව්‍යාජ වෙළඳ දැන්වීමක් පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මේ හදිස්සියේ බිලියන 10කට ගෙයක් විකුණන්න දාපු කවුද මේ R සිල්වා?” යනුවෙන් සඳහන් කරමින් රු. බිලියන 10 ක් වටිනා නිවසක වෙළඳ දැන්වීමක් පළ කර ඇති බවට දක්වමින් ඡායාරූප සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඉහත සඳහන් නිවසේ ඡායාරූප මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ, සංසරණය වී තිබූ අතර එහි හිමිකරු වන්නේ, ඒබීසී මාධ්‍ය ජාලයේ හිමිකරු රේනෝ ද, සිල්වා මහතාට වේ. 

Facebook

මෙම නිවසේ ඡායාරූප මාර්ග ගත වෙළඳපොළක් වන ikman.lk හි පළ කර ඇති බවට ත්, එම නිවස මිලදී ගැනීම සඳහා සම්බන්ධ කර ගත යුතු පුද්ගලයා R. Silva ලෙස සඳහන් කිරීම තුළින් සහ එම නිවස බිලියන 10කට විකිණීමට පැවසීම තුළින් මෙම නිවස රේනෝ සිල්වාගේ බවට හැඟවීමට උත්සහ දරා තිබුණා.

පසුගියදා අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව අමාත්‍යවරයාගේ වත්කම් කෝටි 46ක් බවට පුවත් වාර්තා කරණය කිරීම හේතුවෙන් අසත්‍ය තොරතුරු පළ කිරීම හේතුවෙන් තමන්ට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් රුපියල් බිලියන 10ක වන්දියක් ගෙවන ලෙස තමාගේ නීතිඥවරයා මාර්ගයෙන් හිරු රූපවාහිනී නාලිකාව වෙත එන්තරවාසියක් යැවීමට අමාත්‍යවරයා කටයුතු කර තිබුණා. ඒ හේතුවෙන් මෙම නිවස බිලියන 10ට විකුණන බවට දක්වා ඇති බව පැවසිය හැක.

කෙසේ වෙතත් මෙවැනි වෙළඳ දැන්වීමක් ikman.lk හි පළ වී ඇත්ද යන්න පරීක්ෂා කිරීමේදී මේ ආකාරයෙන් වෙළඳ දැන්වීමක් දැක ගන්නට නොලැබුණි. වෙළඳ දැන්වීමක් බවට පළ කර ඇති ඡායාරූපය පරීක්ෂා කිරීමේදී, එම වෙළඳ දැන්වීම පළ කළ පුද්ගලයාගේ නම දැක්වෙන අකුරු(Font) වල වෙනස් කම් දැක ගන්නට ලැබෙන බැවින් අප ikman.lk හි පළ වී ඇති සත්‍ය වෙළඳ දැන්වීමක් හරහා මෙම ඡායාරූප සංසන්දනාත්මකව පරීක්ෂා කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ikman.lk පළ වූ වෙළඳ දැන්වීමක් බවට දක්වා ඇති ඡායාරූපය


ikman.lk සත්‍ය වෙබ් අඩවියේ පළ වූ වෙළඳ දැන්වීමක ඡායාරූපයක්


ikman.lk සත්‍ය වෙබ් අඩවියේ දැක්වෙන වෙළඳ දැන්වීම් ආකෘතියට වඩා මෙම සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ඡායාරූපයේ ඇති වෙළඳ දැන්වීම් ආකෘතියේ වෙනස් කම් ඇති බව දැක ගන්නට ලැබේ. ඒ අනුව සමාජ මාධ්‍ය ඡායාරූපය ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද වෙළඳ දැන්වීමක ඡායාරූපයක් බවට තහවුරු වේ. 

අප මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ikman.lk පාරිභෝගික සහාය සේවාවෙන් විමසීමක් කළා. ඔවුන් සඳහන් කළේ, වෙළඳ දැන්වීමේ මාතෘකව, මිල ක්ෂේත්‍රය මෙන් ම දැන්වීම් පළ කරන්නාගේ නමේ ඇති අකුරු නොගැලපීම් මත පදනම්ව, මෙය වැරදි තොරතුරු පතුරුවා හැරීම සඳහා සංස්කරණය කරන ලද ව්‍යාජ රූපයක් බව සඳහන් කරනු ලැබුවා. 

එමෙන් ම අප වැඩිදුරටත් විමසා සිටියේ මෑතකදී බිලියන 10ක පමණ වටිනාකමක් ඇති නිවසක වෙළඳ දැන්වීමක් පළ කර තිබුණේ ද, යන්නයි. ඔවුන් පැවසුවේ, ඉඩම්, වාණිජ දේපළ සහ මහල් නිවාස යටතේ පළ කර ඇති බිලියන 10 ක මිල ඉක්මවා යන දැන්වීම් කිහිපයක් මේ දිනවල දැන්වීම් දැක ගන්නට ලැබුණත්, ඉහත විකිණීමට ඇති බවට පෙන්වා දී ඇති නිවාසයේ ඡායාරූප සමගින් දැන්වීමක් පළ නොවූ බවයි.

රේනෝ සිල්වා

අප මේ පිළිබඳ රේනෝ සිල්වා මහතාගේ පාර්ශවයෙන් විමසීමක් කළ අතර ඔහුගේ නියෝජිතයෙකු සඳහන් කළේ,රේනෝ සිල්වා මහතාගේ නිවස විකිණීමට කටයුතු යොදා නොමැති බව ත්, ikman.lk වෙබ් අඩවියේ හෝ එවැනි දැන්වීමක් පළ කර නොමැති බවයි. මෙය රේනෝ සිල්වාගේ නිවාසයේ ඡායාරූප යොදා ගනිමින් ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති දැන්වීමක් බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ikman.lk මාර්ගගත වෙළඳපොළේ, ABC මාධ්‍ය ජාලයේ අධිපති රේනෝ සිල්වා මහතාගේ නිවස විකිණීමට ඇති බවට දක්වා ඇති ඡායාරූප දැන්වීම ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් සකසා ඇති ඡායාරූපයක් වේ. එවැනි දැන්වීමක් පළ කර නොමැති බව ikman.lk හරහා මෙන් ම රේනෝ සිල්වා මහතාගේ පාර්ශවයෙන් ද, තහවුරු කරන ලදී.

Result Stamp

Title: රේනෝ සිල්වා සිය නිවස බිලියන 10කට විකිණීමට වෙළඳ දැන්වීමක් පළ කරලද?

Fact Check By: Pavithra Sandamali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *