
සහල් සම්බන්ධව විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා.මේ අතරින් ඇතැම් ප්‍රචාර නොමග යවන සුලුයි.ප්ලාස්ටික සහල්, සංයුතිය වෙනස් සහල් ආදී ප්‍රචාර ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද සහල් පිළිබදව පැතිරෙනවා. මේ එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්.
සමාජ ජාලා සටහන්
ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට වීඩියෝවක් එක්කර තිබුණේ පහත සටහනද සමගින්.
“බත් කන කොට පරිස්සමින් .දැන්නම් හොදටම කොරල වගේ පේන්නෙ.”
මෙම වීඩියෝව තවත් කිහිප දෙනෙක් විසින් ම හුවමාරු කරගෙන තිබු අයුරු ද අපට දැක ගන්නට ලැබුණා.

මෙම වීඩියෝවේ පවසන ආකාරයට සහල් බෝල කිරීමට හැකිවීම සහ ඒවා පොළොවට අතහැරි විට පොළා පැනීම (Bouncing) වැනි කරුණු පිළිබඳව නිවැරදි තොරතුරු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
ඉහත කරුණු ඇතුළත් තවත් වීඩියෝවක් ෆේස්බුක් සංසරණය වී තිබුණේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
මුලින්ම අප සිදුකළේ මෙවැනි සිදුවීමක් පිළිබදව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර ඇද්ද යන්න විමසා බැලීමයි. එහිදී අපට දැක ගන්නට ලැබුණේ මෙම වීඩියෝව 2017 වසරේදී ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු බවයි. එම වීඩියෝව පහතින්.

සමාජ ජාලාවල පළවූ මෙම වීඩියෝව සම්බන්ධයෙන් මාධ්‍ය රැසක් එම අවධියේ දී වාර්තා කර තිබුණු බවත් අපට පෙනී ගියා. ඒ සම්බන්ධවූ වාර්තාවක් මෙතනින්.Archived. 2017 වසැරේ එවකට ස.තො.ස සභාපතිවරයා විසින් ද එහිදී පවසා තිබුනේ විවිධ අරමුණු ඔස්සේ සිදුකර තිබු සංවිධානාත්මක ප්‍රචාරයක් බවත් මේ පිළිබඳව සියලු විමර්ශන සිදුකරන බවත්ය. ඒ ඇතුළු කරුණු පිලිබඳ ඉංග්‍රීසි බසින් වාර්තාවක් මෙතනින්
ඒ අනුව පැහැදිලි වන්නේ මෙය මෙම කාල වකවානුව තුළ වූ සිදුවීමක් බවට හැඟවෙන සේ පළවන සමාජ ජාලා සටහන් නොමග යවන සුලු ඒවා වන බවයි.
කෙසේ නමුත් මේ දිනවල හුවමාරු වන වීඩියෝව පිළිබදව තොරතුරු තහවුරු කර ගැනීමට අප පිටකෝට්ටේ සතොස කළමනාකාරවරිය දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඇය පැවසුවේ මෙවැනි සිදුවීමක් සම්බන්ධව මෑත කාලයේදී තමන්ට පැමිණිල්ලක් ලැබී නොමැති අතර මෙය වසර කිහිපයකට පෙර වූ සිදුවීමක් වන බවයි. එම කාල වකවානුව තුළ තමන් මෙහි සේවය නොකල බවද ඇය පැවසුවා.
ඉන් අනතුරුව අප අවධානය යොමු කළේ, මෙම වීඩියෝවේ සඳහන් ආකාරයේ සහල් බෝල කිරීමට හැකිවීම සහ ඒවා පොළොවට අතහැරි විට පොළා පැනීම (Bouncing) පිළිබදව ඇති ජාත්‍යන්තර වාර්තා පිළිබඳවයි.
ඉන්දියාවේද මෙවැනි ආකාරයේ සිදුවීමක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණු ආකාරයක් අපට දැකගැනීමට හැකියාව ලැබුණ
2017 වසරේදී ඉන්දියාවේදී ද නගර ගණනාවක ජනතාව,මේ ආකාරයට සහල් බෝල සෑදීමට හැකිවීම සහ සහල් බෝල පොළොවට අතහැරිය විට පොළාපැනීම සම්බන්ධයෙන් බියට පත්ව තිබෙනවා. ඒ සහල් වලට ප්ලාස්ටික් වැනි දෙයක් මිශ්‍රව ඇති බවට ඇතිවූ සැක සංකා නිසායි. ඒ සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් විසින් අහඹු සහල් සාම්පල ලබාගනිමින් පරීක්ෂණ සිදු කර තිබුණු අතර සහල්වලට ප්ලාස්ටික් වැනි ආගන්තුක ද්‍රව්‍යයක් එක්ව නොතිබුණු බවට තහවුරු වී තිබුණා. එසේ නම් සහල් බෝල කිරීමට හැකිවූයේ කෙලෙසද සහ සහල් බෝල බිමට අතහැරිය විට නැවත පොළා පැන්නේ කෙසේද යන කරුණ පිළිබදව ඉන්දීය කෘෂි විද්‍යාඥයන් විසින් කරුණු පැහැදිලි කර තිබුණා.
ඔවුන් පවසා තිබුණේ සහල් වල 80% අඩංගු වන පිෂ්ඨය සහල් තම්බා බත් පිසීමේදී දියරමය බවට පත්වන බවයි. ඒ නිසා සහල් වලට ඇලෙන සුලු ස්වභාවයක් ඇතිවී බෝල සෑදීමට හැකිවන බවයි ඔවුන් පවසා ඇත්තේ. එමෙන්ම සහල් බෝල පොළාපනින ස්වභාවයක් ඇතිවන්නේ විවිධ සහල් වර්ගවල පවතින ඇමයිලෝස් ප්‍රතිශතය මත බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මෙතනින්. Archived.
එමෙන්ම සහල් වල සංයුතිය සහ එහි ලක්ෂණ වෙනස්වන ආකාරය පිළිබදව අධ්‍යයනය කළ විට සහල්වල ඇති පිෂ්ඨයේ අඩංගු ප්‍රධාන සංඝටක ද්විත්වය වන ඇමයිලෝස් සහ ඇමයිලෝ පෙක්ටීන් සාන්ද්‍රණය අනුව එය වෙනස්වන බවයි පැවසෙන්නේ. ඇමයිලෝස් සාන්ද්‍රණය වැඩි සහල් තද බවින් වැඩි අතර සහල් බෝල සාදා බිමට දැමීමේදී පොළා පනින ස්වභාවයද වැඩි වේ. කෙසේ වෙතත් ඇමයිලොපෙක්ටීන් සාන්ද්‍රණය වැඩි විට සහල් වල ඇතිවන්නේ ඇලෙන සුලු ස්වභාවයක්. ඒ පිළිබඳ දැක්වෙන වාර්තාවක් මෙතනින්. Archived.
සමාජ ජාලා සටහනේ දැක්වෙන බාස්මතී සහල්වල පොළාපනින ස්වභාවයක් ඇති බව සදහන් වෙනවා. එය ඇමයිලෝස් සාන්ද්‍රණය වැඩි බාස්මතීවල සාමාන්‍ය ස්වභාවයයි. එහෙත් බාස්මතී වල ඇත්තේ ධාන්‍ය ඇට එකිනෙකින් වෙන්ව පවතින ස්වභාවයක් මිස ඇලෙන සුලු ස්වභාවයක් නොවේ. කෙසේ වෙතත් දැඩි බවට හේතුවන ඇමයිලෝස් සාන්ද්‍රණය අඩුවන තත්වයන් පවතීද, ඒ පිළිබදව පවතින පර්යේෂණ මොනවාද යන කරුණ කෙරෙහි අපගේ අවධානය යොමුවුණා. සහල් ගබඩා කර බොහෝ කාලයක් තබාගැනීමේදී සහල් වල ඇමයිලෝස් සාන්ද්‍රණය අඩුවී ඇලෙනසුලු ස්වභාවයක් ඇතිවිය හැකි බවට පළ වූ පර්යේෂණයක් පිළිබඳව වාර්තාවක් මෙතනින්.
මේ පිළිබදව වැඩිදුර තොරතුරු දැනගැනීමට අප බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්‍ය ජයන්ත සේනානායකව දුරකතන මාර්ගය ඔස්සේ සම්බන්ධ කර ගත්තා. ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකාව තුළ නිපදවන සහල්වල ප්ලාස්ටික් හෝ සහල් නොවන වෙනත් සංඝටකයක් ඇති බව මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි. එමෙන්ම විදේශයන්ගෙන් ආනයනය කරන සහල් සාම්පලද නිරන්තර පරීක්ෂාවට බතලගොඩ වී පරීක්ෂණායතනයේදී ලක් කරන බවත් මෙතෙක් ඉතිහාසය තුළ කිසිම අවස්ථාවක සහල් වල තිබී සහල් නොවන ප්ලාස්ටික් වැනි රසායනික සංඝටක හඳුනාගෙන නොමැති බවත් ඔහු පැවසුවා. එමෙන්ම සහල්වල ඇලෙනසුලු ස්වභාවයට මූලික වන්නේ එහි පවතින ඇමයිලෝස් සංඝටකය බවත් එය සහල් වර්ගයෙන් වර්ගයට වෙනස් වන බවත් ඔහු පැවසුවා. චීනය වැනි ඇතැම් රටවල් වල භාවිතාවන සහ එම රටවල් වලින් ලංකාවට ආනයනය කරන සහල්වල ඇලෙන සුලු ස්වභාවය වැඩි බවත් ඔහු සඳහන් කරනු ලැබුවා. ”ප්ලාස්ටික් සහල්”, පිළිබඳව අදහස් දැක්වූ ඔහු එය සැබැවින්ම ලෝකය තුළ පවතින දෙයක් නොව බොහෝදුරට සංකල්පයක් පමණක් බවත් පැවසුවා.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News 3
Also Read:
ප්ලාස්ටික් මිශ්‍ර සහල් හදන වීඩියෝවක්ද?
Video Of Manufacturing Process Of Plastic Granules Shared As Production Of Plastic Rice.
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ වත්මනේදී වූ සිදුවීමක් ලෙස සමාජ ජාලා වල හුවමාරු වන මෙම වීඩියෝව මීට වසර ගණනාවකට ඉහතදී එනම් 2017 වසරේදී සමාජ ජාලාවල පළවූ එකක් වන බවයි. එමෙන්ම සහල්වලින් බෝල සෑදීමේ හැකියාව මෙන්ම එම බෝල පොළොවට ගැසූ විට පොළාපැනීමේ හැකියාව සහල්වල ස්වභාවිකව අඩංගු ඇමයිලෝස් නම් රසායනික සංඝටකයේ ක්‍රියාකාරීත්වය මත මෙන්ම වෙනත් ස්වභාවික ක්‍රියාවල ප්‍රතිඵලයකි. විදෙස් රටවලද මෙවැනි සහල් සම්බන්ධ අසත්‍ය ප්‍රචාර පැතිරී ඇති අතර ඒවා සම්බන්ධව කළ පර්යේෂණ වලින්ද ඔප්පුවී ඇත්තේ සහල්වලට ප්ලාස්ටික් හෝ වෙනත් ආගන්තුක රසායනික ද්‍රව්‍ය එක්ක්‍ර නොමැති බවයි. ශ්‍රී ලංකාව තුළ සිදු කෙරුණු පර්යේෂණ වලින්ද ඉතිහාසය තුළ මෙතෙක් ප්ලාස්ටික් වැනි රසායනික සංඝටක හදුනාගෙන නොමැත.

Title:මේ දිනවලදී සතොසින් මිලදී ගන්නා සහල් වල සංයුතියේ වෙනසක් ?
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,