සමාජ මාධ්‍ය නිර්මාණකරුවෙකු මියගිය බවට හුවමාරු වන නොමග යවන සුළු වීඩියෝවක්!

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍යය තුළ යම් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු වේගයෙන් හුවමාරු වනවා දැකිය හැකියි. ත්‍රීපෝෂ ෆැමිලි නමින් සමාජ මාධ්‍ය තුළ අන්තර්ගත නිර්මාණය කරන පුද්ගලයකු, රිය අනතුරකින් මියගොස් ඇති බවට හුවමාරු වූ එවැනි අසත්‍ය තොරතුරක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ් සටහන් (Social Media Posts :

TikTok

අදාල වීඩියෝව සමාජ මාධ්‍ය තුළ තවදුරටත් හුවමාරු වී තිබුණේ මෙලෙසින්

Facebook 

එසේම මෙම අනතුර ගැන විමසමින් ඡායාරුප සටහන් ද පළවී තිබුනේ මෙලෙසින්.

FB | FB| FB

ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයාබැලීමට අප විසින් කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධියක් උසුලන අන්තර්ගත නිර්මාණකරුවකු මියගොස් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ හෝ සමාජ මාධ්‍ය තුළ නිල වශයෙන් තහවුරු කරන ලද වාර්තා කිරීම් තිබිය යුතුයි. නමුත් අප විසින් සිදුකළ සොයා බැලීමේදී පැහැදිලි වූයේ, අදාල ත්‍රිපෝෂ ෆැමිලි නම් අන්තර්ගත නිර්මාණකරු මිය ගොස් ඇති බවට කිසිදු නිල විශ්වාසනීය මුලාශ්‍රයකින් තහවුරු කර නොමැති බවයි. 

ඒ අනුව අප විසින් එම අන්තර්ගත නිර්මාණකරුගේ සමාජ මාධ්‍ය පිටු පරීක්ෂා කිරීමට කටයුතු කළා.

ත්‍රිපෝෂ ෆැමිලි නම් නිර්මාණකරු මියගිය බවට හුවමාරු වන සටහන් අසත්‍යයි

මේ සම්බන්ධයෙන් වීඩීයෝවක් පළ කරමින් අදාළ අන්තර්ගත නිර්මාණකරු විසින් තහවුරු කර තිබුණේ තමා මියගිය බවට අසත්‍ය තොරතුරක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බවයි. ඒ හේතුවෙන් දිගින් දිගටම ලැබෙන දුරකථන ඇමතුම් හරහා තමා අපහසුතාවයට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් වීඩියෝවක් පළ කරමින් තමා ජීවතුන් අතර සිටින බවට තහවුරු කිරීමට ඔහු කටයුතු කර තිබුණා.

Facebook

කැකිරාව ප්‍රදේශයේ සිදු වූ අනතුරක වීඩියෝවක් නොමග යවන සුළු ලෙස යොදා ගෙන ඇත.

අදාල සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණකරු මියගිය බවට හුවමාරු වන වීඩියෝවේ අදාළ සමාජ මාධ්‍ය හිමිකරුගේ ඡායාරූපයට අමතරව සැබෑ ලෙසම සිදු වූ රිය අනතුරක දර්ශන අන්තර්ගතව තිබූ බැවින් එම රිය අනතුරු කුමක්ද යන්න සොයා බැලීමටද අප කටයුතු කළා. එහිදී අදාළ රිය අනතුර සම්බන්ධ වීඩියෝව ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විසින් වාර්තා කර ඇති ආකාරය දැක ගැනීමට ලැබුණා. 

එම සිදුවීම කැකිරාව, මිරිස්වත්ත ප්‍රදේශයේ කැබ් රථයකින් අලියකු ගැටීම නිසා ඇතිවූ අනතුරක් වන අතර, අදාල අනතුරින් එම අලියා මියගොස් තිබෙනවා. එම පුවත් වීඩියෝව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්

අදාල වීඩියෝවට ත්‍රීපෝෂ ෆැමිලි අන්තර්ගත නිර්මාණකරුගේ ඡායාරූපයක් යොදා සංස්කරණය කරමින් අදාළ නොමග යවන සුළු වීඩියෝව නිර්මාණය කර ඇති බව ඒ අනුව පැහැදිලි වනවා.

මෙවැනි තේමා යටතේ ව්‍යාජ වීඩියෝ සටහන් මීට පෙර ද නිර්මාණය වී තිබු අතර එවැන්නක් පිලිබඳ අප සිදුකළ කරුණු දැක්වීමක් පහතින්.

‘අමුක ඩුමුක’ රුකාගේ සිරුර මැටි වලකින් හමු වූ බවට ව්‍යාජ පුවතක්!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ත්‍රිපෝෂ ෆැමිලි නමින් හඳුන්වාගන්නා අන්තර්ගත නිර්මාණකරු මියගිය බවට හුවමාරු වන සටහන් අසත්‍ය බවයි. ඒ බව එම පුද්ගලයා විසින්ම තහවුරු කර තිබෙනවා.

Result Stamp

Title: සමාජ මාධ්‍ය නිර්මාණකරුවෙකු මියගිය බවට හුවමාරු වන නොමග යවන සුළු වීඩියෝවක්!

Fact Check By: B.P Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *