දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පැරණි වීඩියෝ පට මෑතකාලීන සිදුවීම් ලෙස දක්වමින් නැවත නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගන්නා අවස්ථා බහුලව දැකිය හැකියි. මවක් විසින් කුඩා දරුවෙකුට පහර දෙන ආකාරය දැක්වෙන පැරණි වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
අදාල සිදුවීම මෑත කාලීනව සිදු වූවක් ලෙස දක්වමින්, එය ශ්‍රී ලංකා පොලීසිය දකින තුරු බෙදාහරින ලෙස දක්වමින් අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගෙන තිබුණේ මෙලෙසින්.
අදාළ වීඩියෝව මෑතකාලීන සිදුවීමක් ලෙස දක්වමින් තව දුරටත් හුවමාරු කරගෙන තිබුණේ මෙලෙසින්.
අදාළ සිදුවීම මෑතකාලීනව සිදු වූවක් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
අදාල වීඩියෝවෙහි අවුරුද්දකට අඩු වයසක් කිව හැකි කුඩා දරුවෙකුට කාන්තාවක් විසින් අමානුෂික ලෙස පහර දෙන ආකාරය දර්ශනය වන අතර, වීඩියෝව තුළ කිහිප දෙනෙකු දමිළ භාෂාවෙන් කතා කරන ආකාරය හඳුනාගත හැකියි. ඒ අනුව මූලිකව අප විසින් අදාළ වීඩියෝවෙහි රූප රාමු Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂාවට ලක් කළා.
2021 වසරේ සිදුවීමක්
අදාල වීඩියෝවෙහි දර්ශන 2021 වසරේ දී සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් හුවමාරු කරගෙන තිබුණේ මෙලෙසින්.


ප්‍රධාන ධාරාවේ මාධ්‍ය
අප විසින් සිදු කළ පරීක්ෂාවේදී අදාල වීඩියෝව සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් පළ කර ඇති පුවත්ද හමුවුණා. යාපනය මනියම්තෝට්ටම් හි නිවසකදී මාස නවයක පමණ වයසැති කුඩා බිළිදෙකුට පහර දීම් සිදුකළ මවක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙන බව එම පුවතේ සඳහන් ව තිබෙනවා. පවුලේ අභ්‍යන්තර ගැටුමක් මුල් කරගනිමින් අදාළ කාන්තාව මෙම දරුවාට පහරදීම සිදු කර ඇති බව අනාවරණය වී ඇති අතර, කරුණු සොයා බැලූ යාපනය පොලීසිය හා නල්ලූර් ළමාරක්ෂණ අධිකාරියේ නිලධාරීන් විසින් මව හා දරුවා යාපනය අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එම පුවත මෙතනින්.
2021 වසරේ මාර්තු මස පලමු සතියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් පළ කර තිබූ තවත් වාර්තාවන් මෙතනින් සහ මෙතනින්
යාපනය පොලීසිය
අදාල සිදුවීම සම්බන්ධයෙන් 2021 වසරේදී යාපනය පොලිසිය විසින් නීතිමය මැදිහත්වීමක් සිදුකර ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබීම හේතුවෙන් අප විසින් අදාල වීඩියෝව යාපනය පොලිසිය වෙත යොමු කරමින් මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කළ අතර, මෙම සිදුවීම 2021 වසරේදී වාර්තා වූ බවත්, ඒ අනුව ක්‍රියාත්මක වෙමින් අවශ්‍ය නීතිමය කටයුතු සිදු කළ බවත් යාපනය පොලීසිය විසින් සඳහන් කළා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෑතකාලීන සිදුවීමක් ලෙස දක්වමින් කාන්තාවක විසින් දරුවකුට පහර දෙන ආකාරය දැක්වෙන හුවමාරු වන වීඩියෝව මෑත කාලීන සිදුවීමක් නොවන බවයි. එය 2021 වසරේ යාපනය ප්‍රදේශයේ සිදුවූ සිදුවීමක් වන අතර, ඒ අනුව 2021 වසරේදී ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් අදාළ නීතිමය කටයුතු යාපනය පොලිසිය විසින් සිදු කර තිබෙනවා.


