දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමාජය තුළ කිසියම් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයන් සම්බන්ධයෙන් නොමග යවන සුළු තොරතුරු නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා. කොටුවේ පොඩි හාමුදුරුවන් අපවත් වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ එවැනි අසත්‍ය සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts :
කොටුවෙ පොඩි හාමුදුරුවන් දිවි සැරිය නිම කළ බවට, උන්වහන්සේගේ ඡායාරූප ද සමඟ හුවමාරු වී තිබු තවත් සටහන් පෙළක් පහතින්.



Facebook| Archived Link Facebook Facebook Facebook Facebook
ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයාබැලීමට අප විසින් කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
කොටුවේ පොඩි හාමුදුරුවන් සම්බන්ධයෙන් හුවමාරු වන එම පුවත සත්‍යයක් නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ නිල විශ්වසනීය මූලාශ්‍ර විසින් වාර්තා කර තිබිය යුතුය. කෙසේ නමුත් අප විසින් සිදු කළ පරීක්ෂාවේ දී එවැනි කිසිදු නිල විශ්වාසනීය මූලාශ්‍රයක් මගින් එවැනි පුවතක් තහවුරු කර තිබුණේ නැහැ.
ඒ අනුව අප විසින් කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කිරීමට කටයුතු කළා. අදාළ සමාජ මාධ්‍ය ගිණුම් සක්‍රීයව ඇති ආකාරය එහිදී අපට නිරීක්ෂණය කළ හැකි වුණා. Facebook
කොටුවේ පොඩි හාමුදුරුවන්
මේ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා අප විසින් සෘජුවම කොටුවේ පොඩි හාමුදුරුවන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කළා. එහිදී තහවුරු වූයේ මෙම පැතිර යන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. එසේම කොටුවේ පොඩි හාමුදුරුවන් සුවෙන් සිටින බවද උන්වහන්සේ විසින්ම තහවුරු කළා.
ව්‍යාජ සබැඳි සමඟ හුවමාරු වන වංචනික සටහන් නිර්මාණ පෙළක්!
තව ද හුවමාරු වන ඇතැම් සටහන් වල, සම්පූර්ණ විස්තර සඳහා වීඩියෝවක් නැරඹීමට එක්වන ලෙස පවසමින් සබැඳියක් දක්වා තිබූ අතර, එම ලින්ක් එක සත්‍ය වීඩියෝවක් නොව, තතුබෑම් වංචාවක් (phishing scam) බවට දැකගන්නට ලැබුණි.
Phishing Attack යනු කුමක්ද?
තතුබෑම් ප්‍රහාර යනු පරිශීලකයින්ගේ පුද්ගලික තොරතුරු, එනම් මුරපද, ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු, බැංකු ගිණුම් අංක වැනි දෑ සොරකම් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ සිදු කරන වංචනික ක්‍රියාවකි. මෙහිදී වංචනික ලෙස, විද්‍යුත් තැපෑල, කෙටි පණිවිඩ හෝ වෙබ් අඩවි හරහා, ඔබව රවටා, තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කොටුවේ පොඩි හාමුදුරුවන් අපවත් වී ඇති බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. උන්වහන්සේ සුවයෙන් සිටින බවට කොටුවේ පොඩි හාමුදුරුවන් විසින්ම තහවුරු කළා.

