දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
රටටම සුබ ආරංචියක්! උඩරට දුම්රිය මාර්ගය නැවත වරක් නොමිලයේම ඉදි කර දීමට බ්‍රිතාන්‍ය රජය, අගමැතිණිය වෙත පොරොන්දු වී ඇති බවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් ප්‍රකාශයක් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. මේ ඒ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මෙම සටහන් බහුලව ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.



මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
2025 වසරේ නොවැම්බර් අග වන විට දිවයිනට බලපෑම් කළ දිත්වා සුළි කුණාටු සහිත වැසි තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුම්රිය මාර්ගය වන උඩරට දුම්රිය මාර්ගය හානියට පත් වුණා. මෙම දුම්රිය මාර්ගය, නොමිලේ පිළිසකර කිරීමට බ්‍රිතාන්‍ය රජය විසින් අනුමැතිය හමුවූවා නම්, මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම BBC වැනි බ්‍රිතාන්‍යයේ මාධ්‍ය ධාරා හෝ වෙනත් ජාත්‍යන්තර මාධ්‍ය ධාරා ද, මේ පිළිබඳ අනිවාර්යෙන් ම වාර්තා කළ යුතුව තිබුණ ත්, එවැනි පුවතක් සම්බන්ධයෙන් කිසිදු නිල තොරතුරක් අපට නිරීක්ෂණය නොවුණි.
එමෙන් ම ප්‍රවාහන නියොජ්‍ය අමාත්‍යවරයා විසින් හෝ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එවැනි පොරොන්දුවක් බ්‍රිතාන්‍ය රජය විසින් ලබා දුන් බවට ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් කළ බවට දැක ගන්නට නොලැබේ.
බ්‍රිතාන්‍ය රජය විසින් නිල තොරතුරක් වාර්තා වී නැහැ
බ්‍රිතාන්‍ය රජය විසින් අරමුදල් සපයනු ලබන ජාත්‍යන්තර යටිතල පහසුකම් සහ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා වන යෝජනා, ප්‍රධාන වශයෙන් විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය (FCDO) හරහා නිල පොදු දත්ත ගබඩා වන FCDO DevTracker වැනි ලෝකය පුරා බ්‍රිතාන්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සහ විශේෂිත රටවල් සඳහා වැය කරන මුදල් සහ ව්‍යාපෘති ලේඛන පිළිබඳ තොරතුරු ඇතුළත් වන නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැනි තොරතුරක් දැක ගන්නට නොලැබේ. International Development Funding ප්‍රධාන ජාත්‍යන්තර යටිතල පහසුකම් සහ සංවර්ධන ආධාර මුදල් (Grants) සඳහා වන විවෘත ව්‍යාපෘති යෝජනා බ්‍රිතාන්‍ය රජය මෙහි ප්‍රකාශයට පත් කරන නමුත් මෙහිදී හො ශ්‍රී ලංකාවේ රේල් පාරක් සම්බන්ධයෙන් දක්වා නොතිබුණි.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
අප මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරියගේ මාධ්‍ය සම්බන්ධීකාරකගෙන් විමසීමක් කළ අතර, ඇය සඳහන් කළේ, මෙම පුවත අසත්‍ය බව ත්, එවැනි පොරොන්දුවක් බ්‍රිතාන්‍ය රජය විසින් අග්‍රාමාත්‍යවරියට නොලැබුණු බවයි.
නි. අමාත්‍ය ප්‍රසන්න ගුණසේන
නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරකගෙන් ද, අප මේ පිළිබඳව විමසා සිටි අතර, ඔහු සඳහන් කළේ, ප්‍රසන්න අමාත්‍යවරයා විසින් කිසිදු අවස්ථාවක මෙවැනි ප්‍රකාශක් කළ නොමැති බව ත්, උඩරට දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීමේ කටයුතු කඩිනමින් සිදු වන බවත්, එ් සඳහා වියදම දරන්නේ ලංකා රජය බවයි.
දිට්වා ව්‍යසනය හේතුවෙන් මරදාන සිට පේරාදෙණිය දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගයේ නායයෑම්, පස සෝදායෑම්, ගල් පෙරලීම්, පාලම් හා බෝක්කු හානි වීම වැනි සිදුවීම් 97ක් වාර්තා වී ඇත අතර ඒවායෙන් 92ක් මේ වනවිටත් දුම්රිය දෙපාර්තමේන්තුවේ කැපවීමෙන් යථාවත් කර ඇති බව ත්, රඹුක්කන – කඩුගන්නාව අතර තවත් ස්ථාන පහක් යථාවත් කරලීම වෙනුවෙන් කටයුතු කරමින් පවතින බව ප්‍රවාහන අමාත්‍යාංශයේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණේ මෙලෙසින්. Archived Link
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, උඩරට දුම්රිය මාර්ගය නොමිලයේ ඉදි කර දීමට බ්‍රිතාන්‍ය රජය, අගමැතිණිය වෙතපොරොන්දු වී ඇති බවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් ප්‍රකාශ කළ බවට දැක්වෙන සටහන් අසත්‍ය බවයි. අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශක් සිදු කර නොමැති අතර උඩරට දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීමේ කටයුතු දැනටත් සිදුවෙමින් පවතින්නේ, ලංකා රජයේ වියදමින් බව ප්‍රවාහන අමාත්‍යංශය තහවුරු කර සිටියි.


