ආගමික නායකයින් අළලා පළ වන ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන්!

False Religious Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ජාලාවන් ඔස්සේ විවිධ දේශපාලන සහ පුද්ගලික න්‍යායපත්‍රයන් සාක්ෂාත් කරගැනීම සඳහා ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආගමික නායකයන්ගේ නමින් ව්‍යාජ ප්‍රකාශ සහ සංස්කරණය කරන ලද සටහන් ප්‍රචාරය කිරීමේ ප්‍රවණතාවක් මෑතකාලීනව දැක ගන්නට ලැබෙනවා. පොදු මහජනතාව නොමඟ යවමින්, ආගමික නායකයන් කෙරෙහි පවතින විශ්වාසය සහ ගෞරවය අවභාවිත කරමින් සමාජගත කර ඇති එවැනි අසත්‍ය පුවත් වල සත්‍ය අසත්‍යතාවය සොයා බලමින් සිදුකරන ලද කරුණු විමර්ශනයන් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Claim 1

පෙරහැරවල්වල අලින් සහ දම්වැල් භාවිතය සම්බන්ධයෙන් රජය ගත් තීරණයකට කාදිනල්තුමා ප්‍රශංසා කළ බවත්, දෙමළ, මුස්ලිම් සහ කතෝලික ජනතාව රජය සමඟ සිටින බවත් පවසමින් NewsWire ආයතනය විසින් පළ කළ සමාජ මාධ්‍ය සටහනක් ලෙස මෙය සංසරණය වී තිබුණා.

Facebook | Archived Link   FB FB

Fact-Check :

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මෙවැනි ප්‍රකාශයක් කර තිබු බවක්, අප මේ පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ කළ පරීක්ෂාවේදී දැකගන්නට ලැබුනේ නැහැ.

එමෙන් ම දක්වා ඇති ලෙස NewsWire නිල පුවත් ෆේස්බුක් පිටුවේ හෝ සටහනක් පළ වී නොතිබුණි. එමෙන් ම ඔවුන් විසින් මෙවැනි සටහනක් ඔවුන් විසින් පළ කර නොමැති බව ත්, තමන්ගේ සන්නාම ලාංඡනය අවභාවිත කරමින් සකසා ඇති මෙම සටහන ව්‍යාජ බවට ත්, දක්වා තිබුණා.

Facebook

කොළඹ අගදදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක

කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමාගෙන් ද, අප මේ පිළිබඳව විමසීමක් කළ අතර, පියතුමන් සඳහන් කළේ, මෙම සටහන් අසත්‍ය බව ත්, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මෙවැනි ප්‍රකාශයක් කර නොමැති බව ත් ය.

අලි ඇතුන් සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ සංවාදය 

ශ්‍රී ලංකාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයන් පැවැත්වෙන මෙම වකවානුවේදී, විශේෂයෙන් අගෝස්තු මාසයේ, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු හීලෑ අලි හිමිකරුවන්ගේ සංගමය විසින් ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබුණා.

ඔවුන් පෙන්වා දෙන්නේ වසරකට පෙරහැරවල් 400කට ආසන්න ප්‍රමාණයක් පැවැත්වෙන නමුත් ලංකාව පුරාම දැනට ඉතිරිව ඇත්තේ හීලෑ අලි ඇතුන් 93 දෙනෙකු වැනි ඉතා සීමිත සංඛ්‍යාවක් පමණක් බවයි. 

අලි ඇතුන් හිඟකම නිසා ඉදිරියේදී පෙරහැර සංස්කෘතිය විශාල තර්ජනයකට ලක්විය හැකි බවත්, පෙරහැරවල අලි ඇතුන් භාවිතය පිළිබඳව පොදු එකඟතාවයකට හෝ මාර්ගෝපදේශ මාලාවකට පැමිණීමට කාලය එළඹ ඇති බවත් ඔවුන් ප්‍රකාශ කර තිබේ. 

මේ සමඟම සත්ව හිංසනය වැළැක්වීමේ සංවිධාන ද දම්වැල් භාවිතය සහ සතුන්ට සිදුවන පීඩා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සිය විරෝධතා සහ මතවාද යළිත් කරළියට වරින් වර පැමිණෙන අතර මේ ඔස්සේ ද, අලි ඇතුන් පිළිබඳව සමාජයේ පවතින සැබෑ කතාබහ තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර, ආගමික නායකයෙකු විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙස  අසත්‍ය සටහනක් නිර්මාණය වී ඇති බවට පෙන්වා දිය හැක.

එමෙන් ම 2026 ජූලි මාසයේදී රජය විසින් නිල වශයෙන් ගැසට් පත්‍රයක පළ කරන ලද නව සත්ව ශුභසාධන පනත් කෙටුම්පත මඟින් වසර 100කට වඩා පැරණි (1907 වසරේ) සතුන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීමේ ආඥාපනත අහෝසි කර, සතුන් සුරක්ෂිත කිරීම සඳහා ඉතා දැඩි නීති සහ ඉහළ දඩ මුදල් හඳුන්වා දී තිබෙනවා.

මෙම නව පනත් කෙටුම්පතේ ඇතුළත් ප්‍රධාන කරුණු අතර සත්ව හිංසනය සහ කෲරත්වය තහනම් කිරීම ද, අයත් වන අතර පනත මඟින් සතුන්ට වධහිංසා පැමිණවීම නීති විරෝධී ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එහි ඇති සතුන්ට අනවශ්‍ය ලෙස වේදනා දෙන අයුරින් අයුක්ති සහගත කාලයක් කෙටි හෝ අධික බර දම්වැල්වලින් බැඳ තැබීම යන කරුණ ඔස්සේ බොහෝ පිරිසක් පෙරහැරවල්වල අලි ඇතුන් භාවිතයට තහංචියක් දැමීම ලෙස ද, සමාජයේ කතාබහක් ගොඩ නැංවී තිබීම හා අළලා ද, මෙවැනි සටහන් නිර්මාණය වී ඇති බව ද, පෙන්වා දිය හැක.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Result Stamp

Title: ආගමික නායකයින් අළලා පළ වන ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන්!

Fact Check By: Pavithra Sandamali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *