දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව ප්‍රසිද්ධ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් අසත්‍ය තොරතුරු සහිත ව්‍යාජ උපහාසාත්මක (Satire) සටහන් නිර්මාණය කර බෙදාහරින ආකාරය නිරීක්ෂණය කළ හැකියි. ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් වන ශකීරා මෙරටදී ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතව ඇති බව පවසන එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණ පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ශකීරා 2026 අගෝස්තු 22 දින මෙරට මහනුවර ‘Kandy International Cricket Stadium’ හි ප්‍රසංගයක් පැවැත්වීමට නියමිත බවත්, ඒ සඳහා අවශ්‍ය ටිකට්පත් Tickets.lk වෙතින් මිලදී ගත හැකි බවත්, අදාල පෝස්ටරයේ අන්තර්ගතව තිබුණා.

මෙම සටහන් බොහෝ දෙනෙක්, WhatsApp, TikTok ඔස්සේ ද හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්.


මෙම සටහන් උපහාසාත්මක කෝණයෙන් සිදුකළ නිර්මාණය බවට ඇතැමුන් හඳුනාගෙන තිබුණ ද බොහෝ දෙනෙක් මෙහි සත්‍ය අසත්‍ය භාවය, විමසා තිබු බැවින්, මේ ගැන සොයා බලන්නට අප විසින් කටයුතු කළා.
Fact check (කරුණු විමර්ශනය කිරීම)
ලෝක ප්‍රසිද්ධ කොලොම්බියානු ගායිකා ශකීරා එලැඹෙන අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පවත්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ නිල විශ්වසනීය මූලාශ්‍ර විසින් තහවුරු කර තිබිය යුතුයි. නමුත් අප විසින් සිදු කළ සොයා බැලීමේදී එය සම්බන්ධයෙන් කිසිදු නිල විශ්වාසනීය මූලාශ්‍රයක් විසින් තහවුරු කර තිබුණේ නැහැ.
ශකිරාගේ 2026 නිල සංචාර කිසිවක ලංකාව සඳහන් වන්නේ නැහැ ; ටිකට් මිල ගණන් ද ඇයගේ ප්‍රසංගවල මිල ගණන්වලට වඩා වැඩි අගයක් පෙන්නුම් කරයි
ශකීරා එලැඹෙන අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පවත්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඇයගේ නිල සංචාරක කාලසටහනෙහි අන්තර්ගතව තිබිය යුතුයි. ඒ අනුව අප මූලික වශයෙන් ශකීරාගේ නිල සංචාරක සටහන (Shakira Official Tour Dates) පරීක්ෂාවට ලක් කළා. ඊට අනුව ඇයගේ “Las Mujeres Ya No Lloran World Tour” ප්‍රසංග මාලාව 2026 ජූනි සහ ජූලි මාසවල ඇමරිකාවේදීත්, ඉන්පසු සැප්තැම්බර් මාසයේ සිට යුරෝපය සහ මැදපෙරදිග කලාපයේදීත් පැවැත්වීමට නියමිතය. එහි අගෝස්තු මාසය සඳහා ලංකාවේ කිසිදු ප්‍රසංගයක් ඇතුළත් කර නොමැත. ශකීරාගේ නිල සංචාරක සටහන මෙතැනින්.
එසේම සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන පෝස්ටරයේ දැක්වෙන මිල ගණන් සහ ශකීරා සහභාගීවන ජාත්‍යන්තර නිල මූලාශ්‍රවල දැක්වෙන ප්‍රසංග ටිකට්පත් වල සැබෑ මිල ගණන් අතර විශාල වෙනසක් පවතී.
| ප්‍රවේශපත්‍ර කාණ්ඩය | ව්‍යාජ පෝස්ටරයේ මිල (LKR) | සැබෑ නිල ප්‍රවේශපත්‍ර මිල (USD සහ LKR දළ අගය) |
| සාමාන්‍ය ප්‍රවේශය (General Admission) | රු. 85,000 | $45 – $150 (රු. 13,500 – රු. 45,000) |
| රන් කලාපය (Golden Circle / Floor) | රු. 250,000 | $150 – $400 (රු. 45,000 – රු. 120,000) |
| විශේෂ ප්‍රවේශය (VIP Lounge / Premium) | රු. 750,000 | $400 – $900 (රු. 120,000 – රු. 270,000) |
| සුපිරි ප්‍රවේශය (Diamond / Backstage Pass) | රු. 1,050,000 සිට රු. 3,500,000 | $1,000 – $4,000 (රු. 300,000 – රု. 1,200,000) |
ලෝකයේ ඕනෑම රටක පැවැත්වෙන ශකීරාගේ ප්‍රසංගයක VIP ප්‍රවේශපත්‍රයක් වුවද රුපියල් ලක්ෂ 35ක් (ඇමරිකානු ඩොලර් 11,000කට වඩා) වැනි අතිවිශාල මුදලක් අලෙවියේදී අය නොකෙරේ.
Tickets.lk වෙබ් අඩවියෙහි මෙවැනි ප්‍රසංගයක් ප්‍රකාශයට පත් කර නැත.
එසේම අදාළ පෝස්ටරයේ නිල ටිකට්පත් සහකරු ලෙස දක්වා ඇත්ත්‍ර්‍ර් Tickets.lk වන බැවින් අප විසින් Tickets.lk නිල වෙබ් පිටුව පරීක්ෂා කරමින් එවැනි ප්‍රසංගයක් සඳහා ඔවුන් විසින් ටිකට්පත් විවෘත කර ඇත්ද යන්න පරීක්ෂා කළා. නමුත් Tickets.lk වෙබ් අඩවියෙහි මෙවැනි ප්‍රසංගයක් ප්‍රකාශයට පත් කර නැත.
Tickets.lk ආයතනය
අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී Tickets.lk ආයතනය විසින් සඳහන් කළේ, ශකීරා සහභාගී වන මහනුවර ප්‍රසංගය නමින් දැක්වෙන ප්‍රසංගයක් සඳහා tickets.lk ආයතනය නිල ටිකට්පත් අලෙවිකරුවා ලෙස කටයුතු කරන බවට සමාජ මාධ්‍යවල සංසරණය වන පෝස්ටුව සම්පූර්ණයෙන් අසත්‍යයක් බවයි. tickets.lk සන්නාමය භාවිත කරන ව්‍යාජ පිටු, ටිකට්පත් අලෙවි කරන බව පවසන වංචනික සබැඳි, අවසරයකින් තොරව මුදල් එකතු කරන පුද්ගලයන් සම්බන්ධව මහජනයා දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව ඔවුන් පෙන්වා දුන්නා.
එසේම Tickets.lk විසින් සිය නිල ෆේස්බුක් ගිණුමෙහි නිවේදනයක් තබමින්ද සඳහන් කර තිබුණේ, හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන අසත්‍ය බවයි. එම නිවේදනය මෙතනින්.

ශකීරා, පාපන්දු ක්‍රීඩාව සහ FIFA 2026
ශකීරා සහ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාව අතර දීර්ඝ සම්බන්ධතාවයක් පවතිනවා. “Waka Waka (This Time for Africa)” ගීතය, 2010 FIFA ලෝක කුසලාන ක්‍රීඩා උළෙලේ නිල ගීතය ලෙස ක්‍රීඩා රසිකයන් අතර ප්‍රකට ය. 2024 Copa América අවසන් තරගයේ Halftime Show හිදීද ඇය සිය ගායනයක් ඉදිරිපත් කළා.
2026 ජූනි 11 දින Mexico City හි Estadio Azteca ක්‍රීඩාංගනයේ FIFA ලෝක කුසලාන 2026 ආරම්භ උළෙලේදී, Mexico සහ South Africa අතර ආරම්භක තරගයට ප්‍රථමව, ශකීරා “Dai Dai” Nigerian ගායකයා වන Burna Boy සමඟ එකතු ව නිර්මාණය කළ ලද 2026 ලෝක කුසලාන නිල ගීතය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
එමෙන් ම, 2026 ජූලි 19 දින New York New Jersey Stadium (MetLife Stadium) හිදී පැවැත්වෙන FIFA ලෝක කුසලාන අවසන් තරගයේ, ප්‍රථම Halftime Show හි ශකීරා, Madonna සහ BTS සමඟ සහය ශිල්පිනියක් ලෙස ඉදිරිපත් වීමට නියමිත ය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අපගේ කරුණ පරීක්ෂාවෙන් පෙන්වාා දෙන්නේ, ලෝකප්‍රසිද්ධ ගායිකා ශකිරා සහභාගී වන ප්‍රසංගයක් අගෝස්තු මාසයේදී ලංකාවේ මහනුවර ප්‍රදේශය පැවැත්වෙනන බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන අසත්‍ය බවයි. ඒ සම්බන්ධයෙන් Tickets.lk ආයතනය විසින් ද තහවුරු කළා.


