
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Update :මහින්ද රාජපක්ෂ මහතා මැයි 26 වන අද(26) දිනයේත් රෝහල් ගත කළ බවට දක්වමින් සටහන් සංසරණය වූ අතර එම සටහන් ව්‍යාජ බවට පොදුජන පෙරමුණේ මිලින් ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීප තත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතළත් කර ඇති බවට තොරතුරු සමාජ මාධ්‍යයේ හුවමාරුවන බැවින් අප එහි සත්‍යතාවය විමසා බැලීමක් කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
“මහින්ද රාජපක්ෂ රෝහල්ගත කරයි” යනුවෙන් සඳහන් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.
තවත් සටහනක සඳහන් වුණේ මෙලෙසින්.
“සියල්ලන් ශෝකයට පත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කෙරේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් අද උදෑසන කොළඹ නවලෝක රෝහලට ඇතුලත් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
30 වසරක යුද්ධය නිමා කළ සමයේ මෙරට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට සඳහා රෝහල් කාර්යමණ්ඩලය යුහුසුළුව කටයුතු කරන බව රෝහල් ප්‍රකාශකයකු අපහට පැවසීය.”
ඒ අනුව මෙහි සත්‍යතාවය සොයා කරුණු විමර්ෂණය සිදු කළේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අසනීප තත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කර ඇති බව වාර්තා වන බවත්, ඒ මහතාව නවලෝක පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවටත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වන බැවින් මෙවැනි පුවතක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණේ ද යන්න පරීක්ෂා කළ නමුත් එවැනි වාර්තා කිරීමක් සිදුව නොතිබුණි.
එබැවින් මේ බව තහවුරු කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ අප සම්බන්ධ කරගනු ලැබුවා.
නීතීඥ මනෝජ් ගමගේ – මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක
මනෝජ් ගමගේ මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට රෝහල්ගත කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවයි.
මීට පෙර අවස්ථාවක දණහිසේ ශල්‍යකර්මයක් සඳහා රෝහල්ගත කළ නමුත් දැන් එම තත්වය සුව වී ඔහු විවේකී සුවයෙන් විජේරාම නිවසේ සිටින බවයි එම මහතා සඳහන් කළේ.
මහින්ද රාජපක්ෂ මහතා සිය නිවසේ අද දින සිටින අයුරු පෙන්වීමට අද (අප්‍රේල් 04) දින ‘දිවයින’ පුවත්පත කියවමින් සිටින අයුරු දැක්වෙන ඡායාරුපයක් ද ඒ මහතා අප වෙත යොමුකර තිබුනේ මෙලෙසින්.
නවලෝක පෞද්ගලික රෝහල
අප මේ සම්බන්ධයෙන් නවලෝක පෞද්ගලික රෝහලේ රෝහල් ආරංචි මාර්ගයකින් කළ විමසීමකදී එහිදී තහවුරු කරනු ලැබුවේ, ඔහු නවලෝක රෝහලේ මේ වන විට ප්‍රතිකාර නොලබන බවයි.
නමුත් මීට පෙර අවස්ථාවක, නවලෝක රෝහලේ ඔහු ප්‍රතිකාර ලබා තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ,මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි. එම මහතා මේ වන විට විජේරාම නිවසේ සිටින බව තහවුරු විය.
නමුත් මෑතකදී ඔහු නවලෝක පෞද්ගලික රෝහලේ දණහිසේ ශල්‍යකර්මයක් සඳහා රෝහල්ගත කර ඇති නමුත් මේ වන විට ඔහු විජේරාම නිවසේ විවේකි සුවයෙන් පසු වේ.
Also Read: හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, මේ දිනවල දැඩි ලෙස රෝගාතුරව සිටින බවක් හැඟෙන සේ පළවන ප්‍රචාර අසත්‍යයි !
Title:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කරලා ද? ඇත්ත මෙන්න !
Fact Check By: Piumika LakshaniResult: False


