කොවිඩ් වසංගතය ලංකාව තුළ ව්‍යාප්ත වීමෙන් පසුව යුක්‍රේනයේ සිට සංචාරකයන් මෙරටට පළමු වරට පැමිණි සංචාරක පිරිස පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ද විශාල වශයෙන් කතාබහට ලක්වී තිබුණි.

මෙවන් පසුබිමක ඇවන්ගාඩ් සමුහ ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා, එසේ මෑතකදී දිවයිනට පැමිණි යුක්‍රේනියානු කාන්තාවන් පිරිසක් සමග විනෝදවන බව හැඟවෙන, සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වීඩියෝ පටය, වැරදි අර්ථකතනයක් සහිතව හුවමරු වූ වීඩියෝවක් අබව අපට අනාවරණය විය. එය නිශ්ශංක සේනාධිපති මහතා සිය පුතා සහ ඇවන්ගාඩ් සමුහ ව්‍යාපාරයේ සේවක සේවිකාවන් කිහිප දෙනෙකු සමඟ විනෝදවන පැරණි විඩියෝ පටයකි.

සමාජ මාධ්‍ය සටහන්:

“යුක්‍රේනියානුවන් සමඟ නිශ්ශංක සේනාධිපති” වදන රෝපණය කර වීඩියෝ පටයක් සහිත සටහනක් Lanka නමැති වෙබ් අඩවියක ෆේස්බුක් පිටුවක ඉදිරිපත්වී තිබුනේ මෙලෙසින්.

https://vimeo.com/500719484

Facebook | Archived Link

“උදයංග යුක්රේනයෙන් ගෙනාව කෙල්ලො ටික ආරක්ෂිතව නිරෝධායනය කරන නිශ්ශංක සේනාධිපති” යනුවෙන් හුවමාරු වූ තවත් වීඩියෝවක් පහතින්

https://vimeo.com/500845597

Facebook | Archived Link

ෆේස්බුක් ජාලයේ මෙම සටහන් කිහිප දෙනෙකු විසින්ම හුවමාරු කර ගෙන තිබු අයුරු මෙලෙසින්.

YouTube ජාලයේද මෙම වීඩියෝ පටය උඩුගත කර තිබු අවස්තාවක් මෙලෙසින් නිරීක්ෂණය විය

මෙම වීඩියෝ පටය පිළිබඳව කරුණු විමර්ශනය කරන ලෙස බොහෝ දෙනෙකු අප වෙත මෙම සටහන් යොමු කර තිබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ අයුරින් කිසිඳු පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරාවේ වාර්තා වී තිබුනේ නැති අතර අප මේ පිළිබඳව සංචාරක දෙපාර්තමේන්තුවෙන් සිදුකළ විමසීමේදී ද ඔවුන් පවසා සිටියේ මෙහි සිටින්නේ මෑතක දී යුක්රේනයේ සිට ලංකාවට පැමිණි සංචාරකයින් නොවන බවයි.

එම වීඩියෝවේ පැහැදිලිව නිශ්ශංක සේනාධිපති මහතා සිටින අයුරු දැක ගන්නට ලැබෙන බැවින් මේ පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට අප ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය අංශය වෙතට මෙම වීඩියෝ පටය යොමු කළෙමු.

නිශ්ශංක සේනාධිපති මහතා සතු බෝට්ටු අංගනයක් දකුණු වෙරළ තීරයේ ඇති බවත්, සාමාන්‍යයෙන් තෙමසකට වරක් පමණ සිය කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් පිරිසක් එම ස්ථානයට ගොස් විවේක ගැනීම ඔහුගේ විනෝදාංශය බවත් අප හා සම්බන්ධ වූ මාධ්‍ය අංශයේ ප්‍රධානියා පැවසීය.

මෙම වීඩියෝ පටය පැරණි එකක් බවත්, එම වීඩියෝ පටයේ දැක්වෙන දේශීය සහ විදේශීය පුද්ගලයින් බොහොමයක් ම ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයේ සේවය කරන සේවක සේවිකාවන් පිරිසක් බවත්, එම විදේශීය තරුණියන් වසර කිහිපයක සිට ඇවන්ගාඩ් සමුහ ව්‍යාපාරයේ සේවය කරන බව ද ඔහු අවධාරණය කළේය. මෙම වීඩියෝ පටයේ දැක්වෙන කිසිඳු අයෙකු මෑතක දී දිවයිනට පැමිණි යුක්රේන ජාතික සංචාරකයින් නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

නිශ්ශංක සේනාධිපති මහතා අසලින් සුදු ඇඳුමකින් සැරසී සිටින්නේ ඔහුගේ පුතා බවත් වැඩිදුරටත් සඳහන් කළේය. මෙහි මුල් වීඩියෝව නිශ්ශංක සේනාධිපති මහතාගේ පුත් සෙනුර සේනාධිපතිගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පලවී තිබු බවත් එම වීඩියෝව වැරදි අර්ථකතන යටතේ හුවමාරු වීමත් සමඟ ම එම වීඩියෝව ඉවත්කරගෙන තිබු බවත් අපට පවසා සිටියා.

නිශ්ශංක සේනාධිපති මහතාගේ පුත් සෙනුර යාපා සේනාධිපතිගේ Instagram ගිණුමේ මෙම වීඩියෝ පටය සිටින විදේශීය තරුණිය සමග පෙනී සිටින ඡායාරූපයක රැසක් අපට දැකගනන්ට ලැබුණු අතර ඉන් එක් ඡායාරුප කිහිපයක් පහතින්.

රුසියානු සම්භවයක් ඇති නිරුපිකාවක් වශයෙන් කටයුතු කරන ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම පරීක්ෂා කිරීමේ දී 2020 වසරේ පෙබරවාරි මාසයේ පමණ සිටම ලංකාවේ සිටි බව අපට දැකගනන්ට ලැබුණි. 2020 මාර්තු මාසයේ දී ඇය විසින් නිදහස් චතුරශ්‍රයේ දී ලබාගන්නා ලද ඡායාරුපයක් මෙතනින්. ඒ අනුව ඇය මෑතකදී ලංකාවට පැමිණි යුක්‍රේන සංචාරක පිරිසේ සාමාජිකාවක් නොවන බව පැහැදිලිය.

ඇවන්ගාඩ් සමුහයේ වසර කිහිපයක සිට විදේශිකයින් සේවයේ නියුතුව සිටි බව පවසා සිටි බැවින් ඒ පිලිබඳ ව ද විමසීමක් සිදුකලෙමු. 2015 වසරේ වෙසක් උත්සවය නිමිත්තෙන් පැවැත්වූ දන්සලකදී Avant Garde Security Services Pvt Ltd සහ Avant Garde Maritime Services යන ඇවන්ට් ග්‍රේඩ් සමුහයේ සේවයේ නියුතු විදේශීය සේවක සේවිකාවන් පිරිසක් අයිස් ක්‍රීම් බෙදන අන්දම දක්වන ඡායාරූප රැසක් ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවල උඩුගත කර තිබෙණු නිරීක්ෂණය විය. Link 1 | Link 2

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-18 Ukraine Nishshanka Senadipathi-25e3bd01-9d4d-4af6-bcdb-00f79c2cdec7.png

2017 වසරේ පවත්වා තිබු දන්සැලක දී ද මෙසේ විදෙස් සේවකයින් ගේ සහභාගිත්වය මෙම ෆේස්බුක් සටහනින් දැක ගන්නට ලැබුණා.

මේ අනුව වසර කිහිපයක සිටම විදෙස් තරුණ තරුණියන් එම ආයතනයේ සේවයේ නියුතුව සිටි අයුරක් ද අපට පෙනී යනවා

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරන විඩියෝ පටයෙන් දැක් වෙන්නේ ඇවන්ගාඩ් සමුහ ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිය ආයතනයන්හි සේවයේ යෙදෙන දේශීය සහ විදේශීය සේවක සේවිකාවන් ඇතුළු හිතමිතුරන් පිරිසක් සමඟ විනෝදවන අවස්ථාවක් විනා මෑතකදි දිවයින පැමිණි යුක්‍රේනියානු සංචාරකයින් සමග විනෝදවන අවස්ථවක් නොවන බවයි.

නිශ්ශංක සේනාධිපති මහතා අසල සිටින්නේ ඔහුගේ පුතු වන අතර ඔහුගේ පසෙකින් සිටින රුසියානු සම්භවයක් ඇති නිරුපිකාව 2020 වසරේ මුල් භාගයේ සිටම ලංකාවේ සිටි බව ද තහවුරු විය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:මෑතකදී පැමිණි යුක්‍රේන සංචාරකයින් සමඟ නිශ්ශංක සේනාධිපති විනෝදවන අවස්ථාවක් ද?

Fact Check By: Sahan Perera

Result: False