රටක යටිතල පහසුකම් දියුණු කිරීමේදී එහි දුම්රිය මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම ඉතාමත්ම වැදගත්. සමාජ ජාලා වලද මේ සම්බන්ධ දේ කතාබහට ලක්වෙනවා. ඇතැම් සමාජ ජාලා වල සදහන් කරුණු නොමග යවන සුලුයි.මේ එවැනි නොමග යවන සුලු සටහනක් සම්බන්ධයෙන් අප සිදු කල විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

ෆේස්බුක් පරිශීලකයෙක් විසින් දුම්රියක සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද නාම පුවරුවක ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ ,

“ඇඹිලිපිටියට කෝච්චියක් ලගදීම” සටහනද සමගින්.

Facebook | Archived

මේ ආකාරයට උපහාසාත්මක කෝණයකින් පළවූ තවත් සටහනක් මෙතනින්

මෙම බැලු බැල්මටම සංස්කරණය කරන ලද ඡායාරුපයක් බව පෙනී ගියද මෙම සටහනේ සඳහන් කරුණු පිළිබදව විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

ඇඹිලිපිටියේ මෙතෙක් දුම්රිය මාර්ගයක් නොමැති බව බොහෝ දෙනා පොදුවේ දන්නා කාරණයක්. එහෙත් ඇඹිලිපිටිය හරහා ලගදීම දුම්රිය මාර්ගයක් ඉදිවී අවසන් වේවිද ? මේ, අප විසින් ඒ පිළිබදව සිදුකළ කරුණු විමසා බැලීමක්.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇද්ද යන කාරණය අප මුලින්ම සොයා බැලුවා. එහිදී අපට දැකගන්නට ලැබුණේ 2012 වසරේ මෙවැනි ඇඹිලිපිටිය හරහාද ගමන් ගන්නා දුම්රිය මාර්ග ව්‍යාපෘතියක් සඳහා වන යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබුණු බවයි. ඒ සම්බන්ධයෙන් වන ඩේලි මිරර් පුවත්පතේ පළවූ සටහනකි මේ .

DailyMirror | Archived

මේ පිළිබදව වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අප ප්‍රවාහන අමාත්‍යංශ වෙබ් අඩවියේ මේ පිළිබදව අඩංගු කරුණුද පරිශීලනය කළා.එහිදී අපට දැකගන්නට ලැබුණේ මේ පිළිබදව ශක්‍යතා අධ්‍යයනයක් Central Engineering Consultancy Bureau මගින් සිදුකර නොමැති බව සහ එය තවමත් සම්පූර්ණ කිරීමට පවතින බවයි .

Ministry of Transport| Archived

ශ්‍රී ලංකාවේ දැනට පවතින දුම්රිය මාර්ග, දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සිතියම් ගත කර ඇත්තේ පහත පරිදියි.

Railways Web | Archived

වසර කිහිපයකට පෙර අවසාන වරට යාවත්කාලීන කර තිබු බැවින් අප එම වෙබ් අඩවියේම ඇති නව දුම්රිය ව්‍යාපෘති පිලිබඳ තොරතුරු සොයා බලු අතර එහි දුම්රිය මාර්ගය කිහිපයක් පිළිබඳව සඳහන් වුවද ඇඹිලිපිටිය හරහා දුම්රිය මාර්ගයක් ගැන සඳහන් වී තිබුනේ ද නැහැ.

ඉන්පසුව අප මේ පිළිබදව ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ප්‍රධාන කාර්‍යාලයෙන්ද විමසා බැලුවා. එහි ප්‍රකාශකයෙක් අප සමග පැවසුයේ එවැනි ඇඹිලිපිටිය හරහා දුම්රිය ව්‍යාපෘතියක් මෙතැක් ආරම්භ කර නොමැති බවයි.

අප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුපය ද පරීක්ෂා කිරීමේ දී අපට පෙනී ගියේ එය තුෂාන් ලක්ෂිත නැමැත්තෙක් විසින් ලබාගත් ඡායාරුපයක් සංස්කරණය කිරීමෙන් සිදුකර තිබෙන බවයි. එම පසුබිම ඔහු විසින් ම ලබාගෙන තිබු හබරාදුව දුම්රිය ස්ථානයේ පසුබිමට බොහෝ සේ සමාන බව ද අපට මෙසේ පෙනී ගියා. තවද සමාජ මාධ්‍ය ඔස්සේ පලකර තිබු ඡායරුපයේ දැක්වෙන අම්බිලිපිටිය ලෙස සඳහන් කොටස RDA (මාර්ග සංවර්ධන අධිකාරියේ) පුවරුවක් වූ අතර සංස්කරණ සඳහා යොදාගෙන තිබුනේ මෙවැනි ඡායරුපයකි

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අපවිසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූයේ “ඇඹිලිපිටියට කෝච්චියක් ලගදීම” ලෙස උපහාසාත්මක කෝණයෙන් පළවන සමාජ ජාලා සටහන් නොමගයවන සුලු ඒවා වන බවයි. ඇඹිලිපිටිය හරහා නුදුරු දිනකදී දුම්රිය මාර්ගයක් ඉදිවන බවට දුම්රිය දෙපාර්තමේන්තු ඉදිරි ව්‍යාපෘතිවල සඳහන් වන්නේ නැති වුවද ඇඹිලිපිටිය හරහා යෝජිත දුම්රිය මාර්ගයක් ගැන සඳහන් වුවද ප්‍රවාහන අමාත්‍යංශයේ වෙබ් අඩවිය දැක්වෙන්නේ එහි පූර්ව ශක්‍යතා අධ්‍යයනයක් පවා සිදුකර නොමැති බවයි.

Avatar

Title:ඇඹිලිපිටියට ළඟදීම දුම්රිය ස්ථානයක්?

Fact Check By: Kalana Krishantha

Result: False