දිනෙන් දින උත්සන්න වන මහජන විරෝධය හමුවේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා දැඩි දෝෂාරෝපණයට ලක්වයි සිටින්නේ .එවන් වටපිටාවක් තුළ ජනාධිපති ඉලක්ක කර ගනිමින් නොමගයවන සුලු සටහන් සමාජ ජාලා හරහා වේගයෙන් පැතිර යන අවධියක, ගායන ශිල්පී යොහානි සම්බන්ධ කර ගනිමින් සැකසුණු සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මෙලෙසින් .

සමාජ ජාලා සටහන්

යොහානි විසින් ජනාධිපතිවරයාව සහ ආර්‍යාව හමුවූ ඡායාරූප කිහිපයක් එක් පසෙකින් ද ඇය විසින් අරගලයට සහාය දක්වමින් Gota Hell ලෙස සටහන් වන පුවරුවක් අතැතිව සිටින ඡායාරූපයක් ද සමගින් ෆේස්බුක් සටහන් අන්තර්ජාලයට එක්කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived

එවැනි තවත් සටහන්ද ෆේස්බුක් අවකාශයේ තිබුණේ මේ ආකාරයෙන් .

Facebook | Archived

මේ අතරම මේ දිනවල පැතිරෙන තවත් සමාජ ජාලා සටහන්වල පැවසෙන්නේ ඩොලර් අර්බුදය විසදීම සදහා යොහානි විසින් ඩොලර් මිලියනයක මුදලක් එකතු කර ඇති බවයි.

Facebook| Archived

Fact Check ( සත්‍ය තොරතුරු විමසා බැලීම )

අප විසින් Google Reverse Image Search මගින් මේ පිළිබදව විමසා බැලුවා. එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙම Gota Hell ලෙස පුවරුවක් ඔසවාගෙන සිටින ඡායාරූපය පසුගිය මාර්තු මස 11 වැනිදා ඕමානයේදී ලබාගෙන යොහානිගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කරන ලද ඡායාරූපයක් සංස්කරණය කිරීමෙන් සකසා ඇති ඡායාරූපයක් බවයි.

යොහානිගේ Instagram ගිණුමේ තිබූ සැබෑ ඡායාරූපය පහතින් .

Instagram | Archived

මෙම ඡායාරූපය සහ සමාජ ජාලා සටහන්වල දැක්වෙන සංස්කරණය කරන ලද ඡායාරූපය අතර සංසන්දනයක් පහතින්.

කෙසේ වෙතත් අරගලය සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර WION TV වෙත අදහස් පළ කල යොහානි පවසන්නේ තමාද මේ මොහොතේ ශ්‍රී ලාංකික ජනතාව සමග සිටින බවත් විරෝධතාවල නිරත්වන තරුණ කොටස්වලට සාමකාමීව සිය විරෝධතාවල නිරතවන ලෙසත්ය .එමෙන්ම ජනාධිපතිවරයා ඉවත්විය යුතුද නැද්ද සම්බන්ධයෙන් තමන්ට ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නොමැති නිසා අදහස් දැක්විය නොහැකි බවත් නමුත් රාජ්‍ය නායකයෙකුට සිය වගකීම් ජනතාව වෙනුවෙන් ඉටුකල නොහැකිනම් ඔවුන් විකල්ප ක්‍රියාමාර්ග වෙත යොමුවිය යුතු බවත් නායකත්වයෙන් ඉවත්විය යුතු බවත් ඇය පවසනවා.එම වීඩියෝව නැරඹිය හැකියි පහතින්.

https://www.youtube.com/watch?v=ZAnk2MWOf_4

මෙම සංස්කරණය කළ ඡායාරූපය දමිළ පාඨකයින් අතර බොහෝ ලෙස හුවමාරු වු අතර එ පිලිබද අපගේ දමිළ බසින් සිදුකල කරුණු විමසුම මෙලෙසින්.

යොහානි ඩොලර් මිලියනයක් එකතු කරන බවට පළවන සමාජ ජාලා සටහනේ ඇති කරුණු කෙරෙහිද අප අවධානය යොමු කළා.

යොහානිගේ කලමණාකාරවරයා පැවසුවේ මෙම ඩොලර් මිලියනයේ ව්‍යාපෘතිය අත්‍යවශය ආහාර ද්‍රව්‍ය ,බෙහෙත් ආදිය ජනතාවට ලබාදීම සදහා #ForSriLanka යටතේ යොහානිද ඇතුලු කලාකරුවන්,සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සැලසුම් කර ඇති එකක් වන අතර එය මේ වන විට ක්‍රියාවට නැගීම ආරම්භ කර ඇති බවයි.ඒ සම්බන්ධ විස්තර ලබාගත හැකියි මෙතනින්.කෙසේ වෙතත් මේ මොහොත වන විටත් එයට ඩොලර් මිලියනයක මුදලක් එකතුවී නැහැ .

GoFundMe හි යොහානි ආරම්භ කල අරමුදලට මෙතෙක් ලැබී ඇත්තේ ඩොලර් 3947 ක් පමණයි.

Go Fund Me |Archived

I am for Sri Lanka නමින් ඔවුන් පිහිටුවා ඇති පදනමේ ෆේස්බුක් පිටුව මගින් එහි අරමුණු පැහැදිලි කරමින් පවසා තිබුණේ එය දේශපාලනයෙන් තොර සමාජ ව්‍යාපාරයක් බවයි.එමෙන්ම එහි නිර්මාතෘවරිය යොහානි බවද ඉන් හෙළිකර තිබුණා .

Facebook | Archived

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූවේ යොහානි විසින් Gota Hell ලෙස විරෝධතා පුවරුවක් ඔසවාගෙන සිටින ආකාරය නිරූපනය වන ආකාරයට සකසා ඇති ඡායාරූපය සැබෑ ඡායාරූපයක් නොව ඇයගේ ඉන්ටග්‍රෑම් ගිණුමේ ඇති ඡායාරූපයක් සංස්කරණය කර සකසා ඇති එකක් වන බවයි.

Avatar

Title:“Gota Hell”, ලෙස සදහන් විරෝධතා පුවරුවක් අතැතිව සිටින යොහානි ?

Fact Check By: Kalana Krishantha

Result: Altered