කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ ඇත්තේ දැඩි උනන්දුවක්. විවිධ ස්වාභාවික සංසිද්ධීන් නිසා කාලගුණයේ විවිධ වෙනස්කම් සිදුවෙනවා .මේ වෙනස්කම් ජන ජිවිතයටද බොහෝ සෙයින් බලපානවා. එම හේතුව නිසාම සමාජ ජාලා තුලද කාලගුණික විපර්යාස පිලිබදව නිතර කතාබහට ලක්වෙනවා.

Aphelion ලෙස හැදින්වෙන ස්වාභාවික සංසිද්ධිය හේතුවෙන්, විශාල කාලගුණික විපර්යාසයක් ඇතිවන බවට පැතිරෙන නොමගයවන සුලු සමාජ ජාලා සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමකි මේ.

සමාජ ජාලා සටහන් 

“Aphelion” සිදුවීම සම්බන්ධයෙන් ෆේස්බුක් සටහන් පැතිර තිබුණේ පහත පරිදියි.

හෙට සිට අගෝස්තු 22 දක්වා කාලගුණය පසුගිය වසරට වඩා සීතල හා ශීතල වනු ඇත. මෙය Alphelion සංසිද්ධිය ලෙස හැඳින්වේ. එය හෙට උදෑසන 5-27 ට ආරම්භ වේ.

Alphelion සංසිද්ධියේ බලපෑම් අපි දකිනවා පමණක් නොව අත්විඳින්නෙමු.

එය 2022 අගෝස්තු මාසයේදී අවසන් වේ.

මේ කාලය තුළ අපට පෙර නොවූ විරූ ශීත කාලගුණයක් අත්විඳිනු ඇත.

උණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වේ. එමනිසා, විටමින් සී සහ අනෙකුත් සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදන සමඟ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම වඩා හොඳය.

සූර්යයා සහ පෘථිවිය අතර දුර කිලෝමීටර් 90,000,000 කි. නමුත් මේ Alphelion Phenomenon එකේදී මේ දෙක අතර දුර කිලෝමීටර් 152,000,000 දක්වා වැඩි වෙනවා. එය 66% ක වර්ධනයකි.

කරුණාකර මෙය පවුලේ අය, මිතුරන් සහ ආදරණීයයන් සමඟ බෙදා ගන්න.”

Facebook | Archived

එම සටහන් ෆේස්බුක් වල පැතිර පැවතියේ මේ අයුරින් .

එම සටහන් වට්ස්ඇප් වලද වේගයෙන් ව්‍යාප්තව පැවතුනේ මෙලෙසින් .

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

Aphelion සංසිද්ධීන් ලෙස හැදින්වෙන්නේ කුමක්ද ?

Britanica වෙබ් අඩවියේ සදහන් ආකාරයට එම වචනය මගින් හැදින්වෙන්නේ සුර්යයා වටා පරිභ්‍රමණය වන ග්‍රහයෙක්, වල්ගාතරුවක් හෝ වෙනත් ග්‍රහ වස්තුවක් ,සුර්යයා වටා සම්පුර්ණ වටයක් පරිභ්‍රමණය වීමේදී සූර්යයාගෙන් ඈත්වම පිහිටන අවස්ථාවයි.

මෙයට හේතුව පරිභ්‍රමණය වීමේදී එය සිදුවන්නේ පුර්ණ වෘතාකාර ආකාරයට අනුව ඉලිප්සීය හැඩයට වීම නිසායි. එසේම මෙම ගමන් මාර්ගය හේතුවෙන් ග්‍රහ වස්තුන් සුර්යාගෙන් ඈත්වම පිහිටන අවස්ථාවක් මෙන්ම ග්‍රහ වස්තුන් සුර්යයාට වඩාත් ආසන්නවම පිහිටන අවස්ථාද ඇත. ග්‍රහ වස්තුන් සුර්යයාට ආසන්නවම පිහිටන අවස්ථාව හැදින්වෙන්නේ Perehelion යන නමින්.

Aphelion සහ Perihelion යන අවස්ථා දෙකම වසරකට එක වරක් පමණක් සිදුවන අතර සාමාන්‍යයෙන් ජනවාරි සහ ජූලි මාස වලදී දැකගන්නට ලැබෙන මෙම සිදුවීම් හා සම්බන්ධ දින වල සුලු වෙනස්කම් පමණක් වාර්ෂිකව සිදුවේ.

එක්සත් ජනපද නාවික හමුදාවේ වෙබ් අඩවියට අනුව, 2022 වසරේ Perihelion සිදුවුයේ ජනවාරි 4 වනදා අතර Aphelion සිදුවීම සිදුවුයේ ජූලි මස 4 වනදායි. මෙම සුපුරුදු සංසිද්ධිය හේතුවෙන් පෘථිවියේ කාලගුණ තත්ත්වයට බලපෑමක් ඇතිවන්නේ නැත .

පහත සටහන මගින් එම සිදුවීම විස්තරාත්මකව දැක්වේ .

අභ්‍යවකාශ විද්‍යාව - ආචාර්ය එන් .සජී

Aphelion සංසිද්ධිය පිළිබඳව නොමඟ යවන සුළු සටහන් ඉන්දියාවේ ද හුවමාරු වූ අතර අප Factcrescendo මලයාලම් කණ්ඩායම මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදුකළා. ඔවුන් විසින් මෙම කරුණ පැහැදිලි කිරීම සදහා ඔවුන් ඉන්දියාවේ අභ්‍යවකාශ විද්‍යාව පිලිබදව අතිමහත් උනන්දුවක් දක්වන පුද්ගලයකු වන ආචාර්ය එන්.සජී විසින් සකසන ලද ලිපියක් මුලාශ්‍ර කරගෙන ඇත.

ඔහුගේ ලිපියේ පහත කරුණු සදහන්ය .

Aphelion යන වචනය තාරකා විද්‍යාව පිලිබදව දන්නා අයට සුපුරුදු වචනයක් .17 වන සියවසේදී ජොහානස් කෙප්ලර් විසින් සොයාගන්නා ලද්දේ පෘථිවිය ඇතුලු සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් සුර්යයා වටා ඉලිප්සීය කක්ෂවල පරිභ්‍රමණය වන බවයි. ග්‍රහ වස්තු සුර්යයාට වඩාත්ම ලංවන අවස්ථාව ලෙස Perehelion ඇතිවන අතර ,සූර්යයාගෙන් දුරස්තම අවස්ථාව ලෙස Aphelion ඇති වන්නේ මෙම ඉලිප්සීය ගමනේ ප්‍රතිපලයක් ලෙසයි.”

පෘථිවියේ සිට සුර්යයාට මධ්‍ය දුර ප්‍රමාණය කිලෝ මීටර් මිලියන 150 කට ආසන්න අගයක් වනවා. පරිභ්‍රමණය ඉලිප්සීය කක්ෂයක සිදුවන විට වර්ෂයක කාල වකවානුවේදී පෘථිවිය සුර්යයාට ආසන්නතම දුර ප්‍රමාණය කිලෝ මීටර මිලියන 147 කි.පෘථිවිය සුර්යයාට දුරස්තම දුර ප්‍රමාණය කිලෝමීටර මිලියන 152 කි. මේවා මාධ්‍යයන අගයෙන් 1.7% ක් පමණ අපගමනයක් පෙන්නුම් කරයි. මෙම ක්‍රියාවලිය පෘථිවි කාලගුණ විපර්යාස ඇතිකිරීම සදහා හෝ ගිම්හාන,වසන්ත ,ශිත ,සරත් ආදී කාල වකවානුවල බෙදීම්වලට ප්‍රමාණවත් නොමැත. මෙම ගිම්හාන ,ශිත,සරත් ,සිසිර ආදී බෙදීම් ඇතිවන්නේ පෘථිවිය අක්ෂය අංශක 23.5 ක් ඇලව පිහිටීම නිසාය .”

Fact Crescendo මලයාලම් කණ්ඩායමට අදහස් පලකල ආචාර්ය සජි පවසා සිටියේ තමන් විසින් මෙම අදහස් ඇතුලත් ලිපිය රචනා කලේ Aphelion ක්‍රියාවලිය හා සම්බන්ධ බොහෝ වැරදි මතවාද ප්‍රචාරණය වන නිසා බවයි.

ගෝලීය වෙනස්වීම් විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක් වන Stellenbosch විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Guy Midgley, මේ පිලිබඳ මීට මාස කිහිපයකට පෙර දැක්වූ අදහස් පහතින්.

https://youtu.be/O_yXviCSHqA

එහිදී මහාචාර්යවරයා පවසා සිටිනේනේ සෘතුන් හි වෙනස්වීම දේශගුණික විපර්යාස සඳහා විශේෂයන්ම මුල්වන බවත් ඊට අමතරව දිගුකාලීන කාලගුණික වෙනස්කම් සඳහා විවිධ ක්‍රියාකාරම් හේතුවෙන් ස්වභාවික නොවන ආකාරයට අප විසින් වායුගෝලයට එකතුකරන කාබන්ඩයෝක්සයිඩ්, මීතේන් ඇතුළු අනෙකුත් හරිතාගාර වායු යනාදිය හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළයාම, වැඩි වර්ෂාපතන යනාදීය ඇතිවන බවත් Aphelion වැනි සංසිද්ධිය පිලිබඳ සැලකිලික්මත් වීම වෙනුවට මෙවැනි ක්‍රියාදාම පිලිබඳ සැලකිලිමත් විය යුතු බවයි.

Also Read : Climate Change is NOT only a Future problem, very much present concern!

මීට පෙර වසරවල දී ද මේ ආකාරයෙන්ම, විවිධ කාලගුණික විපර්යාස සඳහා Aphelion සංසිද්ධිය බලපෑමක් තිබේ ද යන්න කතාබහට ලක් වී තිබෙනවා. 2010 වසරේ ජුලි මාසයේ ද ඇමරිකාවේ පැවති අධි උෂ්ණ සමයක් (head wave) සඳහා Aphelion බලපෑමක් තිබුනේ ද යන්න පිලිබඳ ඉදිරිපත් වී තිබු දුර්මත පිලිබඳ පළවූ ලිපියක් මෙතනින්

Accuweather වෙබ් අඩවියේ පලවූ ලිපියක සදහන් වන්නේ පෘථිවි කාලගුණික විපර්යාස ඇතිවීම කෙරෙහි Aphelion ක්‍රියාවලියෙන් එතරම් බලපෑමක් නොවන අතර ඒ සදහා මුල්වන්නේ දේශගුණික විවිධත්වය බවයි. පෘථිවියේ තත්වය එසේ වුවත් අගහරු වැනි සමහර ග්‍රහලෝකවල Aphelion ක්‍රියාවලිය කාලගුණ විපර්යාස ඇතිවීම කෙරෙහි බලපෑම් ඇතිකරන්න පුළුවන්.

මේ පිළිබඳව අප ඉංග්‍රීසි බසින් පලකළ කරුණු විමර්ශනයක් මෙතනින්

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News |TikTok

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූ කාරණය නම් Aphelion ක්‍රියාවලියේ බලපෑම නිසා අගෝස්තු 22 තෙක් විවිධාකාර කාලගුණ විපර්යාස , ලෙඩ රෝග පැතිර යාම් සිදු වන බවට පලවන සමාජ ජාලා සටහන් නොමගයවන සුලු බවයි.

Aphelion සංසිද්ධිය, පෘථිවිය සුර්යයා වටා ඉලිප්සීය කක්ෂයක පරිභ්‍රමණය වීම නිසා සැම වසරකම සිදු වන අතර 2022 ට පමණක් විශේෂිතවූ ක්‍රියාවලියක් නොවන අතර එම ක්‍රියාවලිය හේතුවෙන් කාලගුණික විපර්යාසවලට විශේෂ පලපෑමක් සිදුවන්නේ නැත.

නිරිතදිග මෝසම සක්‍රීය වීම මේ දිනවල ලංකාවේ දක්නට ලැබෙන දැඩි වර්ෂාපතනයට සහ ඒ ආශ්‍රිත ආපදා තත්වයන්ට හේතු වී ඇති අතර මෙය මීට පෙර වසර වලදී ද බොහෝදුරට මේ සමයේ දක්නට ලැබෙන ක්‍රියාවලියකි

Avatar

Title:Aphelion තත්ත්වය නිසා අගෝස්තු 22 තෙක් කාලගුණයේ විපරිත තත්ත්වයක්?

Fact Check By: Kalana Krishantha

Result: Misleading