බැංකු හරහා මුදල් ගණුදෙණු කිරීම පහසු කරමින් මේ වන විට මාර්ගගත ක්‍රම ඔස්සේ ගනුදෙනු කිරීමේ පහසුකම් සෑම බැංකුවක් මඟින් ම පාගේ ඉඩ ප්‍රස්ථාව ලබා දීමට කටයුතු කර තිබේ. එහෙත් නොදැනුවත් කමින් තමන්ගේ පුද්ගලික බැංකු තොරතුරු තවත් පාර්ශවයක් වෙත ලබා දීමේදී සිදු විය හැකි මුදල් වංචාවන් පිළිබඳ ඔබ දැනුවත් කරමින් ඉන් වැළකී සිටිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ අප සිදු කළ පැහැදිලි කිරීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

පෞද්ගලික බැංකු තොරතුරු වෙනත් පාර්ශවයක් අතට පත්වීම හේතුවෙන් වූ සිදුවීමක් බව දක්වමින් ඒ පිළිබඳ සමාජය දැනුවත් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එම සටහන පහතින්.

ප්‍රවේශම් වෙන්න

මේ කතාව හොදට කියවන්න

කමල් කියන්නේ ව්‍යාපාරිකයෙක් එයා එයාගෙ බයික් එක විකුන්න ඉක්මන් එකේ ඇඩ් එකක් දානවා ඔන්න දවසක් කෝල් එකක් එනවා ඔහු කියනවා ඔයාගේ බයික් එක මම බැලුවා ඒක හොදයි මගෙ වයිෆ් බබාලා ඒකට කැමතී ඒක නිසා මම හෙට ගන්න එනවා අනේ ඔය ඇඩ් එක අයින් කරන්න කියලා කමල් ඒකට කැමති වෙන්නේ නෑ ඊට පස්සෙ අර කතාකරපු කෙනා කියනවා හරි මම ඇඩ්වාන්ස් එකක් දාන්නම් ඔයාගෙ එකවුන්ට් ඩීටේල්ස් දෙන්න කියලා පස්සෙ මෙයා දෙනවා ඔක්කොම විස්තර ටික වේලාවකින් ආයෙත් එනවා කෝල් එක සල්ලි හම්බුනාද කියලා කමල් කියනවා නෑ කියලා මැසේජ් එකක් ආවාද කියලා අහනවා කමල් කියනවා ඔව් කියලා පස්සෙ ඒ මැසේජ් එකේ විස්තර අර කතාකරපු කෙනා ඉල්ල ගන්නවා එච්චරයි ආයි ඒ පෝන් වැඩ නෑ ඊට පස්සෙ තමා හොදම සිද්දිය ඔන්න කමල්ගේ එකවුන්ට් එකේ සල්ලි අඩුවෙනවා එක පාරම කමල් දන්නෙ නෑ මොකද ආයේ සල්ලි කැපුනට එයාට මැසේජ් එන්නේ නෑ අහුවෙන්න එපා

ඒක වෙන්නෙ මෙහෙමයි අර ඩීටේල් ඉල්ලන කෙනා ඔන් ලයින් එකවුට් එකක් හදනවා විස්තර ඔක්කොම ඉල්ලගෙන පස්සෙ පාස්වර්ඩ් දන්නෙ නැති නිසා ෆොගෙට් පාස්වර්ඩ් දෙනවා එතකොට තමා අර මැසේජ් එක එන්නේ ඒකේ අන්කේ උන් අරගෙන හදනවා මොබයිල් බෑන්කින් එකක් ඊටපස්සෙ සලි ඉවරයි ඉතින් දැනුවත් වෙන්න..

උපුටා ගැනිමකි....”

Facebook | Archived Link

මෙම සටහන බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම සටහනින් දැක්වෙන කරුණු සත්‍ය වශයෙන්ම සිදුවිය හැකිද යන්න පිළිබඳ විමසා බලා මේ පිළිබඳ ඔබ දැනුවත් කිරීමට අප කටයුතු කිරීමට පියවර ගනු ලැබුවා.

සයිබර් ආරක්ෂක උපදේශක අසේල වෛද්‍යාලංකාර 

පුද්ගලික හඳුනා ගත හැකි තොරතුරු (Personally Identifiable Information (PII) කිසිඳු හෝ අවස්ථාවක් යටතේ වෙනත් පාර්ශවයක් වෙත ලබා දීමමෙන් වැළකෙන ලෙසට සමාජයට උපදෙස් ලබා දිය හැකි බවත් ජාතික හැඳුනුම් පත් අංක තොරතුරු, බැංකු තොරතුරු, ගිණුම් අංක ඇතුළු ATM මුරපද, OTP ඇතුළත් තොරතුරු තවත් පාර්ශවයක් අතට පත් කිරීමෙන් වළකින ලෙසත්, එහි අවධානමක් පවතින බවත් ඔහු සඳහන් කළා.

LankaClear ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වන චන්න ද සිල්වා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක LankaPay හි ක්‍රියාකරු වශයෙන් ක්‍රියාත්මක වන LankaClear ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වන චන්න ද සිල්වා මහතාගෙන් අප මේ පිළිබඳව විමසීමක් සිදු කළා. ඒ මහතා සඳහන් කළේ, ඉහත සටහන කරුණුමය වශයෙන් නිවැරදි බවයි.

ගනුදෙනුකරුගේ ලියාපදිංචි ජංගම දුරකථන අංකයට පාරිභෝගිකයාගේ බැංකුව විසින් කෙටි පණිවුඩයක් හරහා පාරිභෝගිකයාට එක් වරක් මුරපදයක් (OTP) යවනු ලැබේ. එය ඔබගේ අන්තර්ජාල බැංකු මුරපදය SMS මගින් ලබා ගැනීමට සමාන වේ. OTP පැහැදිලිව සඳහන් කරන්නේ මෙය මුරපදයක් වන අතර කිසිවෙකු සමඟ බෙදා නොගන්නා ලෙසයි.

කෙසේ වෙතත්, පහසු මුදල් ලබා ගැනීමට ඇති උනන්දුව නිසා, ගනුදෙනුකරුවන් මෙම මුරපදය සහ බැංකු ගිණුම් විස්තර තෙවන පාර්ශවයක් සමඟ බෙදා ගනී. එය තුන්වන පාර්ශවයකට ඔබේ ATM කාඩ්පත සහ ආශ්‍රිත PIN අංකය ලබා දීම වැනිය. ගනුදෙනුකරුවන් බැංකු විස්තර හෝ OTP කිසිදු තෙවන පාර්ශවයක් සමඟ බෙදා නොගත යුතු බවට බොහෝ දැනුවත් කිරීම් කරමින් ඇති බවත්, බැංකු කාර්ය මණ්ඩලය කිසිවිටෙකවත් ඔබ අමතා මුරපද හෝ PIN අංකය ඉල්ලා නොසිටිනු ඇති බැවින් ඔබ මේ පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි ඒ මහතා ද අවධාරණය කර සිටින්නේ.

මෙරට ප්‍රධාන බැංකු පද්ධති

මාර්ගගත ක්‍රමය ඔස්සේ තමන්ගේ බැංකු ගිණුම හරහා ගනුදෙනු කිරීමට(Online Banking) බොහෝ පිරිසක් යොමු වී ඇති බැවින්, තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනය හරහා ඇප් එකක් භාවිත කරමින්, වෙබ් අඩවිය භාවිත කරමින් අන්තර්ජාලය හරහා ගණුදෙණු කිරීමේ පහසුව බැංකු පද්ධතිය සළසා දී තිබෙනවා.

ATM කාඩ්පත හරහා මුර පදය යොදා ගිණුම් හිමියා නොමැතිව වුවද, වෙනත් අයෙකුට මුදල් ලබා ගැනීමේ අවස්ථාව හැරුණු කොට බැංකු ගිණුමෙන් මාර්ගගත ක්‍රමයට ගණුදෙණු කිරීම ගිණුමි හිමියා නොමැති අවස්ථාවකදී භාවිත කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙළේ බැංකු කිහිපයකින් විමසා බැලීමක් සිදු කළා.

බැංකු පද්ධතිය තුළ පාරිභෝගිකයාව හඳුනා ගැනීම සිදු කළ යුතු අතර, එහිදී ගිණුම් හිමියාගේ ජාතික හැඳුනුම්පත් අංකය, ගිණුම් අංකය මෙන්ම දුරකතන අංකය, OTP සත්‍ය තොරතුරු ලබා දීමෙන් ඇතැම් බැංකු පද්ධති විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ගණුදෙණු කිරීමට ඉඩ සලසා දී තිබේ.

ඇතැම් බැංකු පද්ධතිවලින් ට පවතින ගිණුම සඳහා මාර්ග ගත ක්‍රමය ගණුදෙණු කිරීමට ඇප් භාවිතයෙන් ඉඩ සලසා දෙනු ලබන්නේ, ගිණුම් හිමියා විසින් බැංකුවට පැමිණ තොරතුරු තහවුරු කිරීමෙන් අනනතුරුව බැංකුව විසින්ම පළමු වරට මාර්ගගත ක්‍රමය ඔස්සේ එම ඇප් සක්‍රීය කර දීමෙන් පසුවයි.

ඉන් අනතුරුව සිදුවන ගණුදෙණු වලදී වෙනත් පුද්ගලයෙකුට හෝ තම පෞද්ගලික බැංකු ගිණුම් හා ගණුදෙණුව සපුරාලීමට අවශ්‍ය අනෙක් ගණුදෙණු වල තොරතුරු වෙනත් පාර්ශවයකට ලබා දී ඇත්නම් එවැනි වංචාවන්ට අසුවිය හැකි බවත් එම බැංකු පද්ධති අවධාරණය කරයි.

මේ අනුව ඉහත සටහනේ දැක්වෙන පරිදි PINඅංකයක් ලබාගැනීම හරහා පමණක් නව මාර්ගගත ගිණුමක් සාදා ගැනීම අපහසු වූවත් ඒ ඇතුළු ඔබගේ වෙනත් පුද්ගලික තොරතුරු ලබාගැනීම හරහා ඔබගේ අනන්‍යතාවය සොරකම් කිරීම ඔස්සේ එවැනි අවස්ථාවක් පවා සිදුවිය හැකි අතර එවැනි අවස්ථා පිළිබඳව ලොව පුරා වාර්තා වෙනවා.

පුද්ගලික තොරතුරු හුවමාරු කර ගැනීම මඟින් අනන්‍යතාව වෙනත් අයෙකු විසින් සොරකම් කිරීම ඇතුළු ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව දැනුවන් කරමින් පළවූ වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්

Also Read:

FACT CHECK: අංක 13 කින් හෝ 4 කින් ලැබෙන දුරකතන ඇමතුමේ සත්‍ය කතාව!

FACT CHECK: One-Ring Scam මගින් ඔබගේ දුරකථන නාමාවලියේ හා බැංකු ගිණුම් තොරතුරු ලබා ගන්නවාද?

ATM යන්ත්‍රයකින් මුදල් ලබාගැනීමේදී මංකොල්ලකරුවන්ට හසුවුවහොත් PIN අංකය ආපස්සට (Reverse) ඇතුල් කර පොලීසිය දැනුවත් කළ හැකිද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:පෞද්ගලික බැංකු තොරතුරු වෙනත් පාර්ශවයක් වෙතට ලබාදීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාව පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

By: Pavithra Sandamali

Result: Explainer