දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

අධික වේගයෙන් ගමන් ගන්නා රථවාහන පිලිබඳ තොරතුරු දැනගැනීමට බොහෝ දෙනා දක්වන්නේ ඉමහත් උනන්දුවක්. මේ හේතුවෙන්ම ඇතැම් අවස්ථාවල දී විශ්වාස කිරීමට පවා නොහැකි වේගවලින් ගමන් ගන්නා වාහන පිලිබඳ නොමඟ යවන සුළු සටහන් පළවෙනවා. පැයට කිලෝමීටර් 5000ක වේගයෙන් ගමන් ගන්නා දුම්රියක් ලෙස හුවමාරු වූ එවැනි නොමඟ යවන සුළු වීඩියෝ සටහනක් පිලිබඳ අපගේ කරුණු දැක්වීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“තාක්ෂණය ආලෝකයේ වේගයත් අබිබවායයිද දවසක” යන තේමාව යටතේ හුවමාරු වූ වීඩියෝවක් මඟින් හඟවා තිබුණේ පැයට කිලෝමීටර් 5000ක වැනි අධික වේගයකින් දුම්රියක් ගමන් ගන්නා අවස්ථාවක් නිරුපණය වන ආකාරයක්! 

Facebook

මෙවැනි වේගයකින් දුම්රියක් ගමන් ගමනක් සිදුවිය නොහැකි බව පෙන්වමින් බොහෝ දෙනා මෙවැනි නොමඟ යවන සුළු වීඩියෝ පළ කිරීම හෙළා දැක තිබු අතර මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම වීඩියෝවේ දැක්වෙන දර්ශන දෙස පැහැදිලිව පරික්ෂා කිරීමේ දී මග දෙපස තිබෙන්නේ සත්‍ය දර්ශන නොවන බවත් Simulation (අනුකරණය කරමින් සිදුකර ඇති නිර්මාණ) බවත් පෙනී යනවා. Train Simulator වැනි වීඩියෝ ගේම් රැසක මේ ආකාරයේ පසුබිම් සහ සැකසුම් දැක ගන්නට ලැබෙනවා.

දැනට වේගවත්ම දුම්රිය මොනවා ද?

ලොව වේගවත්ම දුම්රිය ගමන්හි වේගයන් පිලිබඳ ගිනස් ලොව වාර්තා කිහිපයක්ම පවතිනවා. චීනයේ ෂැංහයි ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ නගරයේ මූල්‍ය දිස්ත්‍රික්කය සම්බන්ධ කරන චුම්බක ආරෝපණ හේතුවෙන් එසවෙන (මැග්ලෙව්) දුම්රිය, සෑම කිලෝමීටර් 30 (සැතපුම් 18) ධාවනයකදී පැයට කිලෝමීටර 431 (පැයට සැතපුම් 267.8) උපරිම වේගයකට ළඟා වූ බව වාර්තා වී තිබෙනවා. සාමාන්‍ය වේගය අනුව වේගවත්ම දුම්රිය ගමන පිලිබඳ වාර්තාව මෙතනින්

මැග්ලෙව් දුම්රිය පිලිබඳ චීනයේ සහ ජපානයේ විශේෂ උනන්දුවක් දක්වන අතර ජපානයේ අත්හදා බැලූ දුම්රිය ගමනක දී පැයට කිලෝමීටර් 603 ක් නැතහොත් පැයට සැතපුම් 375 ක් වේගයක් වාර්තා කළ අවස්ථාව මෙතනින්. ඒ බුලට් දුම්රිය පිලිබඳ වීඩියෝවක් මෙතනින්

කෙසේවෙතත් චීනය ද පැයට කිලෝමීටර් 600 වේග සීමාව ළඟා කරගත හැකි දුම්රියක් අත්හදා බැලු අවස්ථාවක් පිලිබඳ වාර්තාවක් මෙතනින්

ලොව පුරා වේගවත් දුම්රිය පිලිබඳ වීඩියෝවක් මෙතනින්. කෙසේවෙතත් මේ අනුව පෙනී යන්නේ මෙතක් අත්හදා බලන ලද දුම්රිය ගමන් වේගයන් ද පැයට කිලෝමීටර් 5000 වැනි සීමාවකට කිසිසේත් ළඟා වී නොමැති බවයි.

මැග්ලෙව් දුම්රිය (Maglev train)

බලවත් විද්‍යුත් චුම්භක ආරෝපණ භාවිතා කරමින් ක්‍රියාකරන මැග්ලෙව් දුම්රියට චුම්බක සන්නායක රෝපිත රේල් පීලි මත පැයට සැතපුම් සිය ගණනක වේගයකින් ගමන් කළ කිරීමේ හැකියාව ලැබෙන්නේ සම්ප්‍රදායික ගමනාගමනට බාධාකයක් වන ඝර්ෂණය නැති තරම් ඉතා අවම කිරීමෙන්.

MagLev (Magnetically Levitated Trains) හෙවත් චුම්භක බලය මගින් එසැවෙන දුම්රිය වල මූලික ආරම්භක ප්‍රවේගය ලබාගන්නේ ද සාම්ප්‍රදායික විදුලි මෝටර හරහාය. සුපිරි සන්නායක චුම්භක ක්ෂේත්‍රයට දුම්රිය අවතීර්ණ වූ විට, අදාල විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර දෙකේ විකර්ෂණය නිසා දුම්රිය එසැවීම සිදුවේ. (එක් සුපිරි සන්නායක දඟරයක් ධාවන පථය මතට ද, අනෙක දුම්රියේ පතුළට ද සවිකර ඇත. ඒ දෙක අතර ප්‍රතිවිරුද්ධ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර දෙකක් පවතී).

එම ක්‍රියාකාරිත්වය පිලිබඳ වීඩියෝවක් මෙතනින්. ඒ පිලිබඳ සවිතරාත්මක වාර්තාවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ පැයට කිලෝමීටර් 5000ක වැනි අධික වේගයකින් ගමන් කරන දුම්රියක දර්ශන පෙළක් ලෙස හුවමාරු වන්නේ සත්‍ය සිදුවීමක් නොව අනුකරණය කරමින් ලබාගත් සිමියුලේෂන් වීඩියෝවක කොටසක් බවයි.

Avatar

Title:පැයට සැතපුම් 3000ක වේගයෙන් ගමන්ගන්නා දුම්රියක්?

Written By: Fact Crescendo Team

Result: Misleading