ස්වාමි පුතා ගින්නකින් බේරා ගැනීමට තැත් කිරීමේදි සුනඛයා විරූපි වූවාද?

Update: 2020-02-11 05:53 GMT

සත්වලෝකයේ මිනිසාට ඉතාම හිතවත් සහ ලැදියාවක් ඇති සතකු ලෙස සුනඛයා සලකනු ලැබේ. සුනඛයා කොතරම් හිතැති සතෙකු වුවද අසනීපයක් වූ විට අතහැර දමා යාම, එසේත් නොමැතිනම් පැටවුන් මඟ දමා යාම වැනි දෑ මිනිසුන් විසින් සිදුකරන බව නිරීක්ෂණය වී ඇති අතර පසුගියදා සුනඛයන් වෙත නොයෙක් ආකාරයේ හිංසන සිදු කෙරෙන වීඩියෝ පටයක්ද සමාජගත වීමත් සමඟ මේ පිළිබඳ විශාල කතිකාවතක් ඇතිවී තිබුණි.

පසු ගිය දිනෙක Yakanews නැමැති ෆේස්බුක් පිටුවක විරූපී සුනඛයකුගේ සේයාරුවක් සහිතව “බය උනාද... තමුන්ගේ හාම්පුතාව නිවසේ ඇති වූ ගින්නෙන් බේරගන්න ගිහිල්ලාලු මේ වීරයාට මෙහෙම වුණේ බල්ලා තරම් මනුස්සයන්ට පක්ෂපාති වෙන සතෙක් නැති තරම්.” යන වදන් සේයාරුවට රෝපණය කර සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර හුවමාරු වෙමින් තිබුණු මෙම සටහනට සෑහෙන පමණ ප්‍රතිචාර සටහන් ද හිමිව තිබුණි. මේ සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Facebook LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සුනඛයාගේ රූප රාමුව Google reverse image search සෙවීමක් කළෙමු. එම සුනඛයාගේ රූපරාමුව ඇතුළත් සමාජ මාධ්‍ය ජාලා තුල වූ සටහන් මෙන්ම වාර්තා සටහන් රැසක් ද නිරීක්ෂණය විය.

Google Reverse Image Search Link

“He Was “Freakish” And “Horrifying” To Look At So He Suffered Instead of getting him help, people just looked away”තේමාවෙන් Threetn නමැති වෙබ් අඩවිය ඉදිරිපත් කර තිබු වාර්තාවට අප අවධානය යොමුවිය. එහි සිංහල අර්ථය මෙසේය.

“Skiatook Paws & Claws Animal Rescue පවසන පරිදි ඔවුන් ෆීනික්ස් ලෙස නම් කර ඇති මෙම සුනඛයා ඔක්ලහෝමා ප්‍රදේශයේ කොලින්ස්විල් හි ආහාර සොයා ගැනීම සඳහා අයාලේ ඇවිදමින් සිට ඇත. එහෙත් ෆීනික්ස්ට උපකාර කිරීමට මිනිසුන් පසුබට වූ අතර අවසානයේදී සංවේදී මිනිසකුගේ දැනුම්දීමකට අනුව මෙම ආයතනය සුනඛයාට සහාය දීමට ඉදිරිපත් වී ඇත.”

Web LinkArchived Link

https://youtu.be/2I6B6G1U2C0

එම සුනඛයා පිළිබඳ වැඩිදුර තොරතුරු තහවුරු කර ගැනීම පිණිස අප Skiatook Paws & Claws Animal Rescue නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. සුනඛයා පිළිබඳව පළමු සටහන ඉදිරිපත්කොට තිබුණේ 2019 නොවම්බර් මස 10 දිනය. ඉන් දින කිහිපයකට පසු ෆීනික්ස් සුනඛයා පවසන ආකාරයට ඔහු පිලිබඳ විස්තරයක් එම ෆේස්බුක් පිටුවේ මෙසේ පළවී තිබුණි. “මම අද ශල්‍යකර්මයකට මුහුණදී දැන් හොඳින් පසුවෙනවා. මගේ සමේ තුවාල පිළිබඳ බයොප්සි කිහිපයක් ගෙන හරියටම සිදුවන්නේ කුමක්දැයි සොයා ගැනීමට උත්සාහ කළ මගේ වෛද්‍යවරු පවසන්නේ බොහෝ විට මට ස්වයං ප්‍රතිශක්තිකරණ (autoimmune disease) රෝගයක් ඇති බවයි”

FB LinkArchived Link

මෙම සුනඛයාට ප්‍රතිකාර කරන Family Animal Medicine නිල ෆේස්බුක් අප පරීක්ෂා කළෙමු. එහි නොවැම්බර් මස 11 වන දින සටහනේ දක්වා තිබුනේද “නිදැල්ලේ යන සත්වයන්ට නොයෙකුත් ව්‍යවසනයන්ට මුහුණදීමට සිදුවේ. ෆීනික්ස්ගේ සමේ රෝගයට හේතු හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ කරන්නෙමු. ඔහු නිතරම ස්නානය කරන අතර ඔහුගේ සමේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සහ සුවපහසුව ලබා දීම සඳහා ඖෂධ ලබා දෙමු. මොහු ද්වේෂ සහගත ක්‍රියාවකට ලක්වී ඇති බව අපට ඒත්තු ගොස් නැත. නමුත් අපි දිගටම විද්‍යාත්මකව විමර්ශනය කරන්නෙමු.” යනාදී වශයෙනි.

ෆීනික්ස් සුනඛයාගේ විස්තර ඇතුලත් Instagram පිටුවක්ද ක්‍රියාත්මක වී තිබෙනු අපට දක්නට ලැබුණු අතර ඒ සඳහා ඔහුට ඉක්මන් සුවය පතන පිරිස් රැසක් එකතු වී තිබෙන අයුරුද දැක ගැනීමට හැකි වුණා.  ඉහත ප්‍රකාශිත ජයාරූපය ඇතුළු ජයාරූප රැසක් එහි දැකගැනීමට හැකිවූණි.

පහත දැක්වෙන්නේ ඔහු පිළිබඳව දැනට දින කිහිපයකට පෙර (පෙබරවාරි 05) එම ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළවී තිබු නවතම වාර්තාවකි.

“ෆීනික්ස් ගිනිගෙන හෝ රසායනික ද්‍රව්‍යවලින් පිළිස්සී නැත. මෙය ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගී තත්ත්වක් (Auto Immune Disease) වන අතර එය කාලයක් තිස්සේ ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් සහ බොහෝ ස්වයංක්‍රීය ප්‍රතිශක්තිකරණ රෝග මෙන්, අතුරු ආබාධයක් ලෙස පාරජම්බුල කිරණවල (UV Rays) ආසාත්මිකතාවයක් විය හැකිය. ෆීනික්ස් අවම වශයෙන් අවුරුද්දක්වත් නොසලකා හරින ලද බැවින්, හිරු එළියට නිරාවරණය වීම නිසා ඔහුට දරුණු “පිලිස්සුම්” ඇතිවිය හැකි බවද විශ්වාස කළ හැකිය”යනුවෙන් එහි සඳහන් වෙයි.

අපේ සහෝදර ආයතනද දමිළ බසින් ඉදිරිපත්වූ මෙවැනි සටහනක් පිළිබඳව කරුණු විමර්ශනයක් සිදුකර ඇති අතර ඔවුන්ද මෙම මෙම සුනඛයා ගින්නකින් තම ස්වාමියාව බේරාගැනීමට ගොස් විරූපී වූ සුනඛයකු නොව ස්වභාවික රෝගයකින් පෙළෙන සුනඛයකු බව තහවුරු කර තිබුණි.

අවසාන නිගමනය

අපගේ කරුණු විමර්ශනයෙන් සනාථ වූයේ, මෙම සුනඛයා ඇමරිකා එක්සත් ජනපදයේ Oklahoma ප්‍රාන්තයේ Collinsville,හි නිදැල්ලේ ගිය සුනඛයකු විනා ස්වාමියාව ගින්නෙන් බේරාගැනීමට ගොස් විරූපී වූ සුනඛයෙකු නොවන බවය.

එමෙන්ම රොගී තත්වයක් නිසා විරූපී වී ඇති අතර එම රෝගය එම රෝගය හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ගෙන යනු ලැබේ. සුනඛයා දැනට පශුවෛද්‍ය සේවයක රැකවරණය යටතේ සිටී.

එම නිසා මෙම සුනඛයා ගින්නකින් තම ස්වාමිව බේරාගැනීමට ගොස් විරූපී වූ බවට ඉදිරිපත් වන ෆේස්බුක් සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ස්වාමි පුතා ගින්නකින් බේරා ගැනීමට තැත් කිරීමේදි සුනඛයා විරූපි වූවාද?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News