ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයෙකුට ලංකාවේ සිදුකල පහරදීමක් නොවේ!

Update: 2020-04-03 05:31 GMT

කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් දිවයින කිහිප ස්ථානයකදීම හමුවීම නිසා, මෙම රෝගය දිවයින පුරා ව්‍යාප්ත වීම වැළැක්වීම පිණිස රජය පියවර කිහිපයක් ගත්තේය. ඉන් එක පියවරක් වූයේ හඳුනාගත් අවදානම් කලාපයක් ලෙස නම් කෙරුණු දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීමය. එහෙත් මෙහි බැරෑරුම් කම වටහා නොගත් පිරිස් විසින් ඇඳිරි නීතිය කඩකිරීම් වාර්තාවූ අතර පොලිසිය මගින් මොවුන්ව අත්අඩංගුවට ගන්නා ලදී. අවසානයේදී ඇදිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස රජය පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට උපදෙස් දුන්නේය. පොලිසිය විසින් නිකුත් කරන ලද ඇදිරිනීති බලපත්‍රයද අවභාවිතා කරන බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමා ප්‍රකාශ කර තිබෙනු දක්නට ලැබුණි

ඉන්දියානු රජය විසින්ද කොරෝනා ආසාදනය ව්‍යාප්තවීම වැළැක්වීමට දින විසිඑකක් රට වසා දැමීමට තීරණය කරන ලදී. ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන්ට ඉන්දීය පොලිසිය විසින් අමානුෂික ලෙස පහර දෙන අයුරු ඇතුලත් දර්ශන පෙළක් විද්‍යුත් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද විශාල වශයෙන් හුවමාරු වෙනු දක්නට ලැබුණි.

මෙවන් පසුබිමක “ඇඳිරි නීතිය කඩ කළා කියලා මේ අලුත්කඩේ අද ගුටි කාපු කොල්ලා… මේ පොලිසියෙන්ද ගහන්නේ.. හැමෝම රජයට සහය වෙන්න මේ වගේ දේවල් වෙන්න ඉඩ තියන්න එපා” තේමාව යටතේ දැඩි ලෙස පහරකෑ තරුණයකු ඇඳක වැතිර සිටින ඡායාරූපයක් සහ යතුරුපැදියක ගමන් කරන්නෙකුට පහරදෙන අපැහැදිලි ඡායාරූප සංකලනයක් සහිතව සටහනක් Italy & SL නමැති ෆේස්බුක් පිටුවක සටහනක් ඉදිරිපත්ව තිබෙනු නිරීක්ෂණය විය. එම මුල් සටහන Padmasiri Dasanayaka නැමැත්තෙකු විසින් පළකර මේ වනවිට නම දමා තිබුණි.

LinkArchived Link

ලංකාවේ මෙවැනි සිදුවීමක් පිලිබඳ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා වාර්තා වී තිබෙනු දක්නටද ලැබුනේ නැති බැවින් මේ පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන පිළිබඳව කරුණු විමර්ශනය කිරීමේදි, මෙම පහරදීම ලංකාවේ සිදුවීමක් නොව, ඉන්දියාවේ සිදුවූවක් බවත්, මේ ව්‍යසන අවස්ථාවේ ජාතික මෙහෙවරක් ඉටු කරන්න ශ්‍රී ලංකා පොලීසියට අපහාස නොකරන ලෙස සඳහන් කරමින් ඉදිරිපත් කර තිබූ ෆේස්බුක් සටහන් කිහිපයක්ම නිරීක්ෂණය විය.

Link1Link2

මෙසේ සටහනක් ඉදිරිපත් කර තිබූ චුලනි මේදගේ නැමැත්තාගේ සටහන පරික්ෂා කිරීමේදී එහි Yogendra Prasad Yadev නමැත්තෙකුගේ ෆේස්බුක් සටහනක සේයාරුවක් ඉදිරිපත් කර තිබූ නිසා අප එම පුද්ගලයාගේ ෆේස්බුක් පිටුව පරීක්ෂා කළ විට 2020 මාර්තු මස 27 දින ඉදිරිපත් කර තිබු පහත ඇති සටහන නිරීක්ෂණය විය.

LinkArchived Link

Yogendra Prasad Yadev විසින් පලකර ඇති සටහන පරීක්ෂා කිරීමේදී එහි සඳහන් වී තිබුණේ ඉන්දියාවේ වර්තමාන ඇඳිරි නීති තත්වය යටතේ පොලිසිය විසින් සිදුකරන ලද පහරදීමක් බවය.

කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් කරුණු විමසා බැලීමේදී අපට පෙනී ගියේ මෙය ඉන්දියාවේ සිද්ධියක් වුවද මීට මාස ගණනකට පෙර (2019 ජුලි මස) ඉන්දියාවේ බෙංගාල ප්‍රදේශයේ සිදු වූ සිදුවීමක් බව ය. ඒ පිළිබඳව විමර්ශනයක් අපගේ මව් ආයතනය ඇතුළු ඉන්දියානු ආයතන කිහිපයක් විසින්ම සිදුකර තිබෙනුද දක්නට ලැබුණි . Alt News Fact Check

බටහිර බෙංගාල පොලිසිය විසින් 2020 මාර්තු 27 වන දින සිය නිල ට්විටර් දින හරහා පණිවුඩයක් පලකරමින් සඳහන් කර තිබුණේ මෙම ඡායාරූපය පැරණි ඡායාරූපයක් බවත් පොලිසියට සම්බන්ධ සිද්ධියක් නොවන බවත් මෙසේ පළකර තිබුණි.

https://twitter.com/WBPolice/status/1243559424448290816?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1243559424448290816&ref_url=https%3A%2F%2Fwww.altnews.in%2Fold-unrelated-images-shared-as-migrant-workers-beaten-during-coronavirus-lockdown%2F

අනතුරුව අප Italy & SL සහ චුලනී මේදගේ ෆේස්බුක් පිටුවල තිබු ඡායාරූප සටහන් පද්මසිරි දසනායක නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවක තිබු සටහනකින් හුවමාරු කරගෙන තිබු බැවින් අප ඔහුගේ ෆේසබුක් පිටුව පරීක්ෂා කළෙමු. ඔහු එම සටහනකට ප්‍රතිචාර දැක්වුවකුගේ සටහනකට පහත ප්‍රතිචාරය දලබාදී තිබුණි.

මේ අනුව මෙම සටහන මුලින්ම ඉදිරිපත් කළ පද්මසිරි දසනායක පවා මෙය ඉන්දියාවේ සිදුවීමක් ලෙස පිළිගෙන තිබුණි.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ Italy & SL සහ පද්මසිරි දසනායකගේ ෆේස්බුක් පිටුවල තිබු සටහන්හි ඇති පහර කෑමකට ලක්වු තරුණයා ඇතුලත් සිද්ධිය ඇත්ත වශයෙන්ම ලංකාවේ සිද්ධියක් නොව මීට මාස කිහිපයකට පෙර එනම් 2019 ජූලි මාසයේ දී ඉන්දියාවේ සිදු වූ සිද්ධියක් බවය. එබැවින් ඇඳිරි නීතිය කඩ කළ තරුණයෙකුට අලුත්කඩේ ප්‍රදේශයේ පහර කා ඇති බවට පළවන ෆේස්බුක් සටහන් සම්පූර්ණයෙන් අසත්‍යය සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයෙකුට ලංකාවේ සිදුකල පහරදීමක් නොවේ!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News