Hellow (හෙලෝ) යනුවෙන් පිළිතුරු දෙන්නේ දුරකථනයේ නිර්මාතෘගේ පෙම්වතියගේ නම මාග්‍රට් හෙලෝ වූ නිසා නොවේ!

Update: 2020-06-29 13:18 GMT

වර්තමාන ලෝකයේ වඩාත් බහුලම ගෘහස්ත උපකරණවලින් එකක් බවට දුරකතනය පත්ව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාව අනුව ලංකාවේ ඇති ස්ථාවර දුරකතන සම්බන්ධතා මිලියන 2ක අබිබවා ඇති බව දක්වා තිබේ. එමෙන්ම ලංකාවේ ඇති ජංගම දුරකථන sසම්බන්ධතා ප්‍රමාණය මිලියන 32කද ඉක්මවා තිබු බව එම වාර්තාවේ පලවී තිබුණි. එමෙන්ම ලෝක බැංකු වාර්තා අනුව 2019 වසර වන විට ලෝකයේ ආසන්න වශයෙන් ස්ථාවර දුරකථන සම්බන්ධතා මිලියන 900 කට වඩා පැවතුනි.

වර්තමාන ලෝකයේ බොහෝ විට දුරකථන ඇමතුමක් ලබාගන්නා විට හෙලෝ " Hello" යනුවෙන් පොදුවේ භාවිතා කරයි. මෙවන් තත්වයක් තුල “ඔබගේ දුරකථනය නාදවන හැමවිටම Hellow (හෙලෝ) යනුවෙන් පිළිතුරු දෙන්නේ ඇයි?” යනුවෙන් සදහන් සටහනක් සහ ඡයාරුපයක් සමාජ මාධ්‍යතුල මේ දිනවල හුවමාරු වේ.

එම සටහනේ තව දුරටත් මෙසේ සදහන් වේ “ දුරකථනය නාදවන විට ඔබ එයට පිළිතුරු දෙන්නේ හෙලෝ යනුවෙනි. හෙලෝ යනුවෙන් අමන්ත්‍රණයේ සැගවුන නියම තේරුම ඔබ දන්නවද ? එහි නියම තේරුම නම් … හෙලෝ යනු සුන්දර යුවතියකගේ නමකි. කවුද ඒ යුවතිය ? ඇය නම් මාගරට් හෙලෝය. ඒ ලොවට දුරකථනය සොයාදුන් ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල්ගේ සොදුරියයි. දුරකථනය සොයාගත් ග්‍රැහැම්බෙල් මුලින්ම ඒ සතුට බෙදාගන්නට කතාකලේ සිය ප්‍රියම්බිකාව වන මාගරට් හෙලෝටයි .හෙලෝ යනුවෙන් එදා කල අමන්ත්‍රණය වසර සිය ගණනක් ගතවුවත් අදටත් එලෙසම පවතී. කෙදිනක හෝ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් නාමය අමතක වුවත් හෙල්ලෝ නාමය සදාකාලිකව පවතී . එයයි ආදරයේ මහිමයයි”.

එලෙසින් සමාජ මාධ්‍ය තුල හුවමාරුවෙමින් පවතින සටහනක් පහතින්

Facebook LinkArchived Link

එම සටහන බොහෝ ෆේස්බුක් පිටු හරහා හුවමාරු කරගෙන තිබුණි.

Facebook LinkArchived LinkFacebook LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

පලවන සටහන සම්බන්ධයෙන් අපි Google Search හරහා මාගරට් හෙලෝ යනුවෙන් සොයා බැලීමක් සිදු කළේය. එහිදී අපට එවැනි නමක් ඇති අයකු සමග ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්ගේ ඇති සම්බන්ධයක් සොයා ගැනීමට නොහැකි විය.

තව දුරටත් කරුණු සෙවීමේදී සත්‍ය කරුණු සොයාබලන Fact-Checking වෙබ් අඩවි කිහිපයක් මේ සම්බධයෙන් තොරතුරු ඇතුලත් ලිපි පළකර තිබිණ. Africa-Check නම් වෙබ් අඩවිය මේ පිළිබඳව Alexander Graham Bell: Giving voice to the world කෘතියේ නිර්මාතෘවරියගෙන් මේ පිළිබඳව විමසා ඇති අතර එහිදී මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් ඇත්ත වශයෙන්ම ඔහුගේ මුල්ම වදන් වී ඇත්තේ “Mr Watson- Come here-I want to see you” ( මිස්ටර් වොට්සන් මෙහි එන්න - මට ඔබ මුණගැසිය යුතුයි) යන්න බවද සඳහන් විය.

විකිපීඩියා වෙබ් අඩවියට අනුව Hello යන වචනය පැවත එන්නේ hallo, hollo යන වචන අනුසාරයෙන් බවයි. ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් දුරකථන දුරකථනය භාවිතයේදී යොදාගැනීමට අදහස් කර ඇත්තේ ‛අහෝයි’ (Ahoy) යන වචනය බවත් එහි සදහන් වේ. තව දුරටත් එහි සදහන් වන්නේ දුරකථනය භාවිතයේදී යොදාගනු ලබන ‛හෙලෝ’ යන වචනය භාවිත කිරීමේ ගෞරවය මුලින්ම හිමිවන්නේ තෝමස් අල්වා එඩිසන් මහතාට බවයි.

Wikipedia

NYTimes

Snopes නම් Fact-Checking වෙබ් අඩවියද එම සටහන සම්බන්ධයෙන් තොරතුරු ඇතුලත් ලිපියක් පළකර තිබිණ. ඒ අනුව එහි සදහන් වන්නේ දුරකථනය නිපදවූ ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල්ගේ පෙම්වතිය මාගරට් හෙලෝ නොවන බවත්, ග්‍රැහැම් බෙල්ගේ කුඩා කල මිතුරියක්වද සිටි ශ්‍රවනාභාධ තත්ත්වක් හේතුවෙන් ග්‍රැහැම් බෙල්ගෙන් ප්‍රතිකාර ලබමින්ද සිට පසුකාලින පෙම්වතියද වූ Mabel Gardiner Hubbard නම් යුවතියක් වූ අතර ඔහු විසින් ඇය 1877 වසරේදී විවාහ කරගත් බවත් සඳහන්. Link

ශබ්දයේ තීව්‍රතාවය මනින මිනුම් දණ්ඩ වන decibel වචනයට මුල්වී ඇත්තේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්ගේ නමයි.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ "දුරකථනය නාදවන විට Hellow (හෙලෝ) යනුවෙන් පිළිතුරු දෙන්නේ දුරකථනය නිපදවූ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්ගේ පෙම්වතියගේ නම මාගරට් හෙලෝ වූ නිසාය ” යනුවෙන් සමාජ මාධ්‍ය තුල හුවමාරු වන සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.

දුරකථනය නිපදවූ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්ගේ පෙම්වතිය සහ පසුකාලින බිරිඳ Mabel Gardiner Hubbard නම් යුවතියක්ය. හෙලෝ Hello යන වචනය පැවත එන්නේ hallo, hollo යන වචන අනුසාරයෙන් වන අතර ‛හෙලෝ’ යන වචනය භාවිතා කිරීමේ ගෞරවය හිමිවන්නේ තෝමස් අල්වා එඩිසන් මහතාටය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:Hellow (හෙලෝ) යනුවෙන් පිළිතුරු දෙන්නේ දුරකථනයේ නිර්මාතෘගේ පෙම්වතියගේ නම මාග්‍රට් හෙලෝ වූ නිසා නොවේ

Fact Check By: Fact Crescendo Team

Result: False

Tags:    

Similar News