ලොව දරුණුම විශේෂ බලකායන්ගේ වර්ගීකරණය පිලිබඳ හුවමාරු වන පුවත විශ්වසනීය නොවන වෙබ් අඩවියක පළවූ වර්ගීකරණයකි!

Update: 2020-08-27 09:10 GMT

වසර තිහක කාලයක් තිස්සේ පැවති යුද්ධය නිමා කිරීම හේතුවෙන්, ලොව ප්‍රධාන ආරක්ෂක බලකායන් අතරේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශය ඉතා ඉහල නාමයක් ලබා ඇති බව බොහෝ දෙනෙක් පිලිගන්නා කරුනක්.

මේ අතර ලංකාවේ විශේෂ කාර්‍ය බලකාය ලොව දරුණුම විශේෂ බලකායන් අතර 3 වැනි තැන ලබා ඇති බවට දැක්වෙන වාර්තාවක් පසුගි දිනවල පුවත් වෙබ් අඩවි වල සහ ෆේස්බුක් සටහන් වල විශාල වශයෙන් හුවමාරු වී තිබුනා.

https://www.militaryranks.info නම් වෙබ් අඩවියක් පල කල පුවතක් මුල් කරගෙන ලියවුනු සටහනක් හේතුවෙන් එය උපුටා දක්වමින් මේ කරුන වාර්තා කර තිබූ බව අපට පෙනී ගියා.එම සටහන පහතින්

LinkArchived

ඉහත විස්තර තවත් ෆේස්බුක් පිටු රැසක් මඟින් මෙලෙස හුවමාරු කරගෙන තිබුණා.

ශ්‍රී ලංකාව මෙහිදී 3 වැනි ස්ථානය ලබා ඇති බවක් වාර්තා කර ඇති අතර එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට ඉහළින් සිටින්නේ රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ විශේෂ බලකායන් පමණි.

මෙම පුවත kasukusu.lk සහ srilankamirror.com නම් වෙබ් අඩවි දෙක වාර්තා කර තිබුනේ පහත අයුරින්

Original LinkArchived Link
Original LinkArchived Link

මෙම තොරතුර ඇතැම් ෆේස්බුක් පි‍ටු විසින් දක්වා තිබුනේ පහත අයුරින්

Original LinkArchived Link
Original LinkArchived Link
Original LinkArchived Link
Original LinkArchived Link

එම පුවතට අනුව ඊශ්‍රායලය, බ්‍රිතාන්‍ය, ඉන්දියාව, පාකිස්ථානය ආදී රටවල්ද සිටින්නේ ශ්‍රී ලංකාවට පහළින් වන අතර බැලූ බැල්මට යම් යම් කරුනු ගැටලු සහගත බැවින් එහි සත්‍යතාවය පිලිබඳව වැඩිදුරටත් සොයා බැලීමට අප තීරනය කලා. බොහෝ දෙනෙක් මෙසේ කරුණු ඉදිරිපත් කර තිබු වෙබ් අඩවියේ විශ්වසනීත්වය පිළිබඳව ද ප්‍රශ්න කර තිබුනා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය)

මෙම කරුනේ සත්‍යතාවය සොයා බැලීමට අප පලමුවෙන්ම හමුදා මාධ්‍ය ඒකකයේ උසස් නිලධාරියෙකු සම්බන්ධ කර ගත්තා.එහිදී ඔහු කියා සිටියේ මෙම පුවත අසත්‍ය එකක් බවයි. ලොව දරුණුම විශේෂ බලකායන් වර්ගීකරනයක් පිලිබඳ නිල වශයෙන් සිදුව ඇති බවට කිසිඳු තොරතුරක් වාර්තා නොවන බවට ඔහු තහවුරු කලා.

එසේම මෙවැනි වර්ගීකරණයක් ඇත්ත වශයෙන්ම සිදු කරන්නේ නම් ඒ සඳහා පාදක කරගත යුතු සාධක රැසක් පවතින බවද අපට දැකගන්නට ලැබුණු අතර ඉහත වෙබ් අඩවියේ පෙන්වා දී ඇත්තේ අදාළ විශේෂ බලකාවේ එවැනි තාක්ෂණික විස්තර කිසිවක් සඳහන් වන්නේ නැත. එබැවින් මෙය හුදෙක් ඉහත වෙබ් අඩවියේ මතයක් මත පදනම් කර ගනිමින් පළවූ සටහනක් බව පැහැදිලිය.

මීලඟට අප මේ මුල් පුවත වාර්තා කල www.militaryranks.info වෙබ් අඩවිය පිලිබඳව සොයා බැලුවා. ඒ සඳහා වෙබ් අඩවි වල විස්තර ඉදිරිපත් කරන WHOIS වෙබ් අඩවියේ එම වෙබ් අඩවියට අදාල තොරතුරු සොයා බැලුවා.

Link

මෙම වෙබ් අඩවියට අනුව එම වෙබ් අඩවිය ක්‍රියාත්මකව ඇත්තේ 2019 වසරේ දෙසැම්බර් මාසයේ සිටයි. මෙම වෙබ් අඩවියට අදාල ලිපිනයන් සහ ලබා දී ඇති ඊමේල් ලිපිනයන් ද විධිමත් ආකාරයට දක්වා නොමැති බවක් එහිදී අපට දකින්නට ලැබුනා.

වෙබ් අඩවිය දෙස හොඳින් නිරීක්ශනය කිරීමේදී පෙනී යන්නේ මෙම පුවත ඉදිරිපත් කල වෙබ් අඩවිය විශ්වාසදායි වෙබ් අඩවියක් නොවන බවයි. එහි සඳහන් බොහෝ සමාජ ජාලා වල ලින්ක් ක්‍රියාත්මක තත්වයේද නැත. ඔවුන් ලබාදී තිබු සමාජ ජාල ලින්ක් අතරින් ක්‍රියාත්මක වුයේ ෆේස්බුක් දිගුව පමණි. අනෙකුත් සියලුම ලින්ක් ක්‍රියාත්මක නොවූ අතර නැවත වරක් Contact Us පිටුවටම යොමු වෙයි

ඔවුනේ වෙබ් අඩවියේ නාමය වන militaryranks වලට වඩා වෙනස් නමක් ඇති ඔවුන්ගේ සක්‍රීයව පවතින එකම සමාජ ජාල දිගුව වන ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරීමේදී එක පාලනය වන්නේ ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයින් 3 දෙනෙකු ගෙන් බවද පෙනී යනවා. එම විස්තර පහතින්

එමෙන්ම මෙම වෙබ් අඩවියේ ඔවුන් සම්බන්ධ කර ගත හැකි ඊමේල් ලිපිනයක් ඇත්දැයි අප පරීක්ෂා කළා. නමුත් එසේ ඔවුන් හා සම්බන්ධ වීමට ඊමේල් ලිපිනයක් එහි දවා තිබුනේ ද නෑ. සාමාන්‍යයෙන් විශ්වාසදායි, පිළිගත් වෙබ් අඩවියක තිබිය යුතු එවැනි ලක්ෂණ කිසිවක් මෙම වෙබ් අඩවියෙහි දක්වා නෑ. Link

අගෝස්තු 26 වන දින DailyMirror පුවත්පතේ මුල් පිටුවේ ද මෙම විස්තරය සඳහන් වූ අතර එයට පිළිතුරු වශයෙන් පාඨකයකු විසින් පළකර තිබු සටහනක් පහතින්.

මෙසේ හුවමාරු වන සටහන් පිලිබඳ තවත් පාඨකයෙකු පල කල සටහනක් මෙලෙසින්.

https://www.facebook.com/thimiraonline/posts/10220695636933329

ලොව ඉහළම විශේෂ බලකායන් පිලිබඳ ලොව පිළිගත් වෙබ් අඩවි විසින් පළකර ඇති සටහන් පිළිබඳව ද අප අවධානය යොමු කළෙමු. එහිදී businessinsider පලකල ලිපියක් මෙසේය. එසේම rankred නමැති වෙබ් අඩවිය 2020 වර්ගීකරණය අනුව බිහිසුණුම විශේෂ බලකා වර්ගීකරණයේ සඳහන් බලකා 16 ට ඉන්දියානු සහ පකිස්තානු හමුදා එකතු කර තිබුනද එහිද ලංකාව පිලිබඳ කිසිඳු සඳහන් කිරීමක් නොමැත. මෙවැනි විශේෂ බලකායන් පිලිබඳ පළවූ වීඩියෝවක් මෙසේය. තවත් එවැනි ලිපියක් මෙසේය

කෙසේ වෙතත් මෙවැනි වර්ගීකරණයක් සිදුකිරීමේ අපහසුතාවය මත මේ සම්බන්ධයෙන් නිල වර්ගීකරණක් ලෙස ඉහත වාර්තාවන් ද හඳුන්වා දිය නොහැක.

Conclusion (නිගමනය)

මේ අනුව ඉහත කරුනු සලකා බැලීමේදී https://www.militaryranks.info/ නම් වෙබ් අඩවියක පළවූ ලිපියක් උපුටා දක්වමින් ලංකාවේ ඇතැම් සමාජ ජාල සහ වෙබ් අඩවි මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද ලොව දරුණුම විශේෂ බලකායන් අතර 3 වැනි තැන ලංකාවේ SF බලකායට යන පුවතක් පළකර තිබුණ ද එම වර්ගීකරණය විශ්වාසදායි නොවන වෙබ් අඩවියකින් පලකළ තාක්ෂණික තොරතුරු කිසිවක් පදනම් කර ගෙන නැති පුවතක් බව පෙනී යයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ලොව දරුණුම විශේෂ බලකායන්ගේ වර්ගීකරණය පිලිබඳ හුවමාරු වන පුවත විශ්වසනීය නොවන වෙබ් අඩවියක පළවූ වර්ගීකරණයකි!

Fact Check By: Sahan Perera

Result: Opinion

Tags:    

Similar News