FACT CHECK: නිදහස් චතුරශ්‍රයේ පරිශ්‍රයේ නිදහස් දින උත්සවයට පෙර බෞද්ධ කොඩි වලින් සරසා තිබුණේ කුමන හේතුවකට ද?

Update: 2021-02-04 11:12 GMT

ශ්‍රී ලංකාවේ 73වන නිදහස් දිනයේ රාජ්‍ය උත්සවය අද දින උදැසන නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී සමරන ලදි. සාම්ප්‍රදායික හමුදා ආචාර පෙළපාලි , සංස්කෘතික අංග සහ සර්ව ආගමික වැඩ සටහන් ද මෙම උත්සවයට සමගාමීව දැක ගණනට ලැබුණි.

ප්‍රධාන උත්සවය පැවැත්වූ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ ජාතික ධජය වෙනුවට බෞද්ධ ධජයෙන් සරසා ඇති බවට ට්විටර්, වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරුප මෙන්ම කෙටි වීඩියෝ පටයක් ද හුවමාරු වී තිබුනේ බෞද්ධාගමට මුල් තැනක් දෙමින් මෙවර නිදහස් දින උත්සවය සැමරීමට කටයුතු යොදා ඇති බවක් හඟවමින්. කෙසේ නමුත් එම දර්ශන පෙර දිනයක පැවති සර්වරාත්‍රික පිරිත් දේශනයක් සඳහා නිදහස් චත්‍රරශ්‍රයේ මඟ දෙපස සරසා තිබු අයුරු බවත් නිදහස් දින උත්සවයේ දී සශ්‍රීකත්වය පිළිඹිඹු කෙරෙන පුන්කලසක් සහිත දම් පැහැති වැනි වර්ණ ධජයකින් මඟ දෙපස සරසා තිබු බවකුත් අපට නිරීක්ෂණය විය.

සමාජ මාධ්‍ය සටහන්:

බෞද්ධ ධජ වලින් සරසා ඇති නිදහස් චතුරශ්‍රයේ සේයාරූ සහිතවIndependence Square all decked up to celebrate a truly #Lankan #IndependenceDay this year! Exposing the belly of the beast once more!(සැබෑ ශ්‍රී ලාංකික නිදහස සැමරීමට ධජ වලින් සරසා ඇති නිදහස් චතුරශ්‍රය) සිරස්තලයෙන් Mari යන ට්විටර් ගිණුමක පෙබරවාරි මස 2 පළකර තිබු සටහනක ව්‍යංගාර්ථයෙන් දක්වා තිබුණේ මෙවර නිදහස් දින උත්සවය සඳහා මග දෙපස සැරසී තිබෙන්නේ බෞද්ධ කොඩි පොතෙන් පමණක් ද යන්න පිළිබඳ විමසීමක්

FacebookArchived Link

Whatsapp ජාලය තුලද මෙවැනි හැඟීමක් දනවන කෙටි වීඩියෝවක් සැරිසරනු දක්නට ලැබුණි. එම වීඩියෝව පහතින්.

https://vimeo.com/508332923

මෙවර නිදහස් උළෙල ජාතික කොඩියෙන් සැරසී තිබෙනු දක්නට නොලැබීම පිලිබඳ පළවූ තවත් සටහනක් මෙලෙසින්

https://twitter.com/HarshadeSilvaMP/status/1356992642886828033

Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

සමාජ මාධ්‍ය ජාලය තුල සැරිසරන මෙම සටහන් අප ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කර මෙවර බෞද්ධ ධජයෙන් නිදහස් චතුරශ්‍රය සරසා තිබීම පිලිබඳ විමසුවෙමු. 73 වන නිදහස් දිනය වෙනුවෙන් සර්ව ආගමික වැඩ සටහන්ද සංවිධානය කර ඇති අතර සම්ප්‍රදායානුකූලව බෞද්ධ ආගමික වැඩසටහනක් වන සර්වරාත්‍රික පිරිත් දේශනය පැවැත්වෙන්නේ පෙබරවාරි මස 2 වැනි දින නිදහස් මන්දීරයේ බවත්, මෙවරද එම පිරිත් දේශනය එලෙසම පැවත්වු බවත් එහි ප්‍රකාශකයා පැවසීය.

පෙබරවාරි මස 2 වැනි දින පිරිත් දේශනය හේතුකොටගෙන නිදහස් චතුරශ්‍රය අවට බෞද්ධ ධජයෙන් සරසා තිබු බවත්, පෙබරවාරි 3වැනි දින හමුදා පෙළපාලියේ අවසන් පෙර හුරුව නිමවු පසු බෞද්ධ කොඩි වෙනුවට තේමා ධජයකින් මඟ දෙපස සැරසෙනු ඇති බවත් පවසා සිටියා.

අප නිදහස් දින වෙනුවෙන් පැවැත්වෙන ආගමික වැඩ සටහන් පිළිබඳව ප්‍රධාන ධාරාවේ වාර්තා පරීක්ෂා කළෙමු. Daily News පුවත්පත වාර්තා කර තිබුණේ හින්දු, මුස්ලිම්, කතෝලික හා ක්‍රිස්තියානි ආගමික උත්සව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, නිදහස් දිනයට සමගාමීව මුළු රාත්‍රියේම පිරිත් සජ්ඡායනා කිරීම ද ඊට ඇතුළත් ය යනුවෙන්ය.

“73 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් රටට සහ ජනතාවට සෙත් පතා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ඊයේ (02) කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි” යනුවෙන් ජනපති මාධ්‍ය ඒකකය පලකරන ලද පුවතක් මෙලෙසින්. 2020 වසරේ රටට සෙත්පතා පෙබරවාරි මස වැනි මෙලෙසම පැවැත්වූ සර්වරාත්‍රික පිරිත් දේශනයට ජනාධිපතිතුමා සහභාගි වූ බවට ජනාධිපති මාධ්‍ය අංශය වාරතා කර තිබුණා.

දෙරණ රූපවාහිණී නාලිකාවේ 2021 පෙබරවාරි මස 03 වැනි දින දිවා ප්‍රවෘත්ති සේවයේ දී නිදහස් මන්දීරයේ පැවති සර්වරාත්‍රික පිරිත් දේශනය පිළිබඳවත් පෙබරවාරි මස 03 දින උදැසන පැවැත්වු හමුදා පෙළපාලියේ අවසන් පෙරහුරුවද එම විකාශයේ මෙසේ අන්තර්ගත විය. (15 -18 මිනිත්තුව දක්වා)

ඉන්පසු අප අද දින (පෙබරවාරි මස 04) උදැසන පැවති නිදහස් උත්සවයේ රුප රාමු පරීක්ෂා කළෙමු. “ඉසුරුමත් හෙට දිනක්..සෞභාග්‍යමත් මව් බිමක්” යන තේමාව යටතේ මෙවර පැවති නිදහස් උත්සවයේ එම පාඨය රැගත් සහ ඉහළින් හිරු සහ සඳු පිළිඹිබු කෙරෙන අයුරින් ද පහළින් සශ්‍රීකත්වය පුන්කළසක් ද තිබෙන දම් පැහැයට හුරු ධජ වලින් මඟ දෙපස සරසා තිබෙන අයුරු මෙසේ දැක ගන්නට ලැබුණා. එහි ඡායාරුපයක් පහතින්

අද දින පැවැත්වූ නිදහස් දින උළෙලේ වීඩියෝවක් මෙතනින්.

2020 වසරේ ද මෙවැනි තේමාවක් යටතේ නිදහස් දින උළෙල පැවැත්වුණි දැයි පරීක්ෂා කිරීමට අප 72වන නිදහස් දින උළෙලේ වීඩියෝවක් මෙසේ පරීක්ෂා කළෙමු. සුරක්‍ෂිත ජාතියක් - සමෘද්ධිමත් රටක්’ පසුගිය වසරේ යොදාගෙන තිබු තේමාව වූ අතර මෙවර යොදාගෙන තිබු වර්ණයෙන් ධජ එම තේමාව යටතේ පසුගිය වසරේ ද යොදාගෙන තිබු බව අපට පෙනී ගියා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මෙවර නිදහස් උත්සවයේ ප්‍රධන උත්සවය පැවැත්වෙන නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ බෞද්ධ කොඩිවලින් පමණක් සරසා තිබෙන බව හඟවන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන්නේ නොමග යවන සුළු සටහන් බවය.

“ඉසුරුමත් හෙට දිනක්..සෞභාග්‍යමත් මව් බිමක්” යන තේමාව යටතේ මෙවර පැවති නිදහස් උත්සවය පැවති අතර එම පාඨය රැගත් ධජ වලින් මඟ දෙපස නිදහස් දිනයේ දී වර්ණවත් වී තිබුණි. පසුගිය වසරේ ද මේ අයුරින්ම “සුරක්‍ෂිත ජාතියක් - සමෘද්ධිමත් රටක්” තේමා ධජ වලින් මඟ දෙපස සරසා තිබුණි.

බෞද්ධ කොඩි යොදා නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ මඟ දෙපස සරසා තිබුනේ සම්ප්‍රදායික ලෙස පෙබරාවාරි මස 02 වැනිදා රාත්‍රියේ පැවැත්වෙන සර්වරාත්‍රික ධර්ම දේශනයට සමගමාවී ව වූ අතර පෙබරවාරි මස 04 වැනිදා නිදහස් උත්සවයේදී එම බෞද්ධ කොඩි වෙනුවට මෙවර උත්සවයේ තේමා ධජ වලින් මඟ දෙපස සරසා තිබුණි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:නිදහස් චතුරශ්‍රයේ පරිශ්‍රයේ නිදහස් දින උත්සවයට පෙර බෞද්ධ කොඩි වලින් සරසා තිබුණේ කුමන හේතුවකට ද?

Fact Check By: Nelson Mani

Result: Explainer

Tags:    

Similar News