FACT CHECK: රංගන ශිල්පී රජිත හිරාන් වෛද්‍ය සංගමයට දෝශාරෝපණය කළාද?

Update: 2021-05-18 16:52 GMT

ජනප්‍රිය විකට රංගන ශිල්පි රජිත හිරාන් නැතහොත් “පිං පොන්” මේ වන විට රටේ පවතින වාතාවරණය සම්බන්ධයෙන් වෛද්‍ය සංගමයට චෝදනා කළ බවට දැක්වෙන පුවත්පතක සඳහන් වූ ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු දැකගන්නට පුළුවන්.

බැලූ බැල්මට මෙම ලිපියේ ශීර්ෂය සංස්කරණය කර ඇති බවට දැක ගන්නට පුළුවන් කම ලැබුණත් ඔහු මෙලෙස සත්‍ය වශයෙන්ම පැවසුවාද යන්න බොහෝ දෙනෙක් සිදුකළ විමසීම් මත අප විමර්ශනයක් කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් :

අපේ ජනාධිපතිතුමා කැපවීමෙන් වැඩ කළත් කුහක වෛද්‍ය සංගමය තාම මන්දගාමී වීම අපේ කරුමයක්” යනුවෙන් රජිත හිරාන් සඳහන් කළ බවට පළ වූ පුවත් ලිපියක් ගෙනහැර දක්වමින් Ayesha Thajudeen නම් අයෙක් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කළේ, “ස ගේ හෙළුව වහන්න තමුන්ගේ අමුඩේ ගලවලා දෙනවා කියන්නේ මුන්වගේ හිවලුන්ට බවයි

Facebook | Archived Link

තවත් මෙවැනි සටහන් කිහිපයක්ම ෆේස්බුක් මෙන්ම WhatsApp ඔස්සේ ද හුවමාරු වී තිබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම පුවත් ලිපිය පිරික්සීමේදී මැතක දී රාජිත හිරාන් විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකළ ලිපියක් දැක ගන්නට ලැබුනේ නැහැ.

මේ සම්බන්ධයෙන් අප රජිත හිරාන්ගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම ලිපිය 2013 වර්ෂයේ අග භාගයේදී පළ වූ ලිපියක් බවත්, මෙම පුවත්පත් ලිපියේ ශීර්ෂ පාඨය යම් කිසි කණ්ඩායමක් විසින් සංස්කරණය කර ඇති බවත්ය. මෙහි සත්‍ය ශීර්ෂ පාඨයේ සඳහන් වී තිබුණේ, “විකටයා ජනප්‍රිය වුණත් ජනප්‍රිය සම්මානය ලැබෙන්නේ ලස්සන පෙම්වතාට” ලෙස තමන් විසින් එම සම්මුඛ සාකච්ඡාවේ සඳහන් කළ ප්‍රකාශයක් බවයි. මෙය ලංකාදීප සඳැල්ලේ “කතාබහ” විශේෂාංගයේ පළ වූ ලිපියක් බව ද, ඔහු තහවුරු කර සිටියා.

2013 වසරේ පලවූ මෙහි මුල් ලිපිය ද අපට රජිත හිරාන් ලබා දුන්නා. එම ලිපියේ කතාබහේ දැක්වෙන්නේ රජිත හිරාන් රංගන ශිල්පියාගේ කලා ජීවිතය හා ඊට සම්බන්ධ ඔහුගේ පෞද්ගලික තොරතුරු පිළිබඳ තොරතුරු බව පැහැදිලි වුණා. එම සත්‍ය වාර්තාව පහතින්.

සංස්කරණය කළ පුවතේ සහ සත්‍ය පුවතේ ඡායාරූපවල සංසදනය පහතින්

එමෙන්ම මෙවන් වසංගත තත්ත්වයක් කැපවී සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල්වල සේවය ඇගයිය යුතු බවත් තමන් කිසිම අවස්ථාවක තමා වෛද්‍ය සංගමයට බැන නොවැදුනු බවටද ඔහු අවධාරණ කළා.

අප ලංකාදීප සඳැල්ල අතිරේකයෙන් ද මෙය ඇත්ත වශයෙන්ම එහි පළවූ ලිපියක් ද යන්න විමසීමක් කළා. ඔවුන් පවසා සිටියේ සිටියේ ද මෙම ලිපිය මෑතදී පළ කළ ලිපියක් නොවන 2013 වර්ෂයේ දෙසැම්බර් මස සිදු කළ ඉහත දක්වා තිබු ලිපිය බවයි. මෙම සාකච්ඡාව දේශපාලන වටපිටාවක් නොව හුදෙක් රංගන ශිල්පීන්ගේ පෞද්ගලික තොරතුරු හා කලාව සම්බන්ධයෙන් සිදු කරන කතා බහකට අනුව සැකසූ ලිපියක් බවද පවසා සිටියා.

අසත්‍ය සටහන් හුවමාරුවෙන් පසු රජිත හිරාන් විසින් ෆේස්බුක් ඔස්සේ දැක්වූ අදහස් පහතින්.

Full View

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව පෙන්වා දිය හැක්කේ රංගන ශිල්පී රජිත හිරාන් 2013 වර්ෂයේ අග භාගයේ ලංකාදීප සඳැල්ල අතිරේකයට ජනප්‍රිය නළුවා සම්මානය පිළිබඳ සිදුකළ සංවාදයක් ඔස්සේ පළවූ ලිපියක් සංස්කරණය කරමින් ඔහු ඉලක්ක කරගනිමින් ව්‍යාජ සටහන් පෙලක් හුවමාරු වී තිබෙන බවයි.

විකටයා ජනප්‍රිය වුණත් ජනප්‍රිය සම්මානය ලැබෙන්නේ ලස්සන පෙම්වතාට” යන සිරස්තලය ඔස්සේ 2013 වසරේ පළවූ එම මුල් ලිපිය “අපේ ජනාධිපතිතුමා කැපවීමෙන් වැඩ කළත් කුහක වෛද්‍ය සංගමය තාම මන්දගාමී වීම අපේ කරුමයක්” යනුවෙන් සංස්කරණය කරමින් මෙම ව්‍යාජ සංස්කරණය සිදුකර තිබෙනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:FACT CHECK: රංගන ශිල්පී රජිත හිරාන් වෛද්‍ය සංගමයට දෝශාරෝපණය කළාද?

Fact Check By: Sara Gunaratne

Result: False

Tags:    

Similar News