FACT CHECK: ගැබිනි මව හා බිළිඳු ජීවිතය බේරාගැනීමට ගිලන් රථය පැදවූ රාජාංගණය රෝහලේ වෛද්‍යවරයා තවමත් බන්ධනාගාරයේ ද?

Update: 2021-06-26 16:38 GMT

පොසොන් පොහොය නිමිත්තෙන් පසුගියදා ජනාධිපති සමාව ලැබුණු පුද්ගලයන් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහට ලක් වුණා. එවන් පසුබිමක අතිශය මානූෂිය හේතුවක් මත ගැබිනි මවක හා බිළිඳු ජීවතයක් බේරා ගැනීම සඳහා ගිලන් රථ රියැදුරු නොමැති හේතුවෙන් වෙනත් රියැදුරුවෙකුගේ සහය ලබා ගැනීම මත බන්ධනාගාර ගත කර සිටින වෛද්‍යවරයෙකු නිදහස් කර ගැනීමට ඉදිරිපත් වෙමු ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනේ නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් ඇරඹුවා.

සමාජ මාධ්‍ය සටහන් :

“මේත් එක දෙවිකෙනෙක් ඒත් ඔහු වැඩ ඉන්නේ බන්ධනාගාරයේ.. ගැබිනි මව හා බිළිඳු ජීවිතය බේරාගැනීමට ගිලන් රථය පැදවීම නිසා චෝදනාවට ලක්වූ අනුරාධපුර රාජාංගනය යාය 11 රෝහලේ වෛද්‍යවරයා නිදහස් කර ගැනීමට මනුසත්කමින් ඉදිරිපත් වෙමු” යනුවෙන් Manjula Pradeep Samarathne නම් තැනැත්තෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

2020 වර්ෂයේ පළමු වරට පළකර තිබු මෙම සටහන මේ වන විට 56,000 කට අධික ප්‍රමාණයක් අතර හුවමාරු වී තිබු අතර හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව හිමිවීමත් සමග මෙවැනි සටහන් සඳහා මේ මේ දිනවල අවධානය ලැබී තිබු අතර එසේ හුවමාරු වූ සටහනක් මෙලෙසින්.

Archived Link

මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වී ඇති අයුරු පහතින්

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප ප්‍රථමයෙන්ම මෙම සිදු වීම සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී තහවුරු වුණේ මෙම සිදුවීම 2017 වර්ෂයේදී අනුරාධපුර රාජංගණය යාය 11 ප්‍රාදේශීය රෝහලට සම්බන්ධ සිදුවීමක් බවයි.

එම රෝහලේ දී අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ගැබිණි මවක් අනුරාධපුර රෝහලට මාරු කර යැවීමට එවකට එම රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරීයා ගිලන් රථය පැදවීම සඳහා රෝහලේ ගිලන් රථ රියදුරෙකු නොවන පුද්ගලයකු යොදා ගැනීම හේතුකොට කොට ගෙන මෙම ප්‍රශ්නය උද්ගත වී තිබුණා. එම සිදුවීම පිලිබඳ සම්පුර්ණ විස්තරය මෙසේය.

ගැබිනි මවක් තම සැමියා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී හදිසි අනතුරකට මුහුණ පා තිබෙනවා. මේ නිසා ඇද වැටුණු ගැබිනි මව අසාධ්‍ය තත්ත්වයෙන් පසු වී ඇති අතර රාජාංගනය යාය 11 ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරනවිටත් සති 36ක් ව ඇති ඇයගේ දරු ගැබ තුළ සිටි දරුවාගේ හෘද ස්පන්දනය ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙන බව ‍ඇය ව ‍පරීක්ෂා කළ වෛද්‍ය ගයාන් දිල්රුක් මහතා අවබෝධ කරගෙන තිබුණා. තත්ත්වය ක්‍රමයෙන් නරක අතට හැරෙන බව ‍තේරුම් ගත් වෛද්‍යවරයා රෝගියාව අනුරාධපුර ශික්ෂණ රෝහලට යොමු කළ යුතු බව තීරණය කර තිබෙනවා.

එහෙත් එදින රාජාංගනය යාය 11 ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථ රියැදුරා නිවාඩු ලබා තිබිණි. වෙනත් රෝහලකින් ද ගිලන් රථයක් කඩිනමින් ලබා ගැනීමේ අවස්ථාවක් නොලැබීම හේතුවෙන් ඇතිවී තිබු අර්බුදකාරී තත්ත්වය හමුවේ, වෛද්‍යවරයා උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට සිදුවීම වාචිකව ප්‍රකාශ කර තිබේ. එහිදී අදහස් දැක්වූ අධ්‍යක්ෂවරයා, වෛද්‍යවරයාට ප්‍රකාශ කර ඇත්තේ රෝගියාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර ගන්නා ලෙස ය. ඒ අනුව ක්‍රියාත්මක වූ වෛද්‍ය ගයාන් දිල්රුක් මහතා වෙනත් රියදුරෙකු යොදවා‍ගෙන, පවුල් සෞඛ්‍ය සේවිකාවක්, ඇගේ සහායිකාව, රිය සහායක, සමඟින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ගැබිනි මව පිටත් කර යැවීමට කටයුතු කර තිබෙනවා.

මේ ක්‍රියාව හේතුවෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා ගිලන් රථ රියැදුරු සංගමයේ අනුශාසක, ඒ බව උතුරු මැද පළාත් විගණන ඒකකයට පැමිණිලි කර තිබෙනවා. ඒ ගිලන් රථය අවභාවිතා කිරීමේ චෝදනාව මතයි. පළාත් විගණන ඒකකය ද වෛද්‍යවරයාගෙන් මේ පිලිබඳ ප්‍රශ්න කර ඇති බවට පුවත් වාර්තාවල දැක්වුණේ මෙලෙසින්.

එම සිදුවීම සම්බන්ධයෙන් වෛද්‍ය ගයාන් දිල්රුක් මහතා, එවකට උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය W.M. පාලිත බණ්ඩාර මහතා සහ උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා ගිලන් රථ රියැදුරු සංගමයේ ලේකම් අමරා නන්ද වඩුගේ යන අය දැක්වූ අදහස් මෙතනින්.

https://www.facebook.com/119154468144820/videos/1704435616283356

මෙම සිදුවීමෙන් පසු ප්‍රතිකාර ලබාගත් එම ගැබිනි මව හා පියා වෛද්‍ය ගයාන් දිල්රූක් මහතාට සිය ස්තූතිය 2017 වසරේ දී පුද කර තිබුණේ මෙලෙසින්.

කෙසේවෙතත් වෛද්‍ය ගයාන් දිල්රුක් මහතා ඉහත සිද්ධි සම්බන්ධයෙන් සිර භාරයට ගැනීමක් පිලිබඳව අපට කිසිදු පුවත් වාර්තාවක් දැක ගන්නට ලැබුනේ නැහැ.

එමෙන්ම මෙසේ දිගින් දිගටම වෛද්‍යවරයා බන්ධනාගාරගත කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් හමුවේ ඒවා අසත්‍ය බවට පළ වූ සටහනක් මෙතනින්

කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අප වෛද්‍ය ගයාන් දිල්රුක් මහතා සම්බන්ධ කර ගත්තා. එහිදී වෛද්‍යවරයා පැවසුවේ පළාත් විගණන ඒකකය මේ සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රශ්න කිරීම හැර වෙනත් කටයුත්තක් සිදු නොවුණු බවයි. බන්ධනාගාරගත කළා යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද අපට වෛද්‍ය ගයාන් දිල්රුක් මහතා සඳහන් කළා. තව ද 2018 වර්ෂයේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශෛල්‍ය වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන අතර එහි ජ්‍යෙෂ්ඨ ආයතන භාර නිලධාරිවරයාද වන බව අප සමඟ පවසා සිටියා.

මේ සම්බන්ධව අප එම ඉහත සිදුවීමේ සිදුවූ අවධියේ මෙන්ම මේ දක්වා ද උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා ව දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තා. ඉහත තොරතුරු තහවුරු කරමින් එතුමා ද පවසා සිටියේ දරුවාගේ සහ මවගේ ජීවිතය බේරා ගැනීමට පරම අභිප්‍රාය වූ අතර තමාගේ අනුදැනුම මත වෛද්‍ය ගයාන් දිල්රුක් මහතා ක්‍රියාත්මක වූ අතර එය ඉතා සාර්ථක මෙහෙයුමක් වූ බවයි. විගණන අංශයෙන් මේ පිලිබඳ තමාගෙන් විමසීමේ දී කරුණු පැහැදිලි කිරීමේ දී ඔවුන් ද එම හදිසි තත්වය යටතේ ක්‍රියාත්මක වීමට සිදුවීම අවබෝධ කරගත් බවත් පවසා සිටියා.

2021 මාර්තු මාසයේ දී ගයාන් දිල්රුක් මහතා දේශමාන්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබූ අවාස්ථාවක් අපට මෙසේ දැක ගන්නට ලැබුණා.

Conclusion (අවසාන නිගමනය):

ඒ අනුව අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ ගැබිනි මව හා බිළිඳු ජීවිතයක් බේරාගැනීමට ගිලන් රථය පැදවීම සඳහා ගිලන් රථ රියදුරෙකු නොවන පුද්ගලයෙකු යොදා ගැනීම මත රාජාංගණයේ යාය 11 රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරී බන්ධනාගාරගත කළ බවට සමාජ ඔස්සේ පළ වන සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.

2017 වර්ෂයේ මවගේ මෙන්ම බිලින්දාගේ ද ජීවිත රැක ගැනීමට ක්ෂණිකව ක්‍රියාත්මක වූ වෛද්‍ය ගයාන් දිල්රුක් මහතාගේ ක්‍රියා කලාපය බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබුණා. ගිලන් රථ රියදුරෙකු නොවන පුද්ගලයකු යොදා ගැනීම ගැන ගිලන් රථ රියැදුරු සංගමය විසින් සිදුකළ පැමිණිල්ලක් මත මේ සම්බන්ධයෙන් විගණන අංශයෙන් ප්‍රශ්න කිරීමක් පමණක් සිදුවී තිබේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:FACT CHECK: ගැබිනි මව හා බිළිඳු ජීවිතය බේරාගැනීමට ගිලන් රථය පැදවූ රාජාංගණය රෝහලේ වෛද්‍යවරයා තවමත් බන්ධනාගාරයේ ද?

Fact Check By: Sara Gunaratne

Result: False

Tags:    

Similar News