FACT CHECK : ලොව ජීවත්වන විශාලතම ඉබ්බා ඇමසන් ගංගාවෙන් හමුවූවාද?

Update: 2021-07-17 11:34 GMT

සත්ත්ව ලෝකයේ අරුම පුදුම කරුණු පිළිබඳ නිරන්තරයෙන් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් සඳහා බොහෝ පාඨක ප්‍රතිචාර හිමිවෙන අවස්ථා දැක ගන්නට පුළුවන්. මේ ආකාරයෙන් ඇමසන් නදියෙන් සොයා ගැණුනු ලොව විශාලතම ඉබ්බෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වුණා. මෙහි නිරවද්‍ය සොයා අප කළ කරුණු විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ලොව ජීවත්වන විශාලතම ඉබ්බා පිළිබඳව පුවතක් සොබාදහමට ඇලුම් කරන්නෝ - Nature Lovers නම් ෆේස්බුක් සමූහයක පළ කර තිබෙනු දකින්නට ලැබුනා. Dhammi Mendis නම් අයෙකු විසින් පළ කර තිබූ එම ෆේස්බුක් සටහනේ මෙම විශාල ඉබ්බා ‍රැගෙන යන ආකාරය ඡායාරූපයකින් පෙන්වා තිබුනා. එම සටහනට අනුව වයස අවුරුදු 529 ක් වන ලොව විශාලතම මෙම ඉබ්බාගේ බර රාත්තල් 800ක් වන අතර ඇමේසන් ගංගාවෙන් මෙම ඉබ්බාව සොයා ගෙන ඇතැයි සඳහන් ව තිබුනා.

Facebook | Archived

මෙම සටහන් මීට පෙර ද වසර ගණනාවක සිට හුවමාරු වී තිබු අතර එසේ 2017 වසරේ පළවූ පහත සටහන මේ වන විට දෙදහසකට අධික පිරිසක් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්.

Facebook | Archived

මෙම ඡායාරූපය සහිත සටහන හුවමාරු කරගෙන තිබු ඇතැම් පිරිස් මෙය වැරදි පුවතක් බවට කරුණු දක්වා තිබු අතර බැලු බැල්මට ද සත්‍ය සිදුවීමක් නොවන ආකාරයක් දිස්වුණ ද එම ඡායාරුපයේ පසුබිම් විස්තර සොයා බැලීමට අප තීරණය කර සිටියා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

National Geography වෙබ් අඩවියට අනුව සාමාන්‍යයෙන් දැනට ලොව ජීවත්වන ඉබ්බන්ගේ ආයු කාලය වසර 100ක් පමණ වනවා.

nationalgeographic.com | Archived

කෙසේනමුත් මීට වඩා ආයු වළඳන යෝධ ඉබ්බන් සිටින අතර මේ පිළිබඳ අප පසුගිය මාසයේ ද කරුණු අනාවරණයක් සිදුකළ අතර එහිදී පෙන්වා දුන්නේ දැනට ලොව වයස්ගතම ගොඩබිම වෙසෙන සත්ත්වයා ලෙස හඳුනාගෙන තිබෙන ජොනතන් නම් ඉබ්බාට මේ වසරේ දී වයස අවුරුදු 189ක් වන බවයි.

Also Read: ලෝකයේ ජීවත්වන වයස්ගතම ඉබ්බාගේ ඡායාරූපයක් ද?

මේ අනුව වසර 500ක් ජීවත්වන ඉබ්බෙකු පිළිබඳ පුවත ව්‍යාජ කරුණක් බව පෙනී යනවා.

අප මීලඟට මෙම ඡායාරූපය ගූගල් හි රිවස් ඉමේජ් සෙවුම භාවිතා කරමින් මීට පෙර පළව ඇති දැයි පරීක්ශා කර බැලූ අතර එහිදී අපට දැනගත හැකි වූයේ මෙය ජපන් චිත්‍රපටයක් සඳහා භාවිත කරන ලද රූපරාමුවක කොටසක් බවයි.

Gamera the Brave නමින් 2006 වසරේ තිරගත වුන චිත්‍රපටයක් සඳහා යොදාගත් කෘතිමව නිර්මාණය කරන ලද ඉබ්බෙකුගේ අනුරුව සහිත ඡායාරූපයක් මෙලෙස සමාජ මාධ්‍ය සටහන් තුළ සත්‍ය ඉබ්බෙකු ලෙසට දක්වා තිබුණා. මෙම ඉබ්බාගේ ඉරියව් දැක්වීමට පුද්ගලයෙකු යොදා ගෙන තිබුණේ මෙලෙසින්.(31.34 වන විනාඩියේ සිට)

මෙම චිත්‍රපටයට අනුව කුඩා ධීවර ගම්මානයක ළමයෙක් බිත්තරයක් සොයා ගනී. එයින් පැමිණෙන්නේ අනෙක් සමාන්‍ය ප්‍රමාණයේ ඉබ්බෙකු නොවේ. එම යෝධ ඉබ්බ ගැමෙරා නමින් හඳුන්වනු ලබන අතර විශාල බලයක් සහිත සතෙකු ලෙස මෙම ඉබ්බා වර්ධනය වේ. මෙම ගැමෙරා නමින් හැඳින්වෙන ඉබ්බා ඔවුන්ගේ ගමට එන තර්ජන වලින් ගම මුදාගන්නා අයුර මෙම චිත්‍රපටයේ කතාවයි.

මෙම චිත්‍රපටයේ ඉබ්බා සිටින දර්ශනයක කොටසක් මෙතනින්

2006 වසරේ ජපන් සංවාදාත්මක වෙබ් අඩවියක ද මෙම ඉබ්බා ප්‍රවාහනය කර තිබු අයුරු මෙසේ දක්වා තිබුණා

Billschannel නම් යූටූබ් නාලිකාවකද මේ ඡායාරූපයේ දැක්වෙන්නේ ලෝකයේ විශාලතම ඉබ්බා නොවන බවත් එය ජපන් චිත්‍රපටයක් බවට කරුණු අනාවරණය කර තිබුණේ මෙලෙසින්.

වැරදි පුවත් පිළිබඳව කරුණු විමර්ශනය කරන Snopes වෙබ් අඩවියද මෙම ඡායාරූපය ජපන් චිත්‍රපටය සඳහා යොදා ගත් ඉබ්බෙකු බවට ඉංග්‍රීසි බසින් තොරතුරු වාර්තා කර තිබුණේ මෙලෙසින්.

Archived

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු අනුව පෙන්වා දිය හැක්කේ, ලොව විශාලතම ඉබ්බා ඇමේසන් නදියෙන් සොයාගත් බවට හුවමාරු වන ඡායාරූපය කෘතිමව නිර්මාණය කරන ලද ඉබ්බෙකු බවයි. එම ඡායාරූපය ජපන් චිත්‍රපටයක් සඳහා භාවිතා කරන ලද ඉබ්බෙකුගේ අනුරුවක් බවට අපට සහතික කළ හැකියි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ලොව ජීවත්වන විශාලතම ඉබ්බා ඇමසන් ගංගාවෙන් හමුවූවාද?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News