FACT CHECK: මහින්ද ජයසිංහගේ බිරිඳටත් ඩෙල්ටා ප්‍රභේදය වැළදෙයි ?

Update: 2021-07-29 11:10 GMT

ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් දිවයින පුරා ගුරු උද්ඝෝෂණ පසුගිය කාලය පුරාවටම දැකගනන්ට ලැබුණා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය සමාජය තුළ සීඝ්‍ර ව්‍යාප්තියට මෙම එක්රැස් වීම් බලපාන බවට සමාජයේ ඇතැමුන් චෝදනා කර තිබෙනු ද දැක ගන්නට ලැබුණා.

මේ අතර මෙම උද්ඝෝෂණ මෙහෙවයන පුද්ගලයින් ඉලක්ක කරගනිමින් විවිධ අසත්‍ය ප්‍රචාර දියත් කර තිබු අයුරු ද පෙනී යනවා. මෙම උද්ඝෝෂණ මෙහෙයවන පිරිස අතර සිටින ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ බිරිඳට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වැළඳී ඇති බවට පළ වන සටහක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කරණු විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ඉරා අඳුරු පට නම් ෆේස්බුක් පිටුවක සඳහන් කර තිබුණේ, මහින්ද ජයසිංහගේ බිරිඳටත් ඩෙල්ටා ප්‍රභේදය වැළඳෙයි. අරගලය සාර්ථකයි සහෝදරවරුනි යනුවෙනි.

Facebook | Archived Link

මේ ආකාරයේ තේමා යටතේ සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ම හුවමාරු වී තිබු අයුරු ද අපට දැක ගන්නට ලැබුණා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් මේ දිනවල රට පුරා පැවැත්වෙන ගුරු විරෝධතා හමුවේ කොරෝන රෝග‍යේ ව්‍යාප්තියට අතවැනීමක් මෙමගින් සිදුවන බවට ඇතැම් පාර්ශව විසින් චෝදනා එල්ල වුණා.

එමෙන්ම විරෝධතාවන්ට සහභාගී වූ අයට කොවිඩ් වැළඳී ඇති බවටද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහන් සංසරණය වූ අතර ඉහත දැක්වෙන ආකාරයේ මහින්ද සමරසිංහ මහතාට හෝ ඔහුගේ බිරිඳට කොවිඩ් ආසාදිත බවට පුවත් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර නොතිබුණු බවට අපගේ නිරීක්ෂණයේදී දැකගන්නට ලැබුණා.

මේ අතර ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ බිරිඳට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වැළඳී ඇති බවට පළ වී තිබු සටහන් සම්බන්ධයෙන් විමසීමට අප මහින්ද ජයසිංහ මහතා පදිංචි ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පරීක්ෂවරයා සම්බන්ධ කර ගත්තා.

ඒ මහතා මහින්ද ජයසිංහ මහතාගේ ලිපිනය පරීක්ෂා කරමින් පැවසුවේ එම පුවතේ සත්‍යතාවක් නොමැති බවයි. මේ ආකාරයේ කොවිඩ් රෝගියෙකු එම ලිපිනයෙන් හඳුනාගෙන ඇත්නම් එම නිවස මේ වන විටත් නිරෝධායන වන නිවසක් බවට නම් කළ යුතු අතර නිරෝධාන වන නිවෙස් සහ පිරිස් සම්බන්ධයෙන් ඇති ලේඛනයේද මහින්ද ජයසිංහ මහතාගේ බිරිඳ හෝ නිවැසියන් සම්බන්ධයෙන් හෝ වාර්තා නොවී ඇති බව ද තහවුරු කරනු ලැබුවා.

අප ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසා සිටි අතර ඒ මහතා සඳහන් කළේ, මෙම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. කොවිඩ් රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන අතර PCR පරීක්ෂණය පොසිටිව් වී ඇත් නම් මේ වන විටත් නිරෝධායන වන බවත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශද දැනුවත් බවත් ඔහු සඳහන් කළා. ගුරු විරෝධතා වැළැක්වීමේ අරමුණින් මෙලෙස අසත්‍ය ප්‍රචාරය කරන බවයි ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේ. පවුලේ සියලු දෙනා මේ වන විට මනා සෞඛ්‍ය තත්වයෙන් සිටින බවත් අවධාරණය කර සිටියා.

එසේම පසුගිය දින කිහිපයේ දී ද මහින්ද සමරසිංහ මහතා මේ හා සම්බන්ධ සාකච්ඡා සඳහා සහභාගී වී තිබු අයුරු දැක ගන්නට ලැබුණා. එම අවස්ථා කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

කෙසේවෙතත් ඩෙල්ටා ප්‍රභේදය රට පුරා පැතිර යාමේ අවදානමක් පවතින අවස්ථාවේ නිරෝධාන සෞඛ්‍ය නීති උල්ලංඝණය වන ආකාරයට උද්ඝෝෂණයක් සිදු කර අයුතු ලෙස ජනයා ඒකරාශී කිරිමෙන් ජනජීවිතය අවධානමකට ලක්කළ බව කියමින් ලංකා ගුරු සේවා සංගමයට සහ එරෙහිව යුක්තිය උදෙසා ජනතාව සංවිධානයේ සභාපති ඩිල්ශාන් ගමගේ මහතා විසින් කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එම පුවත මෙතනින්.

සැ.යු. මෙම කරුණු විමර්ශන සිදුකර තිබෙන්නේ මෙතෙක් (ජූලි 29) කිසිඳු කොවිඩ් රෝග ලක්ෂණ මහින්ද සමරසිංහ මහතාගේ බිරිඳ හෝ පවුලේ කිසිවෙකු තුළින් වාර්තා වී නොතීබීම පිළිබඳ ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් සිදුකළ තහවුරු කිරීම මතයි. ඉදිරියේ දී ද මේ පිළිබඳ එම සෞඛ්‍ය අංශ මගින් විමසා එබඳු රෝගියෙකු වාර්තා වුවහොත් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු. කොවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වමින් එම නිවසේ කිසිවෙකුට හෝ රෝගය ආසාදිත ද යන්න තහවුරු කළ හැකි කරුණක් නොවේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහගේ බිරිඳට කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය ඇති බවට පළ වන පුවත් නොමග යවන සුළු බවයි.

මහින්ද ජයසිංහ මහතාගේ නිවසේ වෙසෙන කිසිදු අයෙකුට කොවිඩ් ආසාදනය වීමක් පිලිබඳ මෙතෙක් (ජුලි 29) වාර්තා වී නොමැති බැවින් මෙතෙක් එම නිවස නිරෝධායනය කරන ලද නිවසක් ලෙස නම් කර නොමැති බව ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂකවරයා තහවුරු කර සිටියි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මහින්ද ජයසිංහගේ බිරිඳටත් ඩෙල්ටා ප්‍රභේදය වැළදෙයි ?

Fact Check By: Sara Gunaratne

Result: Misleading

Tags:    

Similar News